රොමේෂ් මධුෂංඛ
මුලතිව් පුදුකුඩිඉරිප්පු මහා විද්‍යාලය ආසන්නයේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ කොඩියට සමාන කොඩියක් කිසියම් පිරිසක් විසින් අද (27) අලුයම රහසිගතව ඔසවා ඇති බවට මුලතිව් ආරක්ෂක අංශ පැවසීය.
පුදුකුඩිඉරිප්පු මහාවිද්‍යාලයට ආසන්නයේ පිහිටි මන්සන්ධියේ ඇති විදුලි කණුවක අදාළ කොටි සංවිධානයේ ධජයට සමාන වූ රතු පැහැති කොඩියක් එලෙස ඔසවා තිබියදී ප්‍රදේශවාසීන් දැක ඒ බව පුදුකුඩිඉරිප්පු පොලීසිය වෙතට දැනුවත් කර ඇත.
අදට යෙදී ඇති මහවිරු දිනය නිමිත්තෙන් කොටි හිතවාදීන් පිරිසක් විසින් රහසිගතව කලුවරේම එල්.ටී.ටී.ඊ කොඩියට සමාන කොඩියක් ඔසවන්නට ඇති බව මුලතිව් ආරක්ෂක අංශ පැවසූහ.
පසුගිය දා යාපනය මහේස්ත්‍රාත් එස්. සදීස්කරන් මහතා විසින් එල්.ටී.ටී.ඊ කොඩිය හෝ කිසිදු ලංඡනයක් මහවිරු සැමරුමට ප්‍රදර්ශනය කිරීම තහනම් කරමින් තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබීය.
කෙසේ වෙතත් අදාළ කොටි ධජයට සමාන වූ ධජය එසවූ පුද්ගලයින් කව්රුන්ද යන්න මෙතෙක් හෙළි වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණයක් අරඹා ඇති බවට ප්‍රදේශය ඉතා සාමකාමීව පවතින බවට පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.


2025 දෙසැම්බර් මස 16
58
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
853
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
612
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අධිකරණයෙන් තහනම් වූ කොටි කොඩියක් හොරෙන්ම ඔසවයි
LANKA Tuesday, 27 November 2018 10:24 AM
දැක්කේ නැහැ වගේ ඉන්න ඕනේ....
Bandula. Wednesday, 28 November 2018 09:04 AM
මේවා දකින්න කොහොමද? රටේ පාලනය අද බල්ලට ගිහින් නේද? කට්ටිය දෙන්නම් කියලා පොරොන්දු වෙන්නේ මේවා වෙන්න ඇති!