බිමල් ෂ්‍යාමන් ජයසිංහ

රන් භාණ්ඩ සහ  හොරෙයින්  මත්කුඩු ළඟ තබාගැනීම සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිස් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු පානදුර අධිකරණය වෙත රැගෙන යමින්  සිටියදී අධිකරණය ආසන්නයේ අතුරු මාර්ගයකදී අත් මාංචු සමග  පලාගොස් ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි.

පොලිස් කොස්තාපල්වරයෙකු සහ සිවිල් ආරක්ෂක නිලධාරිනියකගේ ආරක්ෂාව යටතේ මොවුන් දෙදෙනා රැගෙන යමින් සිටියදී මෙලෙස පලාගොස් ඇත.