IMG-LOGO

අධිකරණයට අපහාස කළේ යයි ඥානසාර හිමිට එරෙහි නඩුව කල් යයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )​

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 16 වැනිදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය  අද  (13) තීන්දු කළේය.
 
අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන් ගෙන්  සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පැමිණිල්ල කැදවූ අතර පෙත්සම එදිනට කල් තැබීමට විනිසුරු මඩුල්ල නියම කළේය.
 
අපවත් වූ මුලතිව් ගුරුකන්ද විහාරාධිපති හිමියන් ගේ ආදාහන කටයුතු අධිකරණ නියෝගයක් උල්ලංඝනය කරමින් සිදු කිරීම තුළින් බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇතුළු පිරිසක් විසින්  අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කරමින් කරමින්ම දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන ශාන්තිනී ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය විසින් මෙම පැමිණිල්ල ගොනු කරන ලදී.
 
බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි, මුලතිව් මූලස්ථාන පොලිස් පරීක්ෂක සහ මුලතිව් ජ්‍යෙෂ්ඨ පොලිස්  අධිකාරීවරයා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් වශයෙන් නම් කරනු ලැබ සිටිති

 



අදහස් (1)

අධිකරණයට අපහාස කළේ යයි ඥානසාර හිමිට එරෙහි නඩුව කල් යයි

banda Wednesday, 13 May 2020 07:25 PM

අධිකරණ නීතිය කඩන උදවියට උපරිම දඩුවම් දෙන්න ඕන.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 65 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 277 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site