(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
නීතීඥවරියක් සම්බන්ධයෙන් ව්‍යාජ පැමිණිල්ලක් ශ්‍රේෂ්ඨාධිකරණයට සිදු කොට, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කළ කාන්තාවකට රුපියල් ලක්ෂ 3ක දඩ මුදලක් ගෙවන ලෙසට නියෝග කළේය.
ඊට අමතරව ඇයට වසර 5කට අත්හිටවූ බරපතල වැඩ සහිත වසර දෙකක සිර දඩුවමක් ද නියම කෙරිණි.
නීතීඥවරියගෙන් ලිඛිතව සමාව ඉල්ලන ලෙස තවදුරටත් අදාළ කාන්තාවට නියෝග කෙරිණි.
බුවනෙක අළුවිහාරේ , ප්‍රීතී පද්මන් සූරසේන සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කරන ලදී.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.