(ඩයනා උදයංගනී)

මධ්‍යම, ඌව, උතුරුමැද, සබරගමුව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව්, වව්නියා, ගාල්ල ස මාතර දිස්ත්‍රික්කවලත් අද (27) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශයන්හි උදෑසන කාලයේත් වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි

සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇතිවන එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු අනතුරුද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියා කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි.