(ඩයනා උදයංගනී) 

මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට අද (22) මිලිමීටර 75ක පමණ තරමක තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස 1.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ද එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ඇතිවිය හැකි බව ද හෙතෙම පැවසීය.

මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ උතුරුමැද පළාත්වල මීදුම් සහිත තත්වයක් පවතින බව ද ඔහු කීවේය.