(ඩයනා උදයංගනී, සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
පාර්ලිමේන්තුවේ දී අද (23) පැවති ඡන්ද විමසීම තේරීම් කාරක සභා පිළිබඳ එකක් මිස රනිල් වික්‍රමසිංහ මහතාගේ බලය පෙන්වීමේ එකක් නොවන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
පාර්ලිමේන්තුව තුළ නීති විරෝධී යෝජනා දහසක් සම්මත කළත් අගමැතිවරයා හා ඇමති මණ්ඩලය පත්කිරීමේ තීන්දුව ගත යුත්තේ ජනාධිපතිවරයා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
පාර්ලිමේන්තුව තුළ රනිල් වික්‍රමසිංහ මහතාට වඩා වැඩි බලයක් ආණ්ඩු පක්ෂයට තිබෙන බවද ඇමතිවරයා කීවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී අද (23) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
COMMENTS
අනේ ගිහින් නිදා ගන්නවා.
අපේ ආච්චි කියනවා දැන් තියෙන්නේ එයාගේ බලය කියලා.
තද නින්දෙන් නැගිටලා වගේ.. එකපාරටම ඡන්දෙන්... නැත්තම් මොකෙන්ද බහුතරය තීරණය වන්නේ?
මෝඩ චූන්.. කඳට ගැලපෙන මොලයක් තිබුණා නම්.. සිරා නේද..?
අනේ, ගොන්නුන්ට කොහොම මොළේ දෙන්නද? උන් දන්නේ දෙන දෙයක් කාලා, කරත්තේ ඇදගෙන යන එක විතරයි.
මේ වැඩෙන් වෙන්නේ දවසින් දවස පොහොට්ටුවේ ඡන්ද අඩුවෙන එක විතරයි.
ඉතින් බහුතරය ඔයාලා පෙන්නන්නකෝ. බහුතරය නැතුව කොහොමද ආණ්ඩුවේ පනත් සම්මත කරගන්නේ ? අයවැයක්වත් පාස් කරගන්න බෑනේ.
මොවුන් මේ කියන ඒවාද මුළු ලෝකයේම මිනිසුන් පියවි ඇසින් දකින්නේ ? වීරයෝ වගේ ඇතුලට එනවා පේනවා ඡන්දය විමසනකොට පැනලා දුවනවා පේනවා .
ඔය මිනිස්සු ගෙදර යන කාලෙ හරි .
කොහොමත් රනිල් ටත් 113 නෑ
ඔය කියන බහුතරේට එන එකත් බාලගිරිය අද නොවේ හෙට නේද?
ජනතා කැමැත්ත දැනගන්න මහජන ඡන්දෙකට යන්න.
අපිට ඔය බහු බූත වැඩක් නෑ. රටේ නායකයා ප්‍රජාතන්ත්‍රවාදී විය යුතුයි.