IMG-LOGO

අද්මිරාල් විජේගුණරත්න හෙට විශ්‍රාම යයි

(ඉන්දිකා රාමනායක)
 
ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි  අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා  වසර 39ක සේවා කාලයක් සපුරා  හෙට (31) විශ‍්‍රාම යාමට නියමිතව ඇත.

ති‍්‍රවිධ හමුදාවේ  දීර්ඝතම සේවා කාලයක් හිමි සහ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වශයෙන්  අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ඉතිහාසගත වේ.

1980 නොවැම්බර් මස 01 වන දින 09 වන බඳවා ගැනීමට අයත් ශිෂ්‍ය භට නිලධාරියෙකු ලෙස නාවික හමුදාවට එක්ව ඇති ඒ මහතා  ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයේදී සාර්ථකව මූලික පුහුණුව නිම කර තිබේ. 1982 වසරේදී එම පාඨමාලාව දක්ෂතම  මාධ්‍ය නිලධාරියාට හිමි සම්මානයෙන් ද පිදුම් ලබා එක්සත් රාජධානියේ ඩාර්ත්මත්හි පිහිටි කීර්තිමත් බ්‍රිතාන්‍ය  රාජකීය නාවික විද්‍යාලයට ඇතුළත්වූයේය.

2015 ජූලි මස 11  සිට 2017 අගෝස්තු මස 22 දින දක්වා නාවික හමුදාපතිවරයා වශයෙන් කටයුතු කළ ඒ මහතා  2017 අගෝස්තු මස 22 වන දින සිට මේ දක්වා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස රාජකාරි කරමින් සිටී.

නාවික හමුදාවේ  විශේෂ යාත‍්‍ර බලඝනය හා මැරීන්  බලඝනය   පිහිටුවීමේ නිර්මාතෘ වන්නේද අද්මිරාල් විජේගුණරත්න මහතා ය. 

ඔහු ග්‍රන්ථ දෙකක් ද රචනා කර ඇති අතර, නායකත්වය පිළිබඳව වූ  ‘විජේගුණරත්න සංදේශ’ සහ  ‘පේලි අතරින් කියවන්න’නවකතාව එම ග‍්‍රන්ථ දෙක වේ.



අදහස් (6)

අද්මිරාල් විජේගුණරත්න හෙට විශ්‍රාම යයි

Ajantha Monday, 30 December 2019 01:25 PM

විශ්‍රාම දිවියට සුබපැතුම් සර්...!!! ඔබ යුද්ධය වෙනුවෙන් දැඩි කැපවීමක් කළ නිර්භීත රණවිරුවෙක්... ඔබට ජය...!!! 

:       139       573

සමන්ත Monday, 30 December 2019 01:43 PM

කාටද මන්දා පහරදුන්නා නේද?

:       444       617

shanthaMonday, 30 December 2019 07:35 PM

කතරගමදී ගුටිත් කෑවා. දුවන්න ගැහුවේ කොල්ලෝ, කෙල්ලෙක්ට මොකක්ද කියලා.

:       0       85

DUMINDA Monday, 30 December 2019 01:51 PM

ලක්මවට ණය නැති මිනිසෙක්...

:       80       184

saki Monday, 30 December 2019 04:30 PM

තොලින්ජිවෙලා යන්න..

:       0       0

C.K.Lankaputhra. Tuesday, 31 December 2019 02:13 AM

අනිිිිද්දා........තනතුරට.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 68 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 277 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 128 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site