IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අත් ට්‍රැක්ටරයෙන් මරුවා එයි

( කාංචන කුමාර ආරියදාස)

ගලේවෙල මිවලපතහා ගල්වල්වැටියාගම ප්‍රදේශයේ ගොවියෙකු   තමන් සීසාමින් සිටි අත් ට්‍රැක්ටරයෙන් ඇදවැටී ඊට යටවිමෙන්  මියගොස් ඇතැයි ගලේවෙල පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ ගලේවෙල මීවලපතහා ගල්වටියාගම  පදිංචි ආර් .ඩී ශියානන්ද (48) හැවිරිදි දෙදරු පියෙකි.

මහා පරිමාණෙන් එළවළු සහ වී වගාව සිදු කරන මෙම ගොවි මහතා ඊයේ (11) පස්වරුවේ තම නිවස පිටුපස ඇති කුඹුරේ  වි වගාව සඳහා දෙවැනි හීයසෑම සඳහා නිවසින් ටැක්ටර් රථය  ද සමග පිටත් වූ බව බිරිඳ  කියයි.

විනාඩි කිහිපයක් ගතවනවාත් සමග  ප්‍රදේශ්යේ තරුණයන් දෙදෙනකු පැමිණ තම සැමියා කුඹුරේ වැටී සිටින බව දැනුම් දුන් බව ද ඇය පැවසුවාය.

සි පෑන්  වර්ගයේ අත් ටැක්ටරය කුඹුරේ පළමු ලියැද්දට යොදවන වත් සමඟ ආසන්නයේ තිබුණු මුරුංගා  ගහක  මුලක  මඩ රෝද  පැටලී  ඉවතට වැටුණු ගොවියා එම්  නගුල් තල වලට යටවී මීටර් කිහිපයක් ඇදගෙනගොස්  ඇතැයි ද , ටැක්ටර්ය රියැදුරු නොමැතිව මීටර් 200 ක් පමණ වෙනත් වගාවන් හරහා ධාවනය වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

 එසේ ටැක්ටර් රථය ධාවනය වෙමින් දුටු අවට  පදිංචිකරුවන් වහා දිව විත් ඇත්තේ  රියදුරෙකු නොමැතිව ඇක්ටරයක්  කුඹුරු මැද ධාවනය වන දර්ශනය දැකීම්ත් සමඟ බව ඇසින් දුටුවෝ පවසති.

පසුව එම කණ්ඩායම වහා ක්‍රියාත්මක වී ධාවනය වෙමින් තිබූ ටැක්ටර් රථය නවතා ටැක්ටරය පැමිණි මාර්ගය දිගේ මීටර් දෙසීයක් ආපස්සට ගමන් කිරීමේ දී මෙම ගොවි මහතා වැටී සිටිනු දැක නිවසට දැනුම් දී දඹුල්ල මූලික රෝහලට වහා අරැගෙන ගිය බවත් ඔවුහු පවසති.

රෝහලට රැගෙන යන විටත් මෙම ගොවියා මිය ගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මියගිය ගොවි මහතාගේ  පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද (12)  දඹුල්ල රෝහලේ දී පැවැත්වීමට නියමිත අතර ගලේවෙල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

 

 

 



අදහස් (1)

අත් ට්‍රැක්ටරයෙන් මරුවා එයි

සෝම Sunday, 12 December 2021 01:02 PM

හිතේ හයිය තිබුණාට අත් උදව්වට කෙනෙක් නැතුව තනියම මෙවැනි වැඩ සුදුසු නැත...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 145 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 764 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site