(ක.ග.කරුණාරත්න)
ඇලහැර,කිරිඔය ප‍්‍රදේශයේ පිහිටි නිවෙසක් පිටුපස අත්හැර දමා තිබූ මැණික් පතලකට ඇද වැටීමෙන් එකම පවුලේ කුඩා දැරියන් දෙදෙනෙකු අද (17) සවස මරුමුවට පත්වී ඇතැයි බකමූණ පොලීසිය කියයි.
පසුගිය දිනවල පැවැති වර්ෂාව නිසා ජලයෙන් පිරී තිබූ බව කියන එම පතල් වළට වැටී සිටි දැරියන් දෙදෙනා ගොඩට ගෙන රෝහල් ගතකර ඇතැත් ඒ වනවටත් මියගොස් සිටි බවද පොලීසිය සඳහන් කලේය.
අවුරුදු 05 සහ 07 යන වයස්වල පසුවන මේ දැරියන් දෙදෙනා අක්කා සහ නංගී බවද ඔවුන් මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී දිය පිරුණු වළට ඇද වැටෙන්නට ඇතැයි සැක කරන බවද විමර්ශන සිදු කරන පොලිස් නිලධාරීහු කියති.
මියගිය දරු දෙදෙනාගේ මරණ සම්බන්‍ධයෙන් හදිසි මරණ පරීක්‍ෂණ සහ පශ්චාත් මරණ පරීක්‍ෂණ හෙට(18) බකමූණ රෝහලේදී පැවැත්වීමට නියමිතය.
බකමූණ පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දරුවන්ගේ දෙමව්පියන් කොයිතරම් නොසැළකිලිමත්ද කුඩා දරු දෙදෙනෙක් සිටින නිවස අසල අනාරක්ෂිත වලක් තබා ගැනීමට තරම්....?
වල වහන්න බැරි නම්, වල වටේට වැටක් ගහන්න බැරි උනාද තාත්තට ? අපරාදේ පොඩිදරුවෝ. නොසැළකිලිමත්කම කාගේද?
පතල් සදහා බලපත්‍ර දීමේදී කොන්දේසියක් තියෙනවා පතල් වැසිය යුතු බවට... එහෙම තිබුනත් ඒ ගැන මැණික් අධිකාරියේ අවධානයක් සිදුවෙලා නැහැ කියන්න පුළුවනි. ඒ වගේම මැණිකක් ලැබුනාම ඒ පිරිසට උන්හිටි තැන් අමතක වෙනවා අපි දැකල තියෙනවා. මේවාට නිවෙස් හිමියාත් වගකිව යුතුය...
අනේ පව් රත්‍රන් දුපැටව් රටට අහිමිවීම. දරු දෙදෙනාට නිවන්සුව අත්වේවා !!! මෙම පතල අත්හැර දැමු එකක් වුවත් එය සදහා බලපත්‍ර ලබාගත් තිරිසනාට නීතිමය කටයුතු කල නොහැකිද ?