පාර්ලිමේන්තුවට අද (21) ඉදිරිපත් කරනු ලැබු අතුරු සම්මත ගිණුම වැඩි ඡන්දයෙන් සම්මත විය .
පක්ෂව ඡන්ද 102 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 06 ක් ලැබි තිබිණි.
දෙමළ ජාතික සන්ධානය අතුරු සම්මත ගිණුමට පක්ෂව ඡන්දය ලබා දුන් අතර ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂව ඡන්දය ලබා දුන්නේය.
ඡන්දය විමසන අවස්ථාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය සභාවේ සිටියේ නැත.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ බහුතරය 102 ?
ඔය තියෙන්නේ අායෙත් දෙපැත්ත සෙට් වෙලා වගේ.. මේ ඔක්කොම එකම තමයි...
ජ.වි.පෙ, එ.ජා.ප යේ සෑම අයවැයකටම, මෙවර අතුරු සම්මත ගිණුමට විරුද්ධව ඡන්දය දුන්නා. රනිල් මහතාට ගෙන අා විස්වාශ භංගයටද පක්ෂව ඡන්දය දුන්නා. හැබැයි මහින්ද මහතා මේ එකකටවත් එ.ජා.ප අාණ්ඩුවට විරුද්ධව ඡන්දය දීලා නෑ. එතකොට අැත්තටම කවුද රනිල් මහතාට උදව් කරන්නේ? ජනාධිපතිවරයා අගමැති ඉවත් කිරීමටත්, පත් කිරීමටත්, අාණ්ඩුව විසුරුවා හැරීමටත් විරුද්ධ වූවේ එය ව්‍යස්ථාවට පිටින් ගත් නීති විරෝධි දෙයක් නිසා. එම වැරදි පූර්වාදර්ශයට ඉඩ දුන්නා නම් ජනාධිපතිවරයාට පුළුවන් ඡන්දෙකින් අාණ්ඩුවක් පත් වී සතියෙන් විසුරුවන්න...
දෙපැත්තම පට්ට හොරු .
විරුද්ධ පක්ෂයක කාර්ය භාරය විය යුත්තේ ආණ්ඩුවේ හැම යෝජනාවකටම විරුද්ධවීම නොවේ.
ටී.එන්.ඒ එකේ සුමන්දිරන් කියල තිබුණ අතුරු සම්මත ගිණුමට සහාය දෙන්නේ ත්‍රස්තවාදය පිළිබඳ පණත සංශෝධනය කර හිරේ ඉන්න කොටි නිදහස්කරන්න රජය සහාය දුන්නොත් විතරයි කියල. මෛත්‍රීපාල මහතාගෙන් එම ඉල්ලීම කලත් එය ප්‍රතික්ෂේප වූ බවත් පවසා තිබුණා. දැන් රනිල් ඒකට කැමති වූ නිසාද දන්නෙ නෑ අතුරු සම්මත ගිණුමට උන් සහාය දීලා තියෙන්නේ.
මහින්ද හැමදාම කලේ මග ඇරීම ? දැන් තව ඩීල් එකක් හදනවා ඇති ආණ්ඩුවට එකතු වෙන්න?