IMG-LOGO

‘‘අතුරු අයවැය පරාජය වුනොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුයි‘‘

(සුජිත් හේවාජුලිගේ)

නව ආණ්ඩුව ලබන නොවැම්බර් 16 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතුරු අයවැය යම් ආකාරයකින් පරාජයට පත්වුවහොත් ඒ මෙහොතේම පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයකට යෑමට ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලතල ලැබී ඇතැයි අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වුවමනාවද පාර්ලිමේන්තුව විසුරුවාහැරීම යැයි කී රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මාස දෙකක් ඇතුළත මැතිවරණයක් පැවැත්විය යුතු බවද ප්‍රකාශ කළේය.

රාජපක්ෂ මහතා මේ බව පැවැසුවේ කොළඹ පදනම් ආයතනයේදී අද (30) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

ඡායාරූප - රෝමේෂ් ධනුෂ්ක සිල්වා

 



අදහස් (25)

‘‘අතුරු අයවැය පරාජය වුනොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුයි‘‘

බණ්ඩාර Tuesday, 30 October 2018 02:13 PM

සමාවෙන්න ඇමතිතුමා, මොන වගන්තිය යටතේද දන්නැහැ? වැරදි උපදෙස් දීලා අවුල් ඇති කරන්න එපා.

:       327       507

priyanthaTuesday, 30 October 2018 11:52 PM

බය කරලා කට්ටිය ගන්න බලනවා... ගියා නම් ඉන්න ඔයා දාපු ඩීල් අපි දන්නවා.

:       0       0

BamunuarachchiWednesday, 31 October 2018 06:02 AM

ඔයාට මේවා නොතේරුනාට ඕවා පාසල් සිසුන් පවා දන්නා සුළු දේවල්. අයවැය පරාද උනොත් ආණ්ඩුව විසුරුවනවා. අයවැය දිනුවොත් මහින්දට පාර්ලිමේන්තුවේ බලය තිබෙනවා. මේගොල්ලෝ ඉස්සෙලාම ඉදිරිපත් කොරන්නේ අයවැය පනතයි. කොහොමද ගහලා තිබෙන ගැටේ.

:       105       99

athuraWednesday, 31 October 2018 06:29 AM

බමුණු මහත්මයා ඔය කියන්නේ 18ට අනුවද 19ට අනුවද?

:       0       0

rasiWednesday, 31 October 2018 06:40 AM

බමුණු, පාර්ලිමේන්තුවේ කටයුතු සිද්ධ වෙන්නේ කතානායකතුමාගේ සහ පක්ෂ නායකවරුන්ගේ අභිමතය අනුව මත මිසක් ජනපතිගේ අභිමතය මත නොවේ. පාසල් සිසුන් නොව කවදාවත් පාසල් නොගිය ඔබ වැනි අයෙක් හැර අන් සියල්ලෝම ඒ බව දන්නවා...

:       0       0

samira Tuesday, 30 October 2018 02:55 PM

මග හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී

:       245       252

rasika Tuesday, 30 October 2018 04:48 PM

පාර්ලිමේන්තුව විසුරුවා හරින්න.. නව අගමැති කෙනෙක් පත් කරමු…

:       42       386

BamunuarachchiWednesday, 31 October 2018 12:59 AM

අනිවාර්යෙන්ම එක වෙනවා මෙන්න කැට. මේ සිද්දවෙන දේවල්වල අවසානය එතන.

:       0       0

Mf Tuesday, 30 October 2018 05:31 PM

එහෙම වෙනවනම් කොච්චර හොඳද? දේශපාලනය කරනවනම් කාට කාටත් හොඳ විනයගරුක ප්‍රතිපත්තියක් තියෙන්න ඕන. මේගොල්ලෝ කොහොම විශ්වාස කරන්නද?

:       221       464

Mahee Tuesday, 30 October 2018 07:02 PM

ඔව්, ඒක ප්‍රජාතන්ත්‍රවාදය තමයි. දැන් දැන් රට රටවල් බලපෑම් කරන එක නවත්වන්න නම් ඔය වගේ දෙයක් තමයි කල යුත්තේ. ඔක්කොම අනාගෙන ඉවර වුනහමනේ මොළේ පහල වෙන්නේ.

:       293       551

Amila Tuesday, 30 October 2018 08:50 PM

ප්‍රතිපත්තියක් නැතුව පනින විජේදාසලා සහ වඩිවෙල් ලා දේශපාලනයෙන් අතුගාලා දාන්න ඕනෑ. හරියට නිකන් පරණ වෘත්තියේ යෙදෙමින් කන්‍යාභාවය ගැන කතා කරනවා වගේ වැඩක් මේ දෙන්නා කරන්නේ...

:       0       0

ලුම්බිණි Tuesday, 30 October 2018 11:09 PM

ඇමතිතුමා පැති මාරු කරකර ගියපු විදියට මට මතක නැහැ ඔබතුමා ඉන්නේ මොන පැත්තේද කියලා...

:       0       0

dhamneth Wednesday, 31 October 2018 12:08 AM

පළමු වතාවට ඔයගොල්ලන්ගේ ආණ්ඩුවටම අවස්ථාව එනවා. ආණ්ඩුව ගෙනෙන අයවැයට විරුද්ධව ආණ්ඩුවම ඡන්දය දීලා පාර්ලිමේන්තුව විසුරුවන්න. විපක්ෂය ඡන්දය දීමෙන් වැලකී සිටියොත්...

:       0       0

Bamunuarachchi Wednesday, 31 October 2018 12:49 AM

ඔව් රාජපක්ෂ මහතා 16වෙනිදා මේ ගොල්ලෝ කෙලින්ම අතුරු අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මන්ත්‍රීකම රැකගන්නනම් හැමදෙනාම අයවැය අනුමත කරන්න ඕනේ... අයවැය දිනුවොත් මේ ගොල්ලන්ට පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන බව පෙනෙනවා.. අයවැය පරාජය කළොත් රජය විසුරවනවා. එතකොට මහජන ඡන්දයකට යායුතුයි. මහජන ඡන්දයේදී එජාපෙ අන්ත පරාජයක් ලබනවා. ඔය ටික තේරුම් ගන්න බැරුව මෙතන පිස්සු කෙලිනවා...

:       0       0

Lakmal Wednesday, 31 October 2018 12:57 AM

ඩීල් කාරයෝ.. දිට්ඨධම්මවේදනීය කර්මය පලදෙනවාමයි.

:       0       0

sarath Wednesday, 31 October 2018 01:53 AM

රනිල් ප්‍රජාතන්ත්‍රවිරෝධිව වැඩ කලේ නැහැ කියලා කාටවත් කියන්න බැහැ. පරාජය පෙනිපෙනී පළාත් සභා මැතිවරණ සියල්ල කල් දැමුවා.19වෙනි සංශෝධනය ඔහු විසින් ගෙන ආවේ ඔහුගේ බලපැවැත්ම උදෙසා කියලා ඕනෙම අයෙකුට තේරෙනවා. ඔහු ප්‍රජාතන්ත්‍රවාදී නම් මෙවැනි දේවල් කරන්නේ නැහැ. ඔහු බල ලෝභියෙක්.. හොඳ කොමිස් කාරයෙක්... කවුරු කීවත් නැතත් දන්නා අය දන්නවා.

:       0       0

Nimal Wednesday, 31 October 2018 02:50 AM

කෙසේ වෙතත් නරක පූර්වාදර්ෂයක් රටට ලබා දී ඇත්තේය. ව්‍යවස්ථාව කෙසේ වුවත් ලංකාව යනු සිරිත් විරිත් පිළිගනු ලබන රටකි. ඉදිරියේදී පත්වන ජනාධිපතිවරයෙකුට මේ ආකාරයෙන් ආසන 10 ක් ඇති පක්‍ෂයකටත් අගමැතිකම ලබා දී මෙසේ ආණ්ඩුවක් විසුරවා හැරිය හැකි අයුරින් කටයුතු කළ හැකිය. වැරැද්දට පක්‍ෂ පාට ජාත් බේදයක් නොමැත.

:       0       0

sadi Wednesday, 31 October 2018 02:57 AM

මේ පිනාචාර්යයා අර "පෙරලුනපිට හොඳයි කියන" ජාතියේ කෙනෙක්. ගැලපෙනම නම "ඩීල් දාස".

:       0       0

saliya Wednesday, 31 October 2018 03:15 AM

අණ්ඩපාලයෙක්නේ බුද්ධ ශාසනේ බාරගෙන තියෙන්නේ..

:       0       0

siril Wednesday, 31 October 2018 03:21 AM

ජනාධිපතිතුමනි, කරුණාකර පාර්ලිමේන්තුව විසුරුවා හරින්න..

:       0       0

Chanak Los angeles Wednesday, 31 October 2018 04:45 AM

රටේ පාලකයෝ ඔක්කොම කයිවාරු ගහනවා .. අන්න රුපියල තවත් මස්ත බාල්දුවෙලා යනවා .. ඊට විසඳුමක් හොයාගන්න දැනුම නැති මොවුන් ලබාගන්න වරප්‍රසාද ජාතික අපරාධයක් .

:       0       22

abdul samad Wednesday, 31 October 2018 05:19 AM

අතුරු අයවැය පරාජය වෙනවා කියන්නේ ඔබතුමන්ලට බහුතර නැහැ කියන එකනේ?

:       5       20

hemantha Wednesday, 31 October 2018 05:27 AM

දිනුවත් පැරදුනත් ඔය තුන්දෙනා දිනුම් බව අපි දන්නවා.

:       0       28

Gamini . Wednesday, 31 October 2018 05:33 AM

එජාප මන්ත්‍රීවරුන් ජනාධිපතිගේ මේ ක්‍රියාවට සහය නොදුන්නොත්, ඔවුන්ට සිදුවනවා මහා මැතිවරණයකට ඉදිරිපත්ව ජනතාව ඉදිරියට යෑමට. මහින්දව අගමැති කරගෙන ඇත්තෙ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පොටක් පාදා ගැනීමට මිස ආණ්ඩුකිරීමට නොවේ .ඊළඟ මහා මැතිවරණයේදි ඔවුන් සතුව ඇති ආසන 106 , ආසන 55 ට බැසීමට ඉඩකට එමටයි. එවිට 3න් 2 කේ බලයක සහිත රජයක් ගොඩනගා ගන්නට පහසු බව මහින්ද මෙන්ම ජනාධිපතිද දනි .

:       71       207

sadiWednesday, 31 October 2018 06:58 AM

"භීෂණ යුගයක් නැවතත් අරඹව් නිජ භූමිතලේ ලංකා.."

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 321 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 801 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 145 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site