
( රොමේෂ් ධනුෂ්ක සිල්වා )
උතුරේ මෙන්ම දකුණේ ද රාජ්‍ය අනුදැනුම මත පසුගිය කාලයේ සිදු කළැයි කියන විවිධ මිනිස් අතුරුදන් කිරීම් සම්බන්ධ වහාම සාධාරණ අධිකරණ ක්‍රියාවලියක් මගින් එම වින්දිතයින්ට යුක්තිය ඉටු කරන ලෙස අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටීමේ විශේෂ ඒකාබද්ධ පෙත්සමක් බාරදීම කොළඹ අලුත්කඩේ පිහිටි අධිකරණ අමාත්‍යාංශයේ දී අද (28) පැවැත්විණි.
අතුරුදන්වුවන්ගේ පවුල් එකමුතුව මගින් මෙය සංවිධානය කර තිබූ අතර අතුරුදන් කරවූ තම දරුවන් මෙන්ම ස්වාමිපුරුෂයන් අහිමි දෙමාපියන් සහ බිරින්දෑවරු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
කොළඹ දී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන යාම, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කරවීම, වැලිකඩ සිරකරුවන් ඝාතනය, වසීම් තාජුඩීන් ඝාතනය ඇතුළු සිද්ධීන් ගණනාවක වින්දිතයින්ගේ පවුල්වල සාමාජිකයෝ මෙම අවස්ථාවට සහභාගී වූහ.
ඔවුනට පෙත්සම බාරදීමට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා මුණගැසීමට නොහැකි වූ අතර අමාත්‍යාංශ නිලධාරියකුට තම පෙත්සම බාරදුන් බව අතුරුදන්වුවන්ගේ පවුල් එකමුතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා පැවසීය.



COMMENTS
එතකොට 88-89කාලෙට නැත්ද?
අධිකරණය අත්‍යාවශ්‍යයි.
අනේ, හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ නේද?
පව් අහිංසක මිනිස්සු, කාගේ හෝ වරදකට දුක් විඳිනවා. අඩුමගානෙ, දේශපාලන අතකොලු ලෙස භාවිතයවත් නවත්තමු.