IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අත්‍යවශ්‍ය සේවා බෝඩ් හොරට ගහලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

වේල්ලවීදිය සහකාර ප්‍රාදේශීය ලේකම්‌ගේ නිල මුද්‍රාව හොරට යොදා ව්‍යාජ ලෙස අත්‍යාවශ්‍ය සේවා බලපත්‍ර මුද්‍රණය කර මුදලට විකුණු තිදෙනකුගෙන් යුත් සංවිධානාත්මක කල්ලියක් අත්අඩංගුවට ගත් බව කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.

එලෙස මුද්‍රණය කරන ලද ව්‍යාජ අත්‍යවශ්‍ය සේවා බලපත්‍ර 12 ක්, වේල්ලවීදිය සහකාර ප්‍රාදේශීය ලේකම් නම ඇතුළත් ඇතුළත් කර ව්‍යාජව සකසන ලද නිල මුද්‍රාවක්,දින මුද්‍රාවක්, ,පරිගණකයක් ,ස්කෑන් යන්ත්‍රයක් ,ප්‍රින්ටරයක් මෙන්ම අත්‍යවශ්‍ය සේවා බලපත්‍ර වලට සමාන ලෙස සකස් කරන ලද කඩදාසි ,තීන්ත ඇතුළු උපකරණ තොගයක් පොලිස් බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ස්වයං රැකියා සංගමයේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස කටයුතු කළ අයකු බව පොලිසිය කියයි.

බොරැල්ල, මිහිඳුසෙන්පුර ,වනාත පෙදෙසේ පුද්ගලයකු අත්‍යාවශ්‍ය සේවා බලපත්‍ර ව්‍යාජ ලෙස මුද්‍රණය කර මුදලට විකුණන බවට කොළඹ මධ්‍යම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අධිකාරී නිශාන්ත චන්ද්‍රසේකර මහතාට ලද තොරතුරක් අනුව කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික පෙරේරා මහතා ඇතුළු කණ්ඩායමක් සිදුකරන ලද විමර්ශනයක දී මෙම සංවිධානාත්මක කල්ලිය අත්අඩංගුවට අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

බොරැල්ල වනාත පෙදෙසේ පුද්ගලයා අත්අඩංගුවට ගෙන සිදු කළ පරික්ෂාවේදී ඔහු සන්තකයේ ව්‍යාජ බලපත්‍රයක් තිබි හමුවීමෙන් අනතුරුව සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඔහු පදිංචි මිහිඳුසෙන්පුර නිවස තුළ සඟවා තිබූ තවත් ව්‍යාජ අත්‍යවශ්‍ය සේවා බලපත්‍ර හතක් ,වේල්ලවීදිය සහකාර ප්‍රාදේශීය ලේකම් ගේ නම ඇතුළත් නිල මුද්‍රාවක් හා ,දින මුද්‍රාවක් සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.

එම පුද්ගලයා ගෙන් සිදුකරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේදී ව්‍යාජ අත්‍යවශ්‍ය සේවා බලපත්‍ර මුද්‍රණය කළ කෙසෙල්වත්ත ඩයස් පෙදෙසේ සන්නිවේදන මධ්‍යස්ථානයක් වටලා එහි හිමිකරු සහ ඒවා මුද්‍රණය කිරීමට යොදාගත් උපකරණ රැසක් සහ කඩදාසි සමග එහි හිමිකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

එම පුද්ගලයන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමේදී ව්‍යාජ ලෙස සකසන ලද අත්‍යවශ්‍ය සේවා බලපත්‍ර 20 ක් ආදුරුප්පු වීදියේ පුද්ගලයකුට විකිණීම සඳහා ලබාදුන් බවට අනාවරණය වීමෙන් අනතුරුව එම පුද්ගලයා ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ඒ වන විට එම පුද්ගලයා එයින් 16 රුපියල් 3000 සහ 5000 බැගින් විවිධ පුද්ගලයන්ට මුදලට විකුණා තිබු බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් එම සැකකරුවන්ගේ ප්‍රකාශ මත ව්‍යාජ ලෙස සකසන ලද අත්‍යවශ්‍ය සේවා බලපත්‍ර මුදලට ලබා ගත් පුද්ගලයන් ද අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බව උසස් පොලිස් නිලධාරියෙකු පැවැසීය.

 



අදහස් (0)

අත්‍යවශ්‍ය සේවා බෝඩ් හොරට ගහලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 26 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 706 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 335 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site