(තිලකරත්න දිසානායක)

ගම්පහ - මිනුවන්ගොඩ නව මාර්ග හරහා ගම්පහ නගරය ආසාන්නයෙන් ගලා බසින අත්තනගලු ඔයෙහි අඩි 15 ක් පමණ දිගින් යුත් සුදු පැහැති විශාල කිඹුලකු  රැදී සිටි ආකාරයක් දිස්විය.

කිඹුලා දැක ගැනීම පිනිස විශාල පිරිසක් පැමිණ සිටි අතර බොහෝ දෙනකු පවසා සිටියේ මෙතරම් විශාල කිඹුලකු කිසිම දිනෙක දැක නැති බවය.

මෙම කිඹුලා කිසියම් ගොදුරක් ගිල දැමීමෙන් පසුව මෙලෙස සිටිතැයි සිතිය හැකි බව එහි පැමිණ සිටියවුන් පැවසූ අතර මෙම කිඹුලාගෙන් හානිකර තත්ත්වයක් ඇති විය හැකි බැවින් වෙනත් සුදුසු ප්‍රදේශයකට මුදා හැරීමට වනජීවී නිලධාරීන් පියවර ගත යුතුව ඇති බවද කීහ.