
(ඩයනා උදයංගනී)
අත්තනගල්ල, ජා ඇල සහ ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි ඉදිරි පැය කිහිපයේදී සුළු ගං වතුර තත්වයක් ඇතිවීමේ අවදානමක් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
අත්තනගලු ඔයේ දූනමලේ ජල මිණුම් ස්ථානයේ ජල මට්ටම අද පෙරවරු 10.30 වන විට මීටර 4.95ක් දක්වා ඉහළ ගොස් තිබු බවත් ඒ අනුව එම ඔය ද්‍රෝණියේ ඉහත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල සුළු ගං වතුර තත්වයක් ඇතිවිය හැකි බවත් වාරිමාර්ග අධ්‍යක්ෂ ( ජල විද්‍යා හා ආපදා කළමනාකරණ) ඉංජිනේරු එස්.පී.සී සුගීෂ්වර මහතා පැවසීය.
එම ප්‍රදේශවල පහත් බිම්වල වෙසෙන ජනතාව සහ පහත් බිම් හරහා ඇති මාර්ග භාවිතා කරන ජනතාව මේ පිළිබඳ අධි අවදානමකින් සිටිය යුතු බව ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාලකයින් නිසිපරිදි සිහිය ඇතුව වැඩ කරනවා නම් කල්පනා කරා නම් මේ කිසිම කරදරයක් නෑ... තමතමන් ගැන හිතන්නේ... ඉතින් කොහෙද රටක් හැදෙන්නේ...?