IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා නිදහස් කරන්නැයි ඉල්ලා විරෝධතාවයක්

(සිතුම් චතුරංග)

       

ත්‍රස්ත කටයුතු වලට සම්බන්ධ බවට පවසමින් අත්අඩංගුවට ගත් පලෙයි රෝහලේ වෛද්‍ය නිලධාරියා මුදාහරින්නැයි ඉල්ලා පලෙයි ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (20) පලෙයි රෝහල ඉදිරිපිට විරෝධතාවක නිරතවූහ.

රෝහලේ සිටි දක්ෂ වෛද්‍යවරයාට ත්‍රස්ත චෝදනා එල්ල කරමින් අසාධාරණ ලෙස ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවත් වහාම ඔහු නිදහස් කර යළි පලෙයි රෝහල වෙත සේවයේ පිහිටුවන ලෙස රජයට බලකරමින් මන්ත්‍රීවරුන් හා ප්‍රදේශවාසීන් විරෝධතාවයේ නිරතවිය.

පසුගිය 18 වැනිදා දෙමළ ඩයස්පෝරාව හා විවිධ ත්‍රස්ත කටයුතු වලට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් සින්නතම්බි ශිවරූබන් නැමති පලෙයි රෝහලේ වෛද්‍යවරයා යුද හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසුව ඔහු ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත බාරදෙනු ලැබීය.

වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමෙන් රෝහලේ සායනික කටයුතු ඇණහිට ඇති බවත් රෝගී ජනතාව පීඩාවට පත්ව ඇති බවද ප්‍රදේශවාසීන් පැවසීය.

   

       



අදහස් (11)

අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා නිදහස් කරන්නැයි ඉල්ලා විරෝධතාවයක්

සේන Tuesday, 20 August 2019 09:06 AM

මේ විරෝධය රටේ නීතියට නේද? මොවුන්ද අත් අඩංගුවට ගතයුතුයි

:       11       48

ravi Tuesday, 20 August 2019 09:10 AM

මේ අයට මානසික රෝගියෝ කිව්වත් අපේ විරුද්දයක් නැහැ! ඒත් දොස්තර හිරේ ගියයි කියලා, රෝහලක සේවය ඇනහිටීම ගැන සොයා බැලීම යුතුකමක් .

:       4       18

Prabha Tuesday, 20 August 2019 09:11 AM

නැවත ත්‍රස්තවාදය ඕනේ කියලද කියන්නේ?

:       7       14

Susil Tuesday, 20 August 2019 10:04 AM

උතුරෙයි දකුණෙයි මිනිස්සු එකම දේ කරනවා .

:       27       8

surath Tuesday, 20 August 2019 11:18 AM

නිතිය නැමෙයිද ?

:       7       15

Bamunuarachchi Tuesday, 20 August 2019 12:33 PM

නිදහස් කරන්නම් අවුරුදු ගණන හිරේ ලැගලා ආවම. දැන් දෙමල දොස්තරලත් විස්වාස නැහැ.

:       32       23

KamalWednesday, 21 August 2019 02:09 AM

බමුනුට තියෙන්නේ වෙනම ලෙඩක්

:       0       1

BamunuarachchiWednesday, 21 August 2019 01:20 PM

දෙමල, මුස්ලිම් පෙන්නන්න බැරි ලෙඩක්...

:       0       0

චමින්ද Wednesday, 21 August 2019 01:15 AM

වෛද්‍ය සංගමයත් වර්ජනයකට සූදානම් වෙනවා කියල පුවත් පලවුනා.

:       0       0

රවින් Wednesday, 21 August 2019 02:55 AM

මෙන්න තවත් ප්‍රතිපලයක්, තමන් කරන දේ හරියට නොදත් දේශපාලුවන්ගේ වැඩක්. රටක නීතිය කියන එක නොදත් එවෙලට හිතට එන දේ වැඩිදුර නොසිතා ඔහේ කරන දේශපාලුවන්ගේ වැඩක්. තව දුරටත් මෙම ක්‍රමවේදයම පවත්වාගෙන යා යුතුද? නැතහොත් උගතුන්ගෙන් පිරි දේශපාලන රටාවක් ගොඩ නැගිය යුතුද?

:       0       0

jayath Wednesday, 21 August 2019 03:42 AM

මේ උන්නැහේල දන්නේ නැත්නම් දැනගන්න දැන් ඉස්සර නාඩගම් නටන්න බැහැ. මේක මෙයාලට විතරක් නොවේ මෙයාලට , කොටින්ට කඩේ යන එන් ජී ඕ කල්ලිවල ඉන්න ඔක්කොටම වලංගුයි. දැන් ඔය බූමිතෙල් ගෑවිච්ච ගැරඬි වගේ දඟලන්න පටන් අරන් තියෙන්නේ .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

චමුදිතට - කීර්තිට වාරණයක්
2025 මැයි මස 09 370 0

විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික


ප්‍රධාන පොලිස් පරීක්ෂක මහකුමාර මහතා දිවියට සමුදෙයි
2025 මැයි මස 09 477 0

වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.


ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු පුටුවක්
2025 මැයි මස 09 1303 0

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.


වලල්ලාවිට හිටපු සභාපති උදේනිට ඇප
2025 මැයි මස 09 183 0

වලල්ලාවිට ප්‍රාදේශීය හිටපු සභාපති පාලන කාලයේ විකිණීම සඳහා සංවර්ධනය කරනු ලබන ඉඩම්වලට අනුමැතිය දීමට රුපියල් 6730000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්


වලල්ලාවිට හිටපු ප්‍රා. සභාපති අත්අඩංගුවට
2025 මැයි මස 09 248 0

වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතු කෝරළ දොන් උදේනි ප්‍රියංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (9


ජීව උණ්ඩ සමග දෙකක් මාට්ටු
2025 මැයි මස 09 197 0

විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 120 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 38 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1295 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 333 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site