(නිමන්ති රණසිංහ)
ජාතික ආරක්ෂාව සහ මහජන සාමය කඩවන අයුරින් ආන්දෝලනාත්මක ලිපියක් සමාජ මාධ්‍ය ඡාලා මගින් ප‍්‍රචාරය වීමට සැලැස්වීයැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ රහස්‍ය ලේකම්වරියක රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදා හැරිමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය.
මෙලෙස ඇප මත මුදා හැරුණේ නිල්මිණී පෙරේරා නැමැති ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරකුගේ රහස්‍ය ලේකම්වරියකි.
අයි එස් අයි එස් ත‍්‍රස්තවාදීන් විසින් ආර්ථික මර්මස්ථානයක් කේන්ද්‍ර කර ගනිමින් යම් විනාශකාරී කි‍්‍රයාවක් කිරීමට සැලසුම් කරන බවට රාජ්‍ය බුද්ධි අංශ නියෝජිතයින් පැමිණ දන්වා ඇතැයි සදහන් කරමින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවකු ලෙස ලූතිනන් කර්නල් පි‍්‍රමාල් රුද්‍රිගු මහතාගේ අත්සනින් යුතු 2020. 05. 18 ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය කිරීමේ සිද්ධියකට අදාළව මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරය අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කර තිබිණී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අයව ඇප නැතිව දාන්න ඕනෙ ඇතුළට, එතකොට අනිත් එවුනුත් හැදිලා එයි...
අද මේ සමාජ මාධ්‍ය මිනිසාගේ ජනජීවිතය මහා අවුලක් බවට පත් කරලා. නූගතුන් උගතුන්ගේ කාර්ය භාරය ඉටුකිරීමට වෙර දරන හැටි පුදුමයි. මෙහි බොහෝ දෙනා නොදන්නා දෙයක් නැත. සියල්ලම දත්තන්ය. තම මතයම ඒත්තු ගැන්වීමට නොයෙකුත් සටකපටකම් කරනු පෙනේ. මේවායින් ජනහදවත් කැලඹී විශාල සමාජ පරිහානීන් සිදුවේ. පුදුමය කියන්නේ පවතින හා පැවැති රජයන් මීට හරිහැටි දඬුවම් ලබා නොදීමයි. මේවායෙහි සිටින්නන්ගේ ජීවදත්ත ලබාගෙන ඔවුන් කිසියම් නීති රාමුවකට ගෙන ආ යුතුය. ගාල කඩාගෙන දුවන මීගවරෑනක් සේ ඔවුන්හට හඬ තලමින් දසත දිවීමට ඉඩ නොදිය යුතුයි. රටකට නීතියක් තිබිය යුතුයි. මෙවන් මාධ්‍යවල හොඳ අය සිටිති. එහෙත්, වැඩිපුර සිටිනුයේ රට වනසන්නන්ය...