IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට වාද්දුවේදී වෙඩි

(මනෝප‍්‍රිය ගුණසේකර සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හමුදා අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට වාද්දුව නගරයේදී කළ වෙඩි තැබීමකින්  එහි ගමන් කළ වෙඩි වැඳී තුවාල වු පුද්ගලයකු හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම වෑන් රථයේ ගමන් කළ තවත් පුද්ගලයකු පළා ගොස් ඇතැයි වාර්තා වේ.

වාද්දුව නගරයේ සිට පානදුර පිංවත්ත දක්වා හඹා ආ යුද හමුදා භට පිරිසක් විසින් අණ නොතකා ධාවනය කළ වෑන් රථයේ සිටි වෙඩි වැඳී තුවාල වූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන පොලිසියට බාරදුන් බව යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් අතපත්තු මහතා පැවසීය.

මත්තේගොඩ ප‍්‍රදේශයේ වෑන් රථයක් පැහැරගෙන වාද්දුව ප‍්‍රදේශයට යන බවට පොලිසියට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව අදාළ වෑන් රථය නවතා ගැනීමට අද (29) රාත‍්‍රී 9.00 ට පමණ වාද්දුව නගරයේ පල්ලියක් අසළ මාර්ග බාධකයේ රාජකාරී කළ යුද හමුදා සෙබලුන් සංඥා කළත් කොල්ලකරුවන් හමුදා අණ නොතකා හමුදා සෙබලුන්ද හප්පා පළා යෑමට උත්සහා කිරීමේදී එහි ආරක්‍ෂාවට සිටි හමුදා භටයකු විසින් වෑන් රථයට වෙඩි තබා ඇති බව යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් අතපත්තු මහතා පැවසීය.

හමුදා සෙබලුන් දෙදෙනා හප්පා වෙඩි පහර කාගෙනම අදාළ වෑන් රථය පානදුර දෙසට පළා ගොස් ඇති බවත් හමුදා සෙබලුන්ද වෑන් රථය පසුපස හඹාගොස් පානදුර පිංවත්ත ප‍්‍රදේශයේදී ඉන්ධන පිරවුම්හළ අසළදී වෑන් රථය අල්ලාගෙන ඇතැයි පැවසු යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා ඒ අවස්ථාවේදී වෑන් රථයේ සිටි එක් අයෙකු ඉන් පැන ගිය බවට තොරතුරු ලැබී ඇතැයිද පැවසීය.

වෑන් රථය තුළ වෙඩි වැදී තුවාල සහිතව සිටි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මේ වින විට පොලිස් ආරක්‍ෂාව මධ්‍යයේ පානදුර රෝහලේ ප‍්‍රතිකාර ලබන අතර තුවාල තුවාල ලැබූ හමුදා සෙබලුන් දෙදෙනාද මේ විට රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (1)

අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට වාද්දුවේදී වෙඩි

Bamunuarachchi Tuesday, 30 July 2019 01:12 AM

හොඳටම ෂුවර් මුස්ලිම් ත්‍රස්තයෙක්....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 676 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 855 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 367 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site