(අනීෂා මානගේ)
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් පිරිසක් බන්ධනාගාරයේ පිහිටි කුලුනක් මත නැඟ උද්ඝෝෂණයක් අරඹා ඇත.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඔවුහු අද (21) උදෑසන 7 ට පමණ බන්ධනාගාරයේ කුලුනක් මතට නැඟ ඇති අතර මේ වන විටත් උද්ඝෝෂණයේ නිරතව සිටිති.
රැඳවියෝ 75 ක් පමණ මේ සඳහා එක්ව සිටිති.
“එස්ටීඑෆ් අපිට එපා” ලෙස සදහන් පුවරුවක්ද විරෝධතාකරුවන් කුළුන මත ප්‍රදර්ශනය කර ඇත. කුළුන මත නැගි රැඳවියන් හූ කියමින් එස්ටීඑෆ් අපි අපිට එපා යනුවෙන්කෑ ගසමින් විරෝධතාවයේ නිරත වෙති.
බන්ධනාගාරය තුළ ආරක්ෂාව තර කිරීමට පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරින් යොදවා ඇති ආකාරය දක්නට හැකිය.



COMMENTS
විශේෂ කලබලයක් නැත්නම් බන්ධනාගාරය ඇතුලේ එස් ටී එෆ් ඇත්තටම අවශ්‍ය නැහැ නේද?
ඕකුන්ට ඕන විදිහට වැඩකරන්න එපා. එක්කෝ හදියන් නැත්තම් නැහියන් කියලා බන්දනාගර පාලනයට එස්ටීඑෆ් එක යොදවන්නම ඕනේ.
සිරකරුවන්ට ඕන ආකාරයට බන්ධනාගාර පාලනය කරන්න බැහැ. රටේ නීතියට අනුකූලයී නම් එස් ටී එෆ් නොවේ ත්‍රිවිධ හමුදාවම යොදවලා හරී බන්ධනාගාර තුල සිදුකරගෙන යන නීති විරෝධි ක්‍රියා පාලනය කල යුතුයී.
සිරකරුවන් බන්ධනාගාරය තුළ සිදු කරන මත්කුඩු ව්‍යාපාර වලට එස් ටී එෆ් එකෙන් බදා වෙනවා ඇති. මෙවැනි අවස්ථාවල බන්ධනාගාර පාලන අධිකාරිය දැඩි තීරණ ගත යුතු අතර, සිරකරුවන්ගේ "ඉල්ලීම්" වලට කිසිසේත් හිස නොනමිය යුතුයි.
ඕවා මෙහෙයවන්නේ බන්ධනාගාර නිලධාරීන්...
එස්.ටී.එෆ්. එක ඉන්න ඕනෑ.. ඔතන ඉන්න ජේලර්ලා වුනත් සමහරක් උදවිය ඇතුලේ සිරබත් කනවා. රැඳෙවියන්ට ඕනෑවිදියට රට පාලනය කරන්න දුන්නොත් නියමයි. මොකද ඔතන ඉන්නේ හොඳ වැඩකරලා ගියපු අයනේ... සිරකරුවෝද මනුෂ්‍යයෝය කියලා හැමදේම දෙන්න බැහැනේ..