(බිඟුන් මේනක ගමගේ)
අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රිමාන්ඩ් රැඳවියන් පිරිසකට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් අධිකරණමය ක්‍රියාමාර්ග ගන්නා බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා පැවසීය.
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව මෙම සිදුවීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළත් නිසි විමර්ශනයක් සිදු නොවන බවට චෝදනා කළ හෙතෙම එම නිසා මෙම තීන්දුව ගත් බව කීය.
ඒ අනුව නීතිපති, බන්ධනාගාර අධ්‍යක්ෂ ජනරාල් හා පොලිස්පති වගඋත්තරකරුවන් කරමින් මෙම සිදුවීම ගැන නිසි පියවර ගැනීමට මැන්ඩාමුස් රිට් ආඥාවක් ඉල්ලමින් අධිකරණයට පෙත්සමක් ගොනු කරන බව පෙරේරා මහතා සඳහන් කළේය.
බන්ධනාගාර පරිශ්‍රයෙහිදී පිරිසක් පොලු මුගුරුවලින් පහර දෙන දර්ශන ඇතුළත් පැය භාගයක පමණ කාලයක් පුරා ධාවනය වන සී.සී.ටී.වී දර්ශන පවා තිබියදී වැරැදිකරුවන් ආරක්ෂා කරන ප්‍රතිපත්තියක් අනුගමනය වෙමින් පවතින බවට පෙරේරා මහතා චෝදනා කළේය.
ප්‍රහාරයට අදාළ සී.සී.ටී.වී දර්ශන සහිත සාක්ෂි ලබාදුන් පාර්ශ්වයන්ගේ ජීවිතවලට දැනටම අවදානමක් මතුව ඇති බව ද නීතිඥ පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
436
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
456
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අඟුණකොළපැලැස්ස සිදුවීම ගැන අධිකරණ ක්‍රියාමාර්ග