( තිළිණි ද සිල්වා )
අගවිනිසුරු නලින් පෙරේරා මහතා ලබන 28 වැනිදා සිය ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතව ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණ ආංරංචි මාර්ග සදහන් කරයි.
විශ්‍රාම යාමට නියමිත වත්මන් අගවිනිසුරු නලින් පෙරේරා මහතාට සමුදීමේ චාරිත්‍රානුකුල නිල හමුවක් අද(5) ශ්‍රේෂ්ඨාධිකරණයේ දී පැවැත්විණි.
ශ්‍රේෂ්ඨාධිකරණ උත්සව ශාලාවේ පැවති මෙම සමු දීමේ නිල හමුව සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ, අභියාචනාධිකරණ, මහාධිකරණ සහ කොළඹ කලාපයේ මහේස්ත්‍රාත් අධිකරණවල සේවය කරන සියලුම විනිසුරුවරු එක්ව සිටියහ.
මෙහිදී ද වත්මන් අගවිනිසුරු නලීන් පෙරේරා මහතාගේ සේවය අගය කරමින් නීතිපති ජයන්ත ජයසූරිය මහතා මෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමය සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අදහස් පළ කළහ.
පසුව අගවිනිසුරු නලීන් පෙරේරා මහතා කියා සිටියේ තම ධුර කාලය තුළ අධිකරණයේ ස්වාධීනත්වය උපරිම ආකාරයෙන් ආරක්ෂා කිරීමට තමා කටයුතු කළ බවයි.
අගවිනිසුරුවරයෙකු ගේ කාර්යභාරය ඉතා බරපතල මෙන්ම සංකීර්ණ බව පෙන්වා දුන් අගවිනිසුරු නලීන් පෙරේරා මහතා එම කාර්යය තමන් මැනවින් ඉටුකිරීමට සියලු උත්සාහ දැරූ බවත් නලින් පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටියේය. මෙම නිල හමූව සඳහා නීතිඥවරු විශාල පිරිසක් එක්ව සිටියහ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අගවිනිසුරු නලින් පෙරේරා මහතා ඉකුත් වසරේ ඔක්තෝබර් 22 වැනිදා එම ධූරයට පත් කරන ලදී.
අගවිනිසුරු ධූරයට පත් වීමෙන් පසුව නලින් පෙරේරා මහතා ගේ ඉතා සුවිශේෂී තීන්දු රැසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශයට පත් කළ අතර එලෙස ප්‍රකාශයට පත් කළ තීන්දු අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථා විරෝධී බවට අගවිනිසුරුවරයා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතිකව තීන්දු කිරීම විශේෂ වේ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
අගවිනිසුරු නලීන් පෙරේරා 28 වැනි දා විශ්‍රාම ගනී
NARAYANA Friday, 05 April 2019 08:28 AM
රටට කාලා අපරාද වල සැපය අප්‍රේල් 28 වෙනකම් විතරක් නොවෙයි... කාලයක් තියේවි
sk Friday, 05 April 2019 08:59 AM
හොද තීන්දු දුන්නද ?
shamalee Friday, 05 April 2019 11:19 AM
කතෝලික ගේබ්‍රියෙල් සැලසුමේ ප්‍රධාන කොටස්කරු..
චානක් Friday, 05 April 2019 12:26 PM
සතුටුයි විශ්‍රාම අරගෙන යන එක ගැන...
jj Friday, 05 April 2019 01:31 PM
හොඳම අගවිනිසුරු...
Sanath KandyFriday, 05 April 2019 03:59 PM
රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට ඔබ එදා දුන් නිර්භීත තීන්දුව ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනු ඇත. ගරු අගවිනිසුරුතුමනි, ඔබට සැනසිලිදායක විශ්‍රාම දිවියක් පතමු.
MaheeFriday, 05 April 2019 08:09 PM
පටන් ගන්නකොට අපිත් හිතුවේ නම් එහෙම තමයි.
Lion Saturday, 06 April 2019 05:34 AM
විනිසුරුතුමනි, ඔබ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ ආකාරය සදා අමරනියයි.
Keppetipola Saturday, 06 April 2019 05:53 AM
පාර්ලිමේන්තුව විසුරුවා හැරපු නඩුවේ ව්‍යවස්ථාව කියවලා තීන්දුව දෙන්න මාස ගණන් කල් ගත්ත එකෙන් තේරෙනවා මෙයාගේ තියෙන බුද්ධිමත්කම. නීතිය එක එක ආකාරයට නවන පක්ෂග්‍රාහී විනිසුරුවන් රටට පිළිලයකි...