IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


අගමැති 7 වැනිදා ඉන්දියාවට

(නාලක සංජීව දහනායක)
 
අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සිව් දින නිල සංචාරයක් සඳහා සිකුරාදා (7) වැනිදා ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය.

 
අග‍්‍රාමාත්‍යධූරයට පත්වීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා කරන පළමු නිල සංචාරය මෙය වන අතර ඔහු ලබන අඟහරුවාදා (11)දක්වා එරට රැඳී සිටිනු ඇත.
 
මෙම සංචාරයේදී අග‍්‍රාමාත්‍යවරයා ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු එරට ඉහළ පෙලේ රාජ්‍ය තාන්ත‍්‍රිකයන් කිහිප දෙනෙකු සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත. දෙරට අතර වෙළඳ සම්බන්ධතාවයන් වැඩි දියුණු කර ගැනීම ඉන්දීය සාගර කලාපයේ ආරක්‍ෂාව වැඩිදියුණු කර ගැනීම පිළිබඳවද එහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයි වාර්තාවේ. 
 
අග‍්‍රාමාත්‍යවරයා මෙම සංචාරය අතරතුරදී බරණැස, තිරුපති කෝවිල ඇතුළු ආගමික සිද්ධස්ථාන වැදපුදා ගැනීමට ද නියමිත ඇත.  



අදහස් (11)

අගමැති 7 වැනිදා ඉන්දියාවට

tiththa Sunday, 02 February 2020 01:02 PM

තිරුපති වඳින්න යන්නේ. ඡන්දෙට කළින්... හොඳට තිබුණු රටක්... අපි වැටිච්ච තැනක්...

:       35       81

BamunuarachchiSunday, 02 February 2020 06:36 PM

වර්තමාන අගමැතිවරයා ඉන්දියාවට ගොස් ද්‍රවිඩ ජාතීන්ගේ සිද්ධස්ථානයක් වූ පුජනිය තිරුපති වැදපුදා අර්ශිර්වාද ,ආරක්ෂාව ලබන නමුත් ඉන්දියානු සම්බවයක් තිබෙන ලංකාවේ උපන් ද්‍රවිඩ ජනතාවට ඔවුන්ගේ බසින් ජාතික ගිය ගැයීමට අවස්ථාවක් නොදෙන හතර බිරි දේශපාලනයක් වර්තමාන ශ්‍රී ලංකාවේ පැහැදිලිව තිබේ. හොඳට තිබුණු රටක්... අපි වැටිච්ච තැනක්...

:       1       0

කපුරුහාමි Sunday, 02 February 2020 01:02 PM

මේ සැරේ කී දෙනෙක් විතර තනියට, පිරිවරාගෙන යනවද දන්නේ නැහැ...

:       0       50

Binkunndaa Sunday, 02 February 2020 03:29 PM

ආයේ ඡන්දෙට පෙර තිරුපති වන්දනාව වාගෙයි.

:       0       40

Bamunuarachchi Sunday, 02 February 2020 05:54 PM

මල්ලි අතින් වියදම් කරන් පුද්ගලික වැඩ වලට රට යනවලු. අයියා මෙහේ රාජකාරී ගමන් මුවාවෙන් අපේ වියදමින් තිරුපති වඳින්න යනවා. මොන විහිලුද මේ.

:       0       0

විපරමා Sunday, 02 February 2020 06:16 PM

තිරුපති ගිහින් සදහටම බලයේ ඉන්ඩ ලැබේවා කියලා බාරයක් වෙන්ඩත් හිතාගෙන ඇති. පාලකයෝ තිරුපති යන්නේ වෙන මොකටද ?

:       0       0

vidya Sunday, 02 February 2020 08:16 PM

අනේ අගමැති තුමනි, තිරුපති ගිහිල්ල අන්ද භක්තික දේවාල වල කමිසේ ගලෝල උඩුකය නිරුවත් කරලා බිම ඉඳගෙන අපේ රටට අගෞරව කරන්න එපා. ඉන්දියාවේ දෙවරු ඔච්චර බලවත් නම් ඇයි මෙතරම් දිළිඳුබවක් තියෙන්නේ.

:       0       0

ලැවොයිසියර් Monday, 03 February 2020 02:41 AM

තිරුපතිවලට ගියපු හිටපු කෙනාටත් අන්තිමට කෙලවුනා මතකද ?

:       0       1

සකල භූජං Monday, 03 February 2020 02:58 AM

නිල සංචාර මුවාවෙන් තිරුපති නේද යන්නේ ?

:       0       1

Amula Monday, 03 February 2020 03:48 AM

මල්ලී ගිහින් කියවලා ආවට අයියා ගිහින් මොනවාහරි ඉල්ලා ගත්තොත් හොඳයිනේ...

:       0       1

ajith Monday, 03 February 2020 10:23 AM

කලින් දවසේ ගුවන් යානයෙන් නෑදෑ මිතුරන් පිටත් කිරීම ඉස්සර වගේ මෙදාත් කරයිද දන්නේ නැහැ. බලාගෙන ඉන්නකෝ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 613 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1096 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site