(නාලක සංජීව දහනායක)
මහා මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර ඇතිව තිබෙන මතභේදාත්මක කරුණු නිරාකරණය කර ගැනීම සඳහා වන සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හෙට (18) අරලියගහ මන්දිරයේදී පැවැත්වේ.
මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ, අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහත්වරුන් සහභාගි වීමට නියමිත අතර ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ නියෝජනය කරමින් එහි මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, අමාත්‍යවරුන්වන නිමල් සිරිපාල ද සිල්වා හා මහින්ද අමරවීර මහත්වරුන් සහභාගී වීමට නියමිතව ඇත.
එමෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්‍ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් හෙට පස්වරුවේදී අරලියගහ මන්දිරයේදී ද පැවැත්වීමට නියමිතව තිබේ.
පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ආණ්ඩුපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් මෙහිදී අදහස් විමසීමට නියමිතව ඇතැයි එම පක්‍ෂයේ ආරංචිමාර්ග සඳහන් කරයි.
COMMENTS
ලුණුමිරිස් එක්කල අප්පයි කිරිබතුයිත් දෙනවද?
හපොයි හපොයි !! හැකි ඉක්මනින් වටපිට තිබෙන සියලු උල් ආයුධ අඩුමගානේ කිලෝමීටර 25ක් වත් දුරින් ඉතාම ආරක්‍ෂිත ලෙස සඟවා තබන්න. වේවැල් පුටු පමණක් භාවිතා කරන්න. ආප්ප පිච්චීම තහනම්.
සිරිසෙනයි මහින්දයි කියන්නේ. මොළ කාරයෝද දෙන්නම ජනාදිපති වුණා. අවංකව රටට ජනතාවට වැඩක් කෙරුවද හැබැයි දෙන්නම සිවුර විතරයි පොරවගන නැත්තේ වදින වැදිල්ල කොහොමද හාමුදුරු නමක්වත් නැහැ. මේ විදියට වදින හොරු වංචාකාරයෝ කොහොමත් පන්සල් ගිහින් කැපී පෙනෙන්න. ආසයි. මෙවර ඉන්දියාවට ගියා තිරුපති ගිහින්. බාරයක් වුනේ නැත්ද. පරදින බව දන්නා නිසා මේ. දෙන්න. එකතු වුනත් නැතත්. ජනතාවට හොරුන්ට මිසක් වෙන කාටද චන්දෙ දෙන්න තියෙන්නේ පක්ෂේ ට ආදරෙයි. බොරුවට. හොරු මිනීමරුවෝ නිසා පක්ෂෙට වෙලා තියෙන කැළල ඒ ගැන කවුරුත් හිතනවද බඩ පිරිනොත් ඇති
මිරිස්කුඩු වගේ පරිණත දේශපාලකයින් මේ සාකච්චාවලට සම්බන්ධ කරගන්න. විස්වාසවන්තයි, ප්‍රායෝගිකයි.
ලජ්ජා නැතිකම මහමුදලි කමටත් වැඩිය ලොකුයි කියලනේ කියන්නේ. පැරදුනානම් පවුල පිටින් අඩි හයක් පොලව යටට යවන්නයි තිබුනේ කියලත් කිවා වගේ මතකයි. එකයි එහෙම හිතුනෙ.
හිටපු ජනාධිපති නැතුව, කිසිම පක්ෂයකට අනාගතයක් නැහැ.
අනේ මෙයාවනම් ආයෙමත් ගාවගන්න එපා. මුලින්ම පක්ෂය පාවා දුන්නා.
වැඩක් නෑ සිරාට ඡන්ද නෑ ඡන්දෙ තියල බලන්න කෝ