IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


අගමැති ලේකම් පැය 5 ක් ජනපති කොමිසම හමුවේ සාක්කි දෙයි

(තිළිණි ද සිල්වා)

කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වා ගෙන යාම සඳහා බත්තරමුල්ලේ ඩී.පී.ජේ ගොඩනැගිල්ල ලබා ගැනීම සඳහා වන ගිවිසුම් අත්සන් කිරීමට කෝටි 103 ක් පමණ වැය වී ඇති බවත් එම ගොඩනැගිල්ල සඳහා භාණ්ඩ ගැනීමට තවත් කෝටි 46 ක් වැය කළ බවත් මෙසේ වියදම් කළ මුදලින් එම ගොඩනැගිල්ල මිළදී ගැනීමට වුවත් පුළුවන් කමක් තිබුණේ යැයි අග‍්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා අද (06) ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්කි දෙමින් කියා සිටියේය.

කෘෂිකර්ම අමාත්‍යාංශය රුපියල් මිලියන 24 .6 ක මාසික කුලියට බත්තරමුල්ල පිහිටි ඩී.පී.ජයසිංහ ගොඩනැගිල්ලට රැගෙන යාමෙන් රජයට පාඩු සිදුව ඇතැයි කියමින් එම ජනාධිපති කොමිසම හමුවේ ගොනු කල පැමිණිල්ල සම්බන්ධයෙන් පැය 5 ක් පුරා සාක්කි ලබා දෙමින් හෙතෙම මේ බව පැවසීය.

අදාළ ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබා ගෙන වසර එකහමාරක් පමණ හිස්ව තබා ගැනීමත්  එම කාලයට කුලිය ගෙවීමත් එම අමාත්‍යාංශ නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාව මත සිදුව ඇති බවත් කියා සිටි අග‍්‍රාමාත්‍ය ලේකම්වරයා එම ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබා ගැනීමට කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කළ එවකට කෘෂිකර්ම ඇමතිවරයා වූ දුමින්ද දිසානායක මහතා පෞද්ගලිකව ගොස් පරීක්ෂා කර බලා ඇති බව  කැබිනට් පත‍්‍රිකාවේ සඳහන් වුවද ගොඩනැගිල්ලේ අඩුපාඩු අමාත්‍යවරයාද දැක නැති බව හෙතෙම ජනාධිපති කොමිසම හමුවේ සාක්කි දෙමින් පිළිගත්තේය.

අග‍්‍රමාත්‍ය ලේකම්වරයා වැඩිදුරටත් කොමිසම හමුවේ සාක්කි දෙමින් ප‍්‍රකාශ කර සිටියේ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා 17 ක් සඳහා කාර්යාල ඉඩකඩ ලබා ගැනීමට කෘෂීකර්ම අමාත්‍යාංශය පවත්වා ගෙන ගිය ගොවිජන මන්දිරය ලබා ගැනීමට අවශ්‍ය වූ බවත් එය ඉතා හදිසි අවශ්‍යතාවයක් නිසා කෘෂීකර්ම අමාත්‍යාශයට සුදුසු තැනක් සෙවීමේ අවශ්‍යතාවය යටතේ ඩී.පී.ජේ ගොඩනැගිල්ල මිලඳී ගත් බවය.

එලෙස ලබා ගත් එම ගොඩනැගිල්ල සඳහා අනුමත නීත්‍යානුකූල ගොඩනැගිලි සැලැස්ම නීත්‍යානුකූල අනුකූලතා සහතිකය හෝ එම ඉඩම සඳහා නඩුවක් පවතින බවක් තමන් නොදන්නා බවද අග‍්‍රමාත්‍ය ලේකම්වරයා කොමිසම හමුවේ වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත.

රාජ්‍ය කාර්යාලයක් බදු ක‍්‍රමයකට ලබා ගන්නා විට අනිවාර්යයෙන්ම නීතිපති වෙත බදුගිවිසුම් ඉදිරිපත් කළා නම්  සියලූ තොරතුරු හෙළි කර ගත හැකි වන බවත්  අදාළ පෙළපත් සටහන් ආදිය එමඟින් පැහැදිලි වන බවත් හෙතෙම කොමිසමට කීය.

කෙසේ වුවද කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා කලින් යෝජනා වූ සුහුරුපාය නව ගොඩනැගිල්ලේ හිස්ව තිබූ 14 ‐ 18 යන මහල් ලබා ගත්තේ නම් අදාළ ගොඩනැගිල්ලට ගෙවූ රුපියල් බිලියන ගණනක රාජ්‍ය මුදල් ඉතිරිවන බව අග‍්‍රාමාත්‍ය ලේකම්වරයා කොමිසමේ දී පිළිගෙන ඇත.

ගොඩනැගිල්ලේ විවිධ අඩුපාඩු තිබියදී විශාල මුදලක් වැය කර ලබා ගැනීම සුදුසු නොවන බවත් බදුගිවිසුම් අත්සන් කිරීමට පෙර මෙම ගොඩනැගිල්ලේ තත්ත්වය නිසි ලෙස පරීක්ෂා කළා නම් එය ආපසු අමාත්‍ය මණ්ඩලයට වාර්තා කළ යුතුව තිබූ බවද හෙතෙම කොමිසම හමුවේ කියා සිටියේය.

මෙහිදී කොමිසමේ සභාපති  හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා මුල් අවස්ථාවේ කැබිනට් පත‍්‍රිකාවකින් සුහුරු පායේ ගොඩනැගිලි කීපයක් ගැනීමට අගමැති යෝජනා කළත් පසුව එම තීරණය වෙනස්කර අගමැතිවරායම දුමින්ද දිසානායක ඇමතිවරයාට අදාළ ගොඩනැගිල්ල ලබා ගැනීමට උපදෙස් දී ඇති බව දුමින්ද දිසානායක මහතා ඉදිරිපත් කළ කැබිනට් පත‍්‍රිකාවේ සඳහන් ඇති බවත් එවැනි පරස්පර් මත දෙකක සිටීමෙන් අගමැතිවරයාද මෙම සිද්ධියේ වගකිව යුත්තෙක් නේද යැයි කොමිසමේ සභාපතිවරයා ඔහුගෙන් විමසා සිටයේය.

එහිදී සාක්කිකාර අගමැති ලේකම්වරයා කියා සිටියේ එම පැහැදිලි කර ගැනීම සඳහා අගමැතිවරයා ගෙන් විමසා බැලිය යුතු බවය.

අග‍්‍රාමාත්‍ය ලේකම්වරයා පුරා පැය 5ක් පමණ කාලයක් කොමිසම හමුවේ සාක්කි ලබා දෙන ලදී.

මෙම පැමිණිලලේ වැඩිදුර විභාගය ලබන 10 වැනිදා යළි කැඳවන අතර එදින හිටපු කෘෂිකර්ම අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද දිසානායක මහතා සාක්කි දීමට නියමිතය.

 

 



අදහස් (6)

අගමැති ලේකම් පැය 5 ක් ජනපති කොමිසම හමුවේ සාක්කි දෙයි

Mahee Friday, 06 September 2019 03:26 PM

මං කලිනුත් කිව්වා වගේ පැදුරක් කොට්ටයක් දාලා දුන්නා නම් පහසුයිනේ...

:       0       4

surath Friday, 06 September 2019 04:27 PM

මොවුන්ට සහ මොවුන් මෙහෙයවන දේශපාලුවන්ට රජකාලේ දඬුවම් දුන්නොත් නරකද?

:       0       33

Gamarala Friday, 06 September 2019 05:12 PM

මේ සෙල්ලම් කර ඇත්තේ ජනතා බදු මුදල් සමග නේද? අදාල සියලු දෙනාගෙන්ම මේ වියදම් පොලිය සමග අයකර ගත යුතුයි.

:       0       26

vidya Friday, 06 September 2019 08:04 PM

ඔය කන්තෝරුවා අනුරාධපුරයට අරන් යනවා හලෝ... ගොවිතැන් කරන්න උදලු, ටැක්ටර්, පොහොර, විශේෂයෙන්ම වතුර වින්තරයි ඕනේ... ඔය ටයි සූට් ගහගෙන සීත කළ කාමරවල ඉඳගෙන ගොචිතැන් කරන්න බෑ. අපි ඕවා කරලා තියනවනේ. ඔය වියදම් කරන මුදල් වැව් හාරන්න යොදනවා හලෝ... ඔය තනතුරට ආදිවාසී නායක වන්නියලේ ඇත්තෝ පත් කෙරුවොත් එතුමා බෝගවර්ග හඳුනාගෙන, සතා සර්පයා හඳුනාගෙන වැඩේ ලස්සනට කරයි.

:       24       23

sirimal Saturday, 07 September 2019 07:26 AM

අම්මා මුත්තා කාලේවත් අහන්න වෙච්ච කතාද මේවා? අර මාධ්‍යයට ප්‍රශ්න අහන්න දෙන්නේ නැති එක්කෙනා දිනුවොත් නම් මේවගේ දේවල්වලට තිතතියයි ඔන්න...

:       0       56

rim Saturday, 07 September 2019 08:25 AM

කොයිතරම් මුදල් නාස්තියක්ද? තවත් ඡන්දෙ දීලා පත්කරන්නද වලිකන්නේ?

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30251 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12337 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10900 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 776 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 238 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 886 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site