( තිළිණි ද සිල්වා )
කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන බත්තරමුල්ලේ පිහිටි පෞද්ගලික ගොඩනැගිල්ල පිළිබඳ ලැබී ඇති පැමිණිල්ලට අදාළව අග‍්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා අද (27) වත්මන් රජයේ ආයතනවල සිදුවී ඇතැයි කියන දූෂණ වංචා සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාවේ පොලිස් ඒකකය හමුවේ පැය පහකට ආසන්න කාලයක් ප‍්‍රකාශයක් ලබා දී ඇත.
අදාළ ගොඩනැගිල්ල බදු ගිවිසුමක් මත කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යාම සඳහා ගෙන ඇති අතර ඊට අදාළ කැබිනට් පත‍්‍රිකාව අග‍්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත එවකට සිටි අමාත්‍ය දුමින්ද දිසානායක මහතා විසින් අමාත්‍ය මණ්ඩල වෙත ඉදිරිපත් කළ බවට එම පැමිණිලි විභාගයේ දී කොමිසම හමුවේදී අනාවරණය වී තිබූ අතර එම කරුණ සම්බන්ධයෙන් සමන් ඒකකනායක මහතා ගෙන ප‍්‍රශ්න කර , ප‍්‍රකාශ සටහන් කර ගත් බව ජනාධිපති කොමිසමේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
ඒ අනුව අග‍්‍රාමාත්‍ය ලේකම්වරයා අද පෙරවරු 9.00 සිට 2.00 දක්වා එම කොමිසමේ පොලිස් ඒකකයේ නිලධාරීන් හමුවේ ප‍්‍රකාශ ලබා දී ඇතැයිද එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් කීය.
පාර්ලිමේන්තු කාරක සභා පැවැත්වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වා ගෙන ගිය ‘‘ගොවිජන මන්දිරය’’ පවරා ගැනීමට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාවක් 2015 සැප්තැම්බර් 21 වැනිදා ඉදිරිපත් කළ බවත්, පසුව එවකට කෘෂිකර්ම ඇමැති වූ දුමින්ද දිසානායක මහතා 2015 දෙසැම්බර් 1 වැනිදා කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කරමින් රාජගිරිය ඩී.පී.ජේ. ගොඩනැගිල්ල ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලබා ගත්තේ යැයි ද අග‍්‍රාමාත්‍ය ලේකම්වරයා පොලිස් ඒකකයට පවසා ඇත.
එලෙස කැබිනට් අනුමැතියකින් ලබා ගත් ඩී.පී.ජේ ගොඩනැගිල්ල වසරක් පමණ කුලී ගෙවමින් හිස්ව තබා ගැනීම එහි නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාවයක් බව ද අග‍්‍රමාත්‍ය ලේකම්වරයා කොමිසම හමුවේ වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.
මේ අතර අමාත්‍ය මණ්ඩල අනුමැතියට පිටින් කටයුතු කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිප දෙනෙකු ශල්‍යාගාර අත්වැසුම් ලබා ගැනීමේදී සිදුව ඇතැයි කියන වංචාව සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අදාළව ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය අද (27) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ගෙන් ද පැය 4 ක පමණ කාලයක් ප‍්‍රශ්න කර ප‍්‍රකාශයක් ලබා ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහ ගල් ඉබ්බෙක් නේද? පැය පහක්ම අහලත් යන්තන්වත් හරියමන් දෙයක් අහගන්න බැරි වෙලා?
ජනතාවගේ බදු මුදල් අන්තිම ශතේට ලබාගෙන ආණ්ඩුව කරන නාස්තිකාර වැඩවල තරම කොහොමද?
මේ රට -මේ සිස්ටම් එක කුණුවෙලා තියන තරම පෙන්වන කැඩපතක් මේ සිදුවීම . මේක නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාවය කියල අංග බේරගන්න හැදුවට මේවට මුල් උනේ ඒ අය නෙමි . වෙච්ච දේ සක් සුදක් සේ පැහැදිලියි ඒ වගේම මේ හින්ද බැංකු ගිණුම් තර වෙච්ච කට්ටිය ගැනත් දන්නෝ දනිති . හැබැයි ලස්සනම දේ මේ කාටවත් , කව්රු ආවත් මොනවත් වෙන්නේ නැහැ මොකද මුන් ඔක්කොම එකයි ඔය සත්‍යය මේ රටේ මිනිස්සු තේරුම් ගන්නකන් රට මෙතන මයි
කොමිෂන් තියා මෙයාලට වෙන මුකුත් දීලා හරියන්නේ නැහැ. වරදක් කරලා තියෙනව නම් කෙලින්ම යවන්න නීතිය හමුවට. මේ ඔක්කොම නාස්ති කරන්නේ අපි මහන්සිවෙලා හම්බ කරන සල්ලි. ඇයි දෙවියනේ අපි මේ වගේ පාලකයන් ඉන්න රටක ඉපදුණේ...?