IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


අගමැති මහින්ද හෙට වැඩ බාර ගනී

නාලක සංජීව දහනායක

ශ්‍රී ලංකා ප‍්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 22 වැනි අග‍්‍රාමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා හෙට (29) පෙරවරු 11.00 ට අග‍්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේදී වැඩ බාර ගැනීමට නියමිතය.

මහින්ද රාජපක්‍ෂ මහතා පසුගිය 26 වැනිදා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත්කරනු ලැබීය.

මීට පෙර අමාත්‍යධූර රාශියක් හොබවා ඇති මහින්ද රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේ විපක්‍ෂනායක ධුරයද දැරීය.    හෙතෙම මෙරට 13 වැනි අග‍්‍රමාත්‍යවරයා ලෙස 2004  සිට 2005 වසර දක්වා කටයුතු කළේය. අනතුරුව 2005 වසරේ සිට 2015 වසර දක්වා දෙවතාවක් මෙටර පස්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය.  

හිටපු නියෝජ්‍ය කතානායකවරයකු වූ ඩී.ඒ රාජපක්‍ෂ හා දන්දිනා සමරසිංහ යන දෙපළට දාව 1945 නොවැම්බර් 18 වැනිදා උපත ලද මහින්ද රාජපක්‍ෂ මහතා 1970 වසරේ පැවැති මහාමැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් බෙලිඅත්ත මැතිවරණ කොට්ඨාසයට තරඟ කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්විය. හෙතෙම එම පාර්ලිමේන්තුවේ ලාබාලතම මන්ත‍්‍රීවරයා බවට පත්විය.

1977 වසරේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජයටපත්වූ හෙතෙම නැවැතත් 1989 වසරේ පැවැති මහා මැතිවරණ තරඟකරමින් පාර්ලිමේන්තුවට තේරීපත්වෙමින් 1994 වසර දක්වා විපක්‍ෂයේ මන්ත‍්‍රීවරයකු ලෙස කටයුතු කළේය. එහිදී 88/89 වසරවල පැවැති භීෂණ යුගයේදී විපක්‍ෂයේ පීඩාවටපත් වූ ජනතාව වෙනුවෙන් කැපවී ක‍්‍රියා කළේය.

නැවතත් 1994 වසරේ පැවැති මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණ ජයගැනීමත් සමඟම එම රජයේ කම්කරු අමාත්‍යවරයා ලෙස පත්වූ අතර 1997 වසරේ සිදුවූ කැබිනට් සංශෝධනයත් සමඟම ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙස පත්විය.

2002 වසරේදි රත්නසිරි වික‍්‍රමනායක මහතා විපක්‍ෂනායක තනතුරින් ඉල්ලා අස්වීමත් සමඟම මහින්ද රාජපක්‍ෂ මහතා විපක්‍ෂනායක ධූරයට පත්විය. 2004 වසරේ පැවැති මහාමැතිවරණයෙන් ජයගත් ඒ මහතා මෙරට 13 වැනි අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත්කරනු ලැබීය.අනතුරුව 2005 නොවැමිබර් 17 වැනිදා පැවති ජනාධිපතිවරණය ජයගනිමින් මෙරට පස්වැනි විධායක ජනාධිපවරයා ලෙස තේරීපත්විය. හෙතෙම 2015 ජනවාරි 8 වැනිදා දක්වා විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය.

2015 වසරේ පැවැති ජනාධිපතිවරණයෙන් ජරාජය වූ රාජපක්‍ෂ මහතා එම වසරේ අගෝස්තු මාසයේ පැවැති මහා මැතිවරණය සඳහා කුරුණෑගල දිස්ත‍්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත්විය.

මහින්ද රාජපජෂ මහතා ගාල්ල මහින්ද, කොළඹ තර්ස්ටන් හා නාලන්දා විද්‍යාලවල ආදි සිසුවෙකි.

වෘත්තියෙන් නීතීඥවරයකු වන මහින්ද රාජපජෂ මහතා තිදරු පියෙකි. ඔහුගේ වැඩිමහල් පුත් නාමල් රාජපක්‍ෂ මහතා වර්තමානයේදී හම්බන්තොට දිස්ත‍්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස කටයුතු කරමින් සිටී.   



අදහස් (1)

අගමැති මහින්ද හෙට වැඩ බාර ගනී

chathuri Monday, 29 October 2018 02:42 AM

ජයරත්න එකටත්. කියන්න ලෑස්ති වෙලා ඉන්න කියලා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 78 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2020 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site