(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂය ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු ඉදිරිපත් කළ පෙත්සමක් අද (26) අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.
එහිදී අදාළ පෙත්සම ලබන 30 වැනිදා සහ මීළඟ 3 වැනි දා සළකා බැලීමට පියවර ගන්නා බව අභියාචනාධිකරණය නියම කළේය.
එම දිනට පෙර නඩුවට අදාළ ලේඛන වගඋත්තරකාර පාර්ශවය වෙත ලබාදීමට පියවර ගන්නා මෙන් ද විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් වෙත දන්වන ලදී.
පෙත්සම්කාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියා සිටින්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහයෝගය නොමැති බවත් ඒ බව කතානායකවරයා විසින් ද තහවුරු කර ඇති බවයි.
මේ හේතුවෙන් ආණ්ඩුකම ව්‍යවස්ථාව 13 වැනි සංශෝධනය ප්‍රකාරව මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බව පෙත්සම්කරුවෝ කියා සිටියහ.
මේ හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවට තීන්දු කර ඔහුගේ පත්වීම බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.
මෙහි වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 49 දෙනෙකු නම් කර තිබේ.
COMMENTS
අන්තෝ ජටා බහි ජටා, විනිසුරු මඬුල්ලක් සරත් වීරසේකර මහතා දාපු නඩුව පෙර නඩුවට බලපෑමක් විය හැකියි කියා 04 වැනිදාටම අහන්න කල් දැම්මා.. දැන් මේක 30 වෙනිදා අහනවා. එ්කත් අැහැව්වා නම් ඉවරයි... මේකෙන් බලපෑමක් වෙන්නේ නැතිව අැති එ්කනේ දැන්නම් රට දුන්නේ විකෘති විදිහටම තමයි...
අධිකරණට ස්වාධීනයි. සරත්ගේ ඒ නඩු තීන්දු වගේ නෙවේ දැන්... මහින්ද, ජුලම්පිටියේ අමරේ වගේ.
විරුද්ධ පක්ෂයේ නායක, අගමැති, දෙපාරක් ජනාධිපති... අනේ මන්දා මෙහෙමත් බලයට පෙරේත මිනිස්සු ශ්‍රී ලංකාවේ තවම ඉන්නවනේ...
19 සංශෝධනය -17- 70 (1)" පාර්ලිමේන්තු පළමු රැස් වූ දින සිට අවුරුදු 4 1/2 යනතුරු ජනපති පාර්ලිමේන්තුව විසුරුවා හැරිම නොකළ යුත්තේය." (සිංහල 31 පිටුව බලන්න) 19 සංසෝදනය- 33අ "ජනදිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුත්තේය " .(සිංහල 6 පිටුව බලන්න) මේ අනුව, හිටපු අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායකට කල අයුරින් පාර්ලිමේන්තුව මගින් මොහුට විරුද්ධව නඩු ඇසිය හැක. පාර්ලිමේන්තු බහුතරයට මේ සඳහා ටික දිනක් ගතවේ. රජයේ නිලධාරින් පරිස්සම් වන්න. (ලේකම්වරු, සභාපතිකම් ගැනීම හිරේ යාමට ඉඩ තිබේ.)
අනේ ඇයි මේ දොස් කියන්නේ මෙහෙම? මේ බලයට ආසාවකට නෙවේනේ! ලක්වාසි ජනතාවට සේවය කරන්නේ නේ.
මේ රටේ ඉන්නේ මහින්ද රනිල් විතරමද?
මුන්ට කඩේ යන එවුන්ට මඩු වලිගෙන් තලන්ද ඕනා.
මේව අහල අහලම දැන් මගේ මොලේ අවුල් වෙලා
අපිට මොකද?