( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීත්‍යනුකූල හිමිකමක් නොමැති බවට එක්සත් ජාතික පක්ෂය ගොනු කළ පෙත්සමක් අභියාචනාධිකරණයේදී දෙවන දිනටත් අද (03) කැඳවු අතර සියලු කරුණු දැක්වීම අවසන් කරමින් එහි තීන්දුව සවස 3.00ට ප්‍රකාශයට පත් කීරීමට අභියාචනාධිකරණය තීන්දු කළේය .
එම වේලාවට පෙත්සම විභාගයට ගන්නවාද නැත්ද පිළිබද තීන්දුව ප්‍රකාශයට පත් කරන බවද විනිසුරු මඩුල්ල තීන්දු කළේය.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු විසින් අදාළ පෙත්සම ගොණු කර ඇත.
මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරය දැරිමට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලට අමාත්‍ය ධුර දැරිමේ නිත්‍යානුකූල හිමිකමක් නොමැති බැවින් ඔවුන්ගේ පත්විම් බල රහිත කරන ලෙස අදාල පෙත්සම මගින් ඉල්ලා තිබේ.
පෙත්සම මේ වන විට අභියාචනාධිකරණ විනිසුරු ප්‍රිතිපද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැණිනි.
COMMENTS
මහින්ද ජයගත්තොත් එය රටේ ජයග්‍රහණයක්....
රටටද ආදරේ නැත්නම් පවුලටද ආදරේ? එහෙමත් නැත්නම් නඩුවලට බයේද රට ගිනි තියන්නේ?
මෙම නඩුවේ තීන්දුව නොව "මෙම පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද?" යන්න පිළිබඳව තීන්දුව නේද අද දෙන්න යන්නේ?
මොනවද මේ රටට වෙන්නේ?
අපි හිතනවා ගරු අධිකරණය දැන් ස්වාධීන බැවින් සර්ව සාධාරණ තීන්දුවක් ව්‍යවස්ථාදායකයාට ශ්‍රී ලංකාවේ බුද්ධිමත් මහජනතාවට ලබාදේවි කියා මේ දෙස මුළු ලෝකයාම ඇසිපිය නොහෙලා බලාසිටීවි...!!!
අතුරු නියෝගයක් නැද්ද?
කෝ මේ වන්ෂොට්.. හිටිය නං.. ඉතිං කලින්ම.. තීන්දුව දෙනවනේ...
ලෝකයේ පවතින ප්‍රජාතන්ත්‍රවාදයට නිසි ගෞරවය හිමි වේවා! අපේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගනිමු.
දැන් 3:15 යි කෝ තාම නැද්ද?
කල් යවන්නේ නැතුව ඕන එකක් !
අද සවස, අලුත් අගමැතිට හා ඇමති, නියෝජ්‍ය ඇමති ආදී සියලු ඇමතිවරුන්ට එම තනතුරු දැරීමට හිමිකම නොමැති බවට අතුරු තහනම් නියෝගයක් දුන්නු බව නොදන්නවාද? ලබන 12 වැනිදා ලිඛිත තීන්දුවක් දීමට මෙකී බලය අහිමි වගඋත්තර කරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටීමට නියෝග කර ඇති බවත් නොදන්නවා විය හැකියි.