(තරිඳු ජයවර්ධන)
අගමැති ආරක්ෂක කොට්ඨාසයේ සේවය කරමින් සිටි පොලිස් නිලධාරීන් 500 දෙනකුට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නියෝග පරිදි මානව සම්පත් කළමනාකරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ මහතාගේ අත්සනින් ඊයේ (24) ලබා දුන් ස්ථාන මාරු පැය 24ක් යන්නට මත්තෙන් අද (25) යළිත් අවලංගු කර ඇතැයි පොලිස් මූලස්ථානයේ ආරංචි මාර්ග කියයි.
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු, පොලිස් පරීක්ෂකවරු, කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියෝ, කාන්තා පොලිස් පරීක්ෂකවරියෝ, පොලිස් සැරයන්වරු , පොලිස් කොස්තාපල්වරු , පොලිස් කොස්තාපල් රියදුරෝ සහ කාන්තා පොලිස් කොස්තාපල්වරියෝ පිරිසක් ඊයේ (24) එලෙස ස්ථාන මාරු කරනු ලැබ සිටියහ.
මෙම නිලධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි අගමැති ආරක්ෂක කොට්ඨාසයේ සිට ඇමැති ආරක්ෂක කොට්ඨාසය වෙත ස්ථාන මරු කර තිබුණු බව පොලිස් මූලස්ථානය කියයි.
කෙසේ වෙතත් අද (25) පොලිස්පතිවරයාගේ නියෝග පරිදි පුහුණු, බඳවාගැනීම්, ජාත්‍යන්තර සබඳතා හා මානව සම්පත් කළමනාකරණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ අත්සනින් විශේෂ පොලිස් පණිවුඩයක් නිකුත් කරමින් ඊයේ (24) දුන් ස්ථානමාරු කිරීම් තාවකාලිකව අත්හිටුවා තිබේ.
ස්ථානමාරුවීම් ලබා දුන් පොලිස් පණිවුඩයේ සඳහන් වන්නේ සේවයේ අවශ්‍යතා මත මාරු වීම් කළ බවයි. ස්ථාන මාරුවීම් අවලංගු කළ පොලිස් පණිවුඩයේ සඳහන් වන්නේ ද සේවයේ අවශ්‍යතා මත ස්ථානමාරුවීම් අත්හිටවූ බවයි.
COMMENTS
මේ අයගේ ආණ්ඩු මාරු වලින් හැම වෙලේම තැලෙන්නේ පොඩි මිනිස්සු. මේක මහ අවාසනාවන්ත රටක්.
සිරා... පිස්සු කෙළිනවා එකසිය ගාණට...
තරහ වෙන්න එපා ඇහුවට. කොයි අගමැතිගෙ ආරක්ෂකයො ගැනද මේ කියන්නෙ?
අගමැතියි - අකමැතියි කියල අපේ රටේ නායකයෝ දෙන්නෙක් ඉන්නවා. මාරු කලේ අගමැතිගේ කට්ටියද ? අකමැතිගේ කට්ටියද?
දැන් අපේ බයියන්ට තේරෙන්න ඕනේ මහින්ද මොනවටද සැරසෙන්නේ කියලා, ඡන්දෙට ඕන කට්ටිය ලංකරගන්න මේ උත්සාහය.
නව අගමැති ගේ නියෝග මත ද මාරුවීම් කලේ ඒවා අවලංගු කළා කියන්නේ ...?
නව අගමැති ගේ නියෝග මත ද මාරුවීම් කලේ ඒවා අවලංගු කළා කියන්නේ ...?
ජුලී ඔයා හරි නව අගමැති ගේ වැරදි තීන්දු දැන් රටේ නීතිය පිලි නොගනියි ඔයා හරි ...
මුළු රටම අද එ්කම විහිළුවක් වෙලා නේද?
පොලිස්පතිතුමා නම් කිව්වේ එයා වැඩ කරන්නේ ජනාධිපතිතුමා කියන විධියටයි කියලනේ.