(අජන්ත කුමාර අගලකඩ)
ප්‍රධාන පෙළේ විද්වතකු වන හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ විදේශ සම්බන්ධතා පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු වශයෙන් පත්කරනු ලබ ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද(27) පැවති ප්‍රථම කැබිනට් රැස්වීමේදී මෙම පත්වීම සඳහා අනුමැතිය දී තිබේ.
විදේශ කටයුතු අමාත්‍ය ධූරය ඇතුළු අමාත්‍ය ධූර රැසක් හොබවා ඇති මහාචාර්ය පීරිස් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා ද වෙයි.
COMMENTS
මෙච්චර දෙයක් කරලත් මහාචාර්ය තුමාට නැද්ද ඇමති කමක්වත් දෙන්න හිතුනේ? පව් අප්පා...!!!
මෙයාගෙන් උපදෙස් අරගෙන තමයි මහින්දට දින පනස්දෙකෙන් දීපු අගමැතිකම වමාරන්න වුනේ. එයා UK වලදී ඉගෙනගත්තු නීතියට අනුව ව්‍යවස්ථාවට අනුකූලව තමයි පත්වීම කරලා තියෙන්නේ කියලා උඩ පැන පැන කොන්ද අඹර අඹර ජනතාවට කියලා දුන්නේ. මහින්දට අයෙත් වමාරන්න සලස්වන එක සිකුරුයි.