
ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර වෙනස් කිරීමට එරට ජනාධිපති යෝකෝ විඩෝඩෝ ප්‍රමුඛ රජය ගත් තීරණයට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය.
ඒ, අගනුවර වෙනස් කිරීම සම්බන්ධයෙන් සකස් කළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට යොමු කරමින් ඡන්ද විමසුමක් පැවැත්වූ අවස්ථාවේදීය.
ජකර්තා අගනුවර අධික ජනගහනයක් වාසය කිරීම, පැය 24 පුරා අධික වාහන තදබදයක් පැවැතීම, වායු දූෂණය ඉහවහා යෑම සහ යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම ආදී ගැටලු රැසක් මුල්කොට ගනිමින් අගනුවර වෙනත් ස්ථානයකට ගෙන යෑමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ජනාධිපති යෝකෝ විඩෝඩෝ ය.
මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉන්දුනීසියාව, ගිණිකොනදිග ආසියාවට අයත් දූපත් රාජ්‍යයක් වන අතර, එය පිහිටා ඇත්තේ ඉන්දීය සහ පැසිෆික් සාගරයට මැදිවය. දූපත් 17,000 ක් ඉන්දුනීසියාවට අයත් වන අතර, එයින් ප්‍රධාන දූපත් ලෙස සැලකෙන්නේ සුමාත්‍රා, සුලවේසී, ජාවාය. ඊට අමතරව, බෝනියෝ සහ නිව් ගිනියාවේ ද පළාත් ඉන්දුනීසියාවට අයත් වෙයි.
ඉන්දුනීසියාව යනු ලොව වැඩිම දූපත් එකතුවකින් නිර්මාණය වූ රාජ්‍යයයි. ඉන්දුනීසියාවේ ජනගහනය මිලියන 270 කි.
වත්මන් අගනුවර ලෙස සැලකෙන ජකර්තා පිහිටා ඇත්තේ ජාවා දූපතේය. ඉන්දුනීසියාවේ දූපත් අතරින් වැඩිම ජනගහනයක් වෙසෙන්නේ ජාවා දූපතේ වන අතර, ඉන්දුනීසියාවේ විශාලතම නගරය වන්නේ ද ජකර්තා අගනගරයයි.
පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවූයේ එරට අගනුවර බෝනියෝ දූපතේ ක්ලිමන්නාත් නමැති වනාන්තර ප්‍රදේශයට ගෙන යෑමටය. නව අගනුවර නුසන්තරා යන නමින් නම් කෙරෙනු ඇති බව ද පැවැසෙයි.
නුසන්තරා යන නමින් නව අගනුවර ඉදි කෙරෙනු ඇත්තේ ඇමෙරිකන් ඩොලර් බිලියන 32 ක මුදලක් වැය කරමින් යැයි ද පැවැසෙයි.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 04
391
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
443
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
407
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අගනුවර වෙනස් කරන්න පාර්ලිමේන්තුවේ අනුමැතිය
AJITH Wednesday, 19 January 2022 05:47 PM
කොළඹ නගරය තුළ අක්‍රමවත්ව ඉදිකර තිබෙන සියලු කුඩා කඩ සහ ගොඩනැගිලි ඉවත් කළ යුතුවේ..
siri Wednesday, 19 January 2022 05:52 PM
සිරස්තලය දැක්ක ගමන් මම බය වෙච්චි බයවිල්ලක්. මට හිතුනේ හම්බන්තොට කියලයි.
sujeewaThursday, 20 January 2022 08:18 AM
යථාර්තවාදීව පොලොවේ පය නොගසා සිහින ලෝකවල ජීවත් වන විට එලෙස සිහිනයෙන් බිය වීම ස්වභාවිකයි මිත්‍රයා. ඔක නිතරම වෙනව නම් විතරක් හොද මනො වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.
Madduma Bandara Thursday, 20 January 2022 05:49 PM
හොඳ අදහසක්... එය අප රටට සුදුසු තාර්කික මතයක් බව ඔප්පුකර පෙන්වාවි...
Abeywardana Friday, 21 January 2022 01:59 PM
ලංකාවේ අගනුවර විය යුත්තේ හම්බන්තොටයි.