(*** නිමන්ති රණසිංහ සහ *** ඉන්දිකා රාමනායක)
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වූ මද්දුමගේ ලසන්ත චමින්ද පෙරේරා නොහොත් ‘‘අංගොඩ ලොක්කා’’ ඉන්දියාවේ කොයිම්බතූර් ප්‍රදේශයේ දී මියගොස් හොර රහසේම ආදාහනය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ පුවත් වෙබ් අඩවි දෙකක් වන ‘‘ද හින්දු’’ සහ නිව් ඉන්දියන් එක්ස්ප්‍රස් වෙබ් අඩවි වාර්තා කර ඇත්තේ ශ්‍රී ලාංකිකයකු වන මද්දුමගේ ලසන්ත චමින්ද පෙරේරා යන අය ‘‘ආර්. ප්‍රසාද් සිං’’ යන ව්‍යාජ නමින් වසර තුනකට ආසන්න කාලයක් ඉන්දියාවේ කොයිම්බතූර් ප්‍රදේශයේ රහසිගතව වාසය කර ඇති බවයි.
එලෙස ව්‍යාජ නමකින් පෙනී සිටි අංගොඩ ලොක්කා ඉකුත් ජුලි මස තුන් වැනිදා ඔහු වාසය කළ නිවසේ බිම සිහිසුන්ව ඇද වැටී සිටිය දී ඔහු සමඟ සිටි අය ඔහු කොයිම්බතූර් රෝහලට ඇතුළත් කර ඇති බවත් එහිදී ඔහු මියගොස් ඇති බව ද එම වෙබ් අඩවි වාර්තා සඳහන් කරයි.
එලෙස මියගිය අංගොඩ ලොක්කාගේ දේහය ඉන්දියාවේ මදුරෙයි නගරයේ දී ආදාහනය කර ඇති බව ද එම වාර්තා සඳහන් කරයි.
ඉන්දීය වෙබ් අඩවි වාර්තා කළේ ශ්‍රී ලාංකික කාන්තාවක් ඉකුත් ජූනි මස හතර වැනිදා ඉන්දීය කොයිම්බතූර් පොලිසියට ගොස් සඳහන් කර ඇත්තේ තම ඥාතියකු වන ප්‍රදීප් සිං නමැත්තා හෘදයාබාධයකින් මිය ගොස් ඇති බවය.
එහිදී මෙම කාන්තාව මියගිය පුද්ගලයා වෙනුවෙන් හැඳුනුම්පතක් ඉදිරිපත් කර ඇති අතර, එම හැඳුනුම්පත ව්‍යාජ ලෙස සකස් කර තිබීම හේතුවෙන් මොවුන් අත්අඩංගුවට ගෙන ඇතැයි ද එම වාර්තා පෙන්වා දෙයි.
මෙම මරණ සම්බන්ධයෙන් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමේ සිද්ධියකට ආදළව කාන්තාවන් දෙදෙනකු සහ පිරිමියකු කොයිම්බතූර් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඉකුත් 3 වැනිදා බව ද එම පුවත් වෙබ් අඩවි සඳහන් කර ඇත.
එලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් වන්නේ ශ්‍රී ලාංකික කාන්තාවක වන 27 හැවිරිදි අමානි තාන්ජි, ඉන්දියාවේ මදුරෙයි පදිංචි 36 හැවිරිදි සිවකාමී සුන්දරී සහ ඉන්දීය තිරුප්පූර් හි පදිංචි තිස් දෙහැවිරිදි එස්. ඩයනේශ්වරන් යන අය බව ද එම පුවත් වාර්තා සඳහන් කර තිබේ.
මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වූ අංගොඩ ලොක්කා විෂක් ශරීරගත වීමෙන් ඉන්දියාවේ දී ඝාතනය වී ඇති බවට මෙරට මාධ්‍ය වාර්තා කළේ ඉකුත් විසි දෙවැනිදාය.
අංගොඩ ලොක්කාගේ ඝාතනය පිටුපස ලංකාවෙන් එරටට ගිය ශ්‍රී ලාංකික රූපලාවන්‍ය ශිල්පිනියක සම්බන්ධ බවට එම මාධ්‍ය වාර්තාවල සඳහන් විය.
මෙම රූපලාවන්‍ය ශිල්පිනිය අංගොඩ ලොක්කා සමඟ සමීප සම්බන්ධතා පවත්වමින් ඔහුගේ අනියම් බිරිය ලෙස සිට ඇති බවත්, මෙරට සිට වරින් වර ඉන්දියාවට යමින් ඔහු හා සමග සම්බන්ධ වී ඇති බවත් එම මාධ්‍ය වාර්තා සඳහන් කර තිබිණි.
මෙම අමානි තාන්ජි නමැති කාන්තාව ඉකුත් 2017 වර්ෂයේ අංගොඩ ප්‍රදේශයේ දී වෙඩි තැබීමකින් ඝාතනයට ලක් වූ රත්තරන් නමැත්තාගේ බිරිය බවට ද පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.
අංගොඩ ලොක්කාගේ මරණය සම්බන්ධයෙන් වූ ඉන්දීය වාර්තා පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතාගෙන් අප කළ විමසීමක දී ඔහු සඳහන් කළේ එවැනි සිද්ධියක් සම්බන්ධයෙන් සනාථ වන කිසිදු තොරතුරක් මෙතෙක් වාර්තා වී නොමැති බවය.
ඔහු විසින් මෙරට සිදුකර ඇති අපරාධ හේතුවෙන් අධිකරණය මගින් විභාග වන නඩු සම්බන්ධයෙන් ඔහු අවශ්‍ය කරන සැකකරුවකු බවත්, මේ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සිදු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
එසේම ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හරහා රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමවේදවලට අනුව මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී සොයා බැලීමට ද කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
571
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අංගොඩ ලොක්කා මියගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි
Raveendra Tuesday, 04 August 2020 07:47 AM
මුදල් යහමින් වියදම් කිරීමට හැකි නම් ඕනෑම කෙනෙකුට තම රුප කාය ප්ලාස්ටික් ශල්‍යකර්ම ක්‍රම මගින් සම්පුර්ණයෙන්ම කළ හැක යන කියමන අප කීදෙනෙකුට පිළිගත හැකිද?
රට වැසියා Tuesday, 04 August 2020 07:56 AM
පාතාල නායකයෙක්, අපරාධකාරයෙක් කුමන ආකාරයකින් හෝ මියගියා නම් සතුටු විය යුතුයි! - ඒත් ඉන්දියන් පොලිසිය විශ්වාස නොකරන්න, ඉන්දියන් පොලිසියේ ස්වභාවය සහ "පොලිස් ගේම්" වල ස්වභාවය බොහෝ හින්දි-දෙමල චිත්‍රපටි වලින් බලාගත හැක. ඉන්දියන් පොලිසියේ සේවය විදේශීකයින්ට ඉතාම අඩු මිලකට ලබාගත හැක!!!
Nihal Tuesday, 04 August 2020 08:29 AM
හොඳ උත්සාහයක්...
ravi79 Tuesday, 04 August 2020 08:53 AM
ලොක්කා ආපහු කොළඹ පැත්තේ ඉපදිලා කියලයි අපිට ආරංචි වුණේ. ‘‘ඉපිද මැරේ යළි ඉපිදේ‘‘