(ඉන්දිකා රාමනායක)
ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන අංගොඩ ලොක්කා නැමැත්තාගේ ගෝලයන් දෙදෙනකු මුල්ලේරියාව සිරි පැරකුම් මාවතේ නිවසක් තුළ විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විශේෂ කාර්ය බළකාය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අංගොඩ ලොක්කාගෙන් අංගොඩ මුල්ලේරියා කෙන්ද්‍ර කරගනිමින් සිදුකරන ජාවාරම් මෙහෙයවන්නන් හා මුදල් එක්රැස් කරන්නන් වශයෙන් කටයුතු කරන මුල්ලේරියාවේ ප‍්‍රදීප් හා පැණියා නැමැති දෙදෙනා බවට විශේෂ කාර්ය බළකාය පවසයි.
අංගොඩ ලොක්කාගේ මෙරට ජාවාරම් මෙහෙයවන ප‍්‍රධාන ගෝලයකු වන දකුණේ පදිංචිකරුවකු වන සොල්ටා නැමැත්තා ඉහත නිවසට නිතර නිතර පැමිණ ගෝලයන් හමුවී අවශ්‍ය උපදෙස් ලබා දෙන බවට ලැබුණු බුද්ධි තොරතුරක් අනුව ඊයේ (1) සවස භට පිරිස් මෙම නිවස වටලා ඇති අතර එම අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ මෙම සැකකරුවන් දෙදෙනා පමණක් බවද විශේෂ කාර්ය බළකායේ උසස් නිලධාරියෙක් පැවසීය.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මෙම සැකකරුවන් දෙදෙනා සන්තකයේ හොරොයින් ග‍්‍රෑම් 6 ට ආසන්න ප‍්‍රමාණයක් තිබී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වැඩිදුර පරීක්ෂණ සදහා මුල්ලේරියාව පොලිසියට බාර දී ඇත.
2025 දෙසැම්බර් මස 04
566
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
493
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
422
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අංගොඩ ලොක්කාගේ ගෝලයන් දෙදෙනකු එස්ටීඑෆ් දැලේ