IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


හිටපු ක්‍රිකට් නායක ඩිල්ෂාන් පොහොට්ටුවෙන් ඡන්දේ ඉල්ලයි

(+++ උණවටුන ඩී.ජී සුගතපාල, අලුත්ගම තුසිත කුමාර ද සිල්වා, කරාපිටිය ජී.ඩබ්ලිව් ප්‍රේමතිලක ද සිල්වා, හික්කඩුව අමරසේන විතාන)

ලබන මහ මැතිවරණයේදී තමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු ලෙස ගාල්ල දිස්ත්‍රික්කයට  තරග කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් මහතා ඊයේ (3) බෙන්තොට හෝටලයක පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

තමා ආරම්භ කරන මෙම අලුත් ඉනිමට ක්‍රිකට් ක්‍රීඩාවේදී සහය දුන් අයුරින්ම කිසිදු බේදයකින් තොරව සියලු දෙනාගේම සහය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු කීය.

ජනාධිපති ගෝඨාභය රාරපක්ෂ මහතා රට වෙනුවෙන් පැහැදිලි වැඩ පිළිවෙළක් ඉදිරිපත් කර ඇති නිසා එතුමාගේ එම වැඩපිළිවෙළට සහාය දැක්වීම සඳහා තමා මෙම තීරණය ගත් බව ද හෙතෙම පැවසීය.

තමා ගාල්ල දිස්ත්‍රික්කයේ නිවාස 1000 ක් ඉදිකර ඇති බවත් පවුල් 7500 ක දරුවන් 8000 කට ශිෂ්‍යත්ව ලබාදී ඇති බවත් කී තිලකරත්න ඩිල්ෂාන් මහතා ඊට අමතරව පෙර පාසල් 5 ක් සාදා දී ඇති බව ද දුප්පත් පාසල් සඳහා ක්‍රීඩා උපකරණ ලබා දී ඇති බව ද කීය.

ඉදිරි වසර  පහ තුළදි ගාල්ල දිස්ත්‍රික්කයේ එක් ආසනයකට නිවාස 50 බැගින් ඉදිකර දෙන බව ද ඔහු සඳහන් කළේය.

ක්‍රිකට් ක්‍රීඩාව තුළින් ලද ජයග්‍රහණ මත ඇතිකරගත් විදේශීය සබඳතා ප්‍රයෝජනයට ගෙන ගාල්ල දිස්ත්‍රික්කය දියුණු කිරීමට පියවර ගන්නා බව ද හෙතෙම කීය.



අදහස් (27)

හිටපු ක්‍රිකට් නායක ඩිල්ෂාන් පොහොට්ටුවෙන් ඡන්දේ ඉල්ලයි

SANA Wednesday, 04 March 2020 06:29 AM

මේ අයට ඡන්දෙ දුන්නොත් හොඳට තියේවි... අනේ මෙන්න මෙහෙ බෝලයක් ගහගෙන ඉන්න හලෝ නිකම් පව් නොදී....

:       20       145

ලියනගේ Wednesday, 04 March 2020 10:59 AM

ක්‍රිකෙට් වලින් සල්ලි හම්බ කලා. සල්ලි තියෙනවානම් ජනප්‍රිය නම් තව අඩු බලයනේ ඉතින් මෙයාටත් හිතෙන්න ඇති දේශපාලනයට එන්න. නමුත් එන්නේ සත්‍ය වශයෙන්ම රටට සේවය කරන්න ද ?

:       1       2

ass charya Wednesday, 04 March 2020 06:39 AM

කරපුවා කියවනවා කියන්නේ මෙයා දේශපාලනයට එන්නෙම පිරිසිදු චේතනාවකින් නම් නෙමෙයි...

:       23       246

Daham Wednesday, 04 March 2020 06:41 AM

පීචන් වෙන්නයි හදන්නේ....

:       7       106

Ajantha Wednesday, 04 March 2020 06:51 AM

සුබපැතුම් දිලී... හැබැයි තව අර්ජුන කෙනෙක් වෙන්න එපා. අවංකවම රට වෙනුවෙන් වැඩ කරන්න. එහෙම බැරිනම් වැඩ කරන්න දෙන්නේ නැතිනම් ගෙදර යන්න. ඔබේ හොඳ නම රැකෙයි එතකොට....

:       87       133

athuraWednesday, 04 March 2020 10:47 AM

අර්ජුන කවද්ද තමන්ගේ ක්‍රීඩකයෙක්ට එංගලන්තේ ලෝඩ්ස් පිටියේ සියයක් ගහන්න අනිත් ක්‍රීඩකයා අවස්ථාව දෙනකොට ලෝකෙට පේන්න බැණ වැදුනේ...?

:       0       44

Ruhunu Wednesday, 04 March 2020 06:57 AM

ටික කාලයක් යනකොට මැරිච්ච මිනිස්සුත් ඡන්දෙ ඉල්ලාවි...

:       2       27

Gamage Wednesday, 04 March 2020 07:09 AM

අනේ පව්... මේ ගොල්ලන් හිතාගෙන ඉන්නේ රටට සේවයක් කරන්න නෙමෙයි. රට කන්න එන්න. ඔය අපට ආදරේට ඉන්නේ දේශපාලනයට එන්න හදන්නේ...

:       20       143

eresh S kumara Wednesday, 04 March 2020 07:25 AM

තමන්ගේ ගෞරවය නැති කරගන්න හදන්නේ මෙයත් .

:       10       144

Nandalal DE SILVA - France Wednesday, 04 March 2020 07:31 AM

හිටපු ක්‍රිකට් නායක ඩිල්ෂාන් ගහපු තරඟ කීයක් ඔහුගේ කණ්ඩායම ජයගෙන තිබේද කියා දන්නා කෙනෙක් ඉන්නවානම් මෙහි කොමෙන්ට් එකක් දමන්න. කයිය විතරයි ප්‍රතිපල නම් අපි දැකලා නැත. ඡන්දෙන් පස්සේ මේ ඩිල්ෂාන් ට තව ටයිටල් එකක් එකතුකරන්න ක්‍රිකට් ක්‍රීඩා ලෝලයින්ට පුළුවන් වේවි: "හිටපු පොහොට්ටු මන්ත්‍රී අපේක්ෂක/ක්‍රිකට් නායක දිල්ෂාන්......" කියලා ! ! !

:       152       361

surangaj Wednesday, 04 March 2020 07:56 AM

දිල්ෂාන්, සහෝදරයා මොනවා කරත් තමන් ලබාගත් ගරුත්වය, තැන, නැතිකර ගන්න එපා! අපේ රටේ මිනිස්සුන්ට ගොඩක් දේවල් හරි ඉක්මණට අමතක වෙනවා..!! එ්ක අමතක කරන්න එපා! බඩජහරි දේශපාලකයින් ඉන්නකම් අමාරුයි රට ගොඩ ගන්න...! ජයවේවා!!!

:       3       133

චන්ද දායක Wednesday, 04 March 2020 07:59 AM

අනේ එපා, නළුවෝ නිලියෝ , ගායකයෝ, ක්‍රීඩකයෝ , බාර් කාරයෝ, රේස් බුකි කාරයෝ, කුඩු මුදලාලිලා, ගොඩනැගිලි කොන්ත්‍රාත් කාරයෝ, පාරවල් කොන්ත්‍රාත් කාරයෝ, හොරු, තක්කඩි, නැතුව අපි රටට වැඩක් කරන්න උගත් කමක් තියන ජනතාවගේ පැත්තෙන් හිතන්න පුලුවන් අය පමණක් මේ පාර අපි පර්ලිමන්තුවට යවමු, නැවත වරක් තව අවුරුදු 5 කට දියවන්නාව හරක් ලගින මඩුවක් වෙන්නට ඉඩනොදී, හිතේ තියා ගමු තෝරා පත් වෙන අය අපේ සේවකයන් මිස අපි ඔවුන්ගේ සේවකයන් නොවන බව, ලංකාව කවදා හෝ දියුණු වෙන්නේ දියවන්නාවේ ඉන්න අය වෙන රටවල වගේ ආරක්ෂාවක් නැතුව පාරේ තනියම යන්න පුළුවන් දවසට සහ අපිට සර් කියා ඒ අයට අමතන්න පුළුවන් වුණු දවසට පමණයි.

:       0       61

rama Wednesday, 04 March 2020 08:34 AM

සද්ද නෙතුව හිටියට ගොඩක් වටිනා වැඩ කරලා තියෙනවා. අන්තරේ කෙනෙක් වුනොත් මීට වඩා වැඩ කරාවී

:       54       6

Raveendra Wednesday, 04 March 2020 08:35 AM

ඔබ දක්ෂ ක්‍රීඩකයකි. නමුත් ඔබ විසින් අසුචිවලට පැනීමට තීරණය කිරීම පිලිබදව අප ගනගාටු වෙන්නෙමු.

:       5       65

Nirmal Wednesday, 04 March 2020 08:49 AM

පච වෙන්න හදන්නේ.

:       5       239

banda Wednesday, 04 March 2020 08:57 AM

ඔයා ක්‍රිකට් ගැහුවට දේශපාලනය බෑ. මෙයා ගෙදර යැවීම ගාල්ල ජනතාවගේ වගකීමකි.

:       8       285

නලුබට්ටාWednesday, 04 March 2020 09:23 AM

මෙයා රඟපාන්නත් දන්නවා. ටෙලි නාට්‍යයකත් උන්නේ...

:       0       6

lalithm Wednesday, 04 March 2020 09:10 AM

මහන්සියෙන් උපයාගත් සල්ලි ටික සහ නම්බුව බේරාගෙන දන්නා කර්මාන්තයක් කරගෙන ඉන්නවා. ඔය ගොන් පොරේට ගිහින් ගොම් පස් තවරගන්නේ නැතිව...

:       0       50

විපරමා Wednesday, 04 March 2020 09:27 AM

පහුගිය කාලේ ගාල්ලට ආසනයක් එකතු කලේ මේ හින්දා වෙන්න ඇති. මෙයා දන්න දේශපාලනේ...

:       36       6

Mahesh Wednesday, 04 March 2020 09:35 AM

සිරිසේන දෙක. ඉංග්‍රීසිත් බැරි නිසා භාෂා පරිවර්තකයෝත් දෙන්න වෙනවා දින්නොත්. අනික ජාතිය, ආගම වෙනස් කරපු, පවුලක් ළමයෙක් අතඇරපු චරිතයක්...

:       151       41

Bishan Wednesday, 04 March 2020 09:39 AM

පොල්පිති වලටත් ඡන්දේ දෙන බයියන් මෙයාව දිස්ත්‍රික්කයේ පළවෙනියා කරනවා සිකුරුයි...

:       32       14

lalithmWednesday, 04 March 2020 11:27 AM

ඒ කියන්නේ ගාල්ලේ ඡන්දදයකයින් බයියෝද?

:       0       17

Kumara Wednesday, 04 March 2020 09:50 AM

ඔබ සනත්ව දන්නවද? එයාගෙන් විස්තර දැනගන්න මේ වලට පනින්න කළින්...

:       0       27

Nuwan Wednesday, 04 March 2020 10:04 AM

ඔව් ඔව්, මහරජාගේ දත් උල් කරන්න ඔයාව ඕන එන්න...!

:       33       4

de silva Wednesday, 04 March 2020 10:13 AM

අපට අලුතෙන් දේශපාලනයට අවශ්‍ය උගත්, බුද්ධිමත් පුද්ගලයන් මිසක් මෙවැනි පුද්ගලයන් නොවේ... මතකයිනේ සනත් ජයසූරිය පාර්ලිමේන්තු යැව්වා. මෙයා ගාල්ලෙන් පොහොට්ටුවෙන් ඉල්ලුවොත් ගීතා නෝනාට යනඑන මන් නැතිවෙනවා. මෙදාපාර ගාල්ලෙන් එක මන්ත්‍රී තනතුරක් අඩුවෙනවා..

:       31       1

ජනක Wednesday, 04 March 2020 10:15 AM

මේ කරපු ටිකකාලේ දේශපාලනය නැතිව නම් ඇයි දැන් දේශපාලනේ...? අන්තිමේදී ඔයත් ගැහුවේ නැත්තේ ක්‍රිකට් විතරක් වෙයිද මන්දා...? හිනාවෙන්න ඉගෙන ගන්න ඉස්සෙල්ලම..

:       20       1

Walter White Wednesday, 04 March 2020 10:37 AM

මට තේරෙන්නේ නැහැ, මේ තීරණයට ඉහලින් උදවිය මේ තරම් විරුද්ධ වෙන්නේ කියලා. තිලකරත්න දිල්ශාන් හරි හරමානිස් හරි සින්නයියා හරි මොහොමඩ් හරි කවුරු හරි හිතනවා නම් දේශපාලනයට එන්න ඒක ඒ ඒ අයගේ පෞද්ගලික තීරණයක්, ඔවුන්ගේ ප්‍රජාතාන්ත්‍රික අයිතියක්, මූලික අයිතිවාසිකමක්, තමන් කැමති දේශපාලන මතයක් වනුවෙන් පෙනී සිටින එක මිනිස්සුන්ගේ අයිතියක්, ඡන්ද ලැබීම හෝ නොලැබීම ඔහුගේ මැතිවරණ ප්‍රචාරය අනුව ප්‍රතිපත්ති අනුව තීරණය වේවි. දේශපාලනය මඩගොහුරක් තමයි, නමුත් හොඳ මිනිසුන් දේශපාලනයට එන්නේ නැතිනම් හොඳ මිනිසුන් දේශපාලනයට එන විට ඔන්න ඔහුත් මඩ වලේ පනින්න හදන්නේ කීමෙන් වෙන්නේ දූෂිත නුසුදුසු අයවලුන්ට තවදුරටත් අවස්තාව ලැබීමයි, මෙයින් මම අදහස් කරන්නේ නැහැ දිල්ශාන් මහතා සුපිරිසුදු සුදුසු අයෙක් කියන එක, ඔහු ගැන මම දන්නේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියන එක විතරයි.

:       0       115

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 61 0

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 102 0

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 317 1

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 476 3

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 211 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 442 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1562 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site