(පාලිත ආරියවංශ)
හාලිඇල, ගලඋඩ ප්‍රදේශයේ මුස්ලිම් පාසැලක ඉගෙනුම ලබන ශිෂ්‍යාවක් සහ ශිෂ්‍යයන් 11 දෙනෙකු බරපතල ලිංගික අපයෝජනයට ලක්කළ බවට චෝදනා ලැබූ එම පාසැලේම ගුරුවරයා සැප්තැම්බර් 10 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පස්සර මහේස්ත්‍රාත් චමින්ද කරුණාරත්න මහතා අද(29) නියෝග කළේය.
එම ගුරුවරයා ඊයේ (28) බදුල්ල පොලිසියට බාර වූ පසු ඔහුව අත් අඩංගුවට ගෙන (29) අද පස්සර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය ලැබීය.
රමේෂ් රාමචන්ද්‍රන් නමැති මෙම ගුරුවරයා සෞඛ්‍ය හා ශාරීරක අධ්‍යාපන ගුරුවරයා වන නමුදු ඊට අමතරව විදුහල්පතිගේ අවසරය මත ගණිතය විෂය උගන්වා ඇති බවත් පාසැල් කාලයෙන් පසු පාසැලේදීම සිසුන්ගෙන් මුදල් අයකර අමතර පන්ති පවත්වා ඇති බවත් විමර්ශනවලදි අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළේය.
මෙම සිද්ධීන් විදුහල්පතිවරයාගේ අනුදැනුම ඇතිව සිදුවී විමර්ශනය කිරීම සඳහා විදුහල්පතිවරයාගෙන්ද ප්‍රශ්න කරන බව පොලිසිය පැවසීය.
බදුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු
මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ
සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්
පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සිසුන් අපයෝජනය කළ ගුරුවරයා රිමාන්ඩ්