යුරෝපයේ රටවල් 26 කින් සමන්විත ‘ෂෙනගන් කලාපයේ’ රටවල් සඳහා වීසා සඳහා අයඳුම් කිරීමේදී ශ්‍රී ලාංකික පුරවැසියන්ට ලබන වසරේ පෙබරවාරි මාසයේ සිට යූරෝ 80ක් (ආසන්න වශයෙන් රුපියල් 16,000ක්) ගෙවීමට සිදුවනු ඇතැයි වාර්තා වේ.
‘ෂෙනගන් වීසා’ සඳහා ශ්‍රී ලංකා පුරවැසියන් මීට පෙර යූරෝ 60ක මුදලක් ගෙවූ අතර නව නීති අනුව එය යූරෝ 20කින් යූරෝ 80ක් දක්වා ඉහළ නංවා ඇත.
දරුවන්ට වීසා ලබාදීම සඳහා මීට පෙර යූරෝ 35ක මුදලක් අය කළ අතර එය යූරෝ 40ක් දක්වා ඉහළ නංවා තිබේ.
ලබන වසරේ පෙබරවාරි මාසයේ 2 වැනිදා සිට වීසා සඳහා අයඳුම් කරන ක්‍රියාවලියේදී ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් ද විවිධ වෙනස්කම් සිදු කර ඇතැයි වාර්තා වේ.
2019 වසරේ ජූනි මාසයේදී යුරෝපා සංගම් කවුන්සිලය ෂෙනගන් වීසා නීති සංග්‍රහය යාවත්කාලීන කරන ලද අතර එය ඉදිරියේ ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ අනුව ශ්‍රී ලංකාවේ තිබෙන ෂෙනගන් කලාපයට අයත් රටවල තානාපති කාර්යාල ඇතුළු විදේශවල තිබෙන එම කලාපයට අයත් රටවල තානාපති කාර්යාල නව නීති ක්‍රියාත්මක කළ යුතුව ඇත.
අදාළ නව නීති ලබන වසරේ පෙබරවාරි 2 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.
නව නීතිවලට ශ්‍රී ලාංකිකයන්ට සිය සංචාරයට මාස හයකට පෙර වීසා සඳහා අයඳුම්පත්‍රයක් යොමු කළ හැකියාව ද ලැබී ඇත. මීට පෙර එම කාලය මාස තුනක් විය.
ශ්‍රී ලංකාවේ ෂෙනගන් තානාපති කාර්යාල නොමැති අවස්ථාවලදී බාහිර සේවා සපයන්නන් සමඟ එක්ව වීසා අයඳුම් කිරීමේ හැකියාව ද ඇතැයි ෂෙනගන් වීසා පිළිබඳ තොරතුරු ඇතුළත් වෙබ් අඩවියේ සඳහන් වේ. බාහිර සේවා සපයන පාර්ශවවලට සේවා සඳහා ගාස්තුවක් අය කිරීමට අවසරය ලබා දී තිබෙන අතර එහෙත් එම මුදල වීසා ගාස්තුවලට වඩා වැඩි නොවිය යුතුය.
ඒ අනුව බාහිර වීසා සේවා සපයන්නකු හරහා වීසා අයඳුම් කරන්නේ නම් ශ්‍රී ලාංකිකයකුට යූරෝ 160ක (රුපියල් 32,000කට ආසන්න මුදලක්) මුදලක් ගෙවීමට සිදුවනු ඇත. එසේ වන්නේ අදාළ සේවා සපයන්නා සේවා සඳහා අවසරය හිමි උපරිම මුදල වන යූරෝ 80ක මුදලක් අය කළහොත් පමණි.
ෂෙනගන් වීසා තොරතුරු වෙබ් අඩවියේ සංඛ්‍යා දත්තවලට අනුව 2018 වසරේදී ශ්‍රී ලංකාවේ ෂෙනගන් තානාපති කාර්යාල සහ කොන්සියුලර් කාර්යාල හරහා වීසා අයඳුම්පත් 36,449ක් ඉදිරිපත්ව තිබෙන අතර ඉන් 7,302ක් ප්‍රතික්ෂේප වී තිබේ. එය ප්‍රතිශතයක් ලෙස සියයට 20ක් යැයි ද වාර්තා වේ.
ෂෙනගන් කලාපයේ රටවල් අතුරින් ශ්‍රී ලංකාවෙන් වැඩිම වීසා අයඳුම්පත් සංඛ්‍යාවක් ඉදිරිපත් වී ඇත්තේ ප්‍රංශයට වන අතර ඉදිරිපත් වී ඇති අයඳුම්පත් සංඛ්‍යාව 13,236කි.
ස්විට්සර්ලන්තයට වීසා 8,503ක් සහ ජර්මනියට වීසා අයඳුම්පත් 7,912ක් ඉදිරිපත් වී තිබේ.
යුරෝපය සඳහා වීසා අයඳුම්පත් යොමු කිරීමේදී ශ්‍රී ලාංකිකයන් 2018 වසරේදී යූරෝ 2,186,940ක් ( ආසන්න වශයෙන් රුපියල් කෝටි 43ක මුදලක්) වියදම් කර ඇත. ප්‍රතික්ෂේප වූ වීසා අයඳුම්පත් සඳහා කරන ලද වියදම්වල වටිනාකම යූරෝ 438,120ක් (රුපියල් කෝටි 8.7ක්) බව ද වාර්තා වේ.
ඬේලි එෆ්.ටී. ඇසුරිනි
055
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු
මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ
සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්
පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද
ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ෂෙනගන් වීසා අයදුම් කිරීමේදී ලාංකිකයන්ට යූරෝ 80 ක් ගෙවීමට සිදුවේ
de silva Wednesday, 25 December 2019 06:19 AM
ඔය රටවල සංචාරය සදහා යන්නේ නැති බැරි මිනිස්සු නොවේනේ ? ඔවුන්ට යුරෝ 20 එච්චර ප්‍රශ්නයක් නොවේ. එම රටවල බනිස් එකක් කාලා කෝපි එකක් බිව්වත් යුරෝ 10 රුපියල් 2000 විතර මුදලක් ගෙවන්න වෙනවා.