IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ලංවීම ඉංජිනේරුවන්ගේ වැටුප සියයට 15 කපා හැරේ

(රංජන් කස්තුරි)

ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ වැටුප සියයට 15 ක් කපා හැරීමට ලංකා විදුලි බල මණ්ඩලයේ  පාලනාධිකාරීය අද (5) තීන්දු කර තිබේ.

ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන්ට අප්‍රේල් මාසයේ සිට ලබා දෙන්නේ ඉකුත් මාර්තු මාසයේ ඔවුන් ලබාගත් වැටුපෙන් සියයට 85 ක ප්‍රමාණයක් වන අතර ඒ සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ පාලනාධිකාරිය චක්‍රලේඛනයක් නිකුත් කර තිබිණි.

ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන්ට ඉකුත්  2015 වසරේ සිට නව වැටුප් තලයක් ලබා දීම නීති විරෝදී බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් දා තීන්දු කිරීම නිසා ඔවුන්ගේ වැටුප එලෙස අඩු කිරීමට තීරණය කළ බව ලංවීම ආරංචි මාර්ග සඳහන් කරයි.



අදහස් (32)

ලංවීම ඉංජිනේරුවන්ගේ වැටුප සියයට 15 කපා හැරේ

ranjith Friday, 05 April 2019 10:03 PM

ඉන්ජිනේරුවො නෙවෙයි මුන් මහජන මුදල් කාබාසීනිය කරන හැත්තක් විදුලු බල මණ්ඩලේට මේ තරම් ඉන්ජිනේරුවො ඉදලත් කරල තියෙන්නේ මොනවද

:       90       343

Bamunuarachchi Friday, 05 April 2019 11:22 PM

2015 පසුව මන්ත්‍රී අමතියන්ටත් දීපු දීමනා වැටුප් වැඩිකිරීම් නීති විරෝදී කියා කව්රුහෝ පෙත්සමක් ශ්‍රෙෂ්ට්ඨාධිඛරණයට ඉදරිපත් කලොත් එය රට කරන විසාල සේවයක්. රනිල් කලේ රජයේ සේවකයින්ගේ හා මන්තිරියන්ගේ කැමැත්ත ලබාගැනීමට ජනතාවට බදු ගසා උන්ගේ වැටුප් දීමනා වැඩිකර ගැනීමයි.

:       15       61

Bamunuarachchi Friday, 05 April 2019 11:28 PM

ෂුවර් එකටම මේ කපාදමු වැටුප වෙනක්‍රමයකින් ලබාදීමට කටයුතු කරාවි. සංස්ථා, මණ්ඩල ඇතුලේ වැඩ සිද්දවෙන්නේ එහෙමයි.

:       10       56

Bamunuarachchi Friday, 05 April 2019 11:30 PM

ගෙවූ වැටුප නීති විරෝධී නම් 2015 සිට ගෙවූ මුදල් අඩුකර ගන්න.

:       10       61

ඉන්දික Saturday, 06 April 2019 02:14 AM

නොදන්න මඟුල් නොකියා ඉන්නවද කරුණාකරලා...?

:       348       36

ඉන්දික අබේසිංහ Saturday, 06 April 2019 05:07 AM

මේ මොකද.තරහ ගිහින්? උසාවි නියෝගය ගැනනේ මේ වාර්තාව. ඉතින් උසාවිය හරි.

:       9       74

BamunuarachchiSunday, 07 April 2019 11:14 AM

ඉතින් ඔහේ දන්නා මගුල කියන්නකෝ? අපිට කොයි මගුලද හරියන්නේ කියලා බලන්න.

:       0       2

Widulipenu Norochchole Saturday, 06 April 2019 03:16 AM

බලධරයිනි, සියයට 15ක් නොව 50ක්වත් අඩුකළ යුතුය. මේ සියලුම නිලධාරීන් තමුන්ගේ පුද්ගලික වාහන සියල්ලම වෙනත් අයගේ නමට හරවා, විදුලි බලමණ්ඩලයේම කුලී පදනම මත සේවයට යොදවා ඇත. සොයා බලන්න....

:       508       1162

කුමාර ගුණරත්න Saturday, 06 April 2019 04:30 AM

ඒ 15% විකල්ප ක්‍රම මගින් සොයා ගැනීම මාෆියාකාරයින්ට කජ්ජක් නොවේ.

:       235       468

Perakum Saturday, 06 April 2019 05:52 AM

15% නොව 100%ක්ම කපාහැරියත් නොමිලයේ මහජන සේවයට කැපවීමේ අභිලාශය මොවුන් සතුව ඇත.

:       354       132

BamunuarachchiSaturday, 06 April 2019 06:18 AM

එක පත්තරයක තිබෙනවා වෙන දීමනා මගින් එය ගෙවනවා කියලා. ඔන්න කෙරුවාව... මුන්ව පන්නලා 5 ගුණයක් දීලා හරි කමක් නැහැ පිටරටින් ඉංජිනේරුවෝ ගෙනෙනවා නම්...

:       176       615

Raveendra Saturday, 06 April 2019 04:53 AM

අනේ මන්දා... මේ උන්නැහේල බඩගින්නේ මැරෙයිද මන්ද? මොකද මේ නිලධාරීන් සැවොම ඉතාම දුප්පත් මෙන්ම වේල් 3 න් එකක් හෝ දෙකක් කාලා බඩවියත රැකගන්න උදවිය. පව් අසරණයෝ ටික... අලුත් අවුරුද්දත් මේ ගොයියොන්ට නැතිවෙයි වගේ..

:       49       246

samadhi Saturday, 06 April 2019 05:30 AM

යකෝ ලයිට් කපන්න ඕනේ ඇමතිගේනේ සම්පූර්ණයෙන්ම...

:       0       97

සමන් Saturday, 06 April 2019 08:05 AM

මෙයාලා ලංකාවේ විශ්වවිද්‍යාල වලින් ඔය මණ්ඩලයට යන ඉංජිනේරුවෝ කියන්නත් ලැජ්ජයි. ඕකට ගිය වෙලේ ඉඳලා ගසාකනවා. ඒකෙ තියන පහසුකම් භුක්ති විඳිනවා. විදුලිබල මණ්ඩලය කියන්නේ ලංකාවේ ඉහළම දූෂිත ආයතනයක්. පුදුම දීමනා ගොඩක් මෙයාලා ගන්නවා. අඩුම තරමේ ඉන්කම් ටැක්ස් කපන්නෙත් නැහැ. ලැජ්ජාවක් නැද්ද? ලංකාවේ මිනිසුන්ගේ සල්ලි වලින්ම ඉගෙනගෙන අායෙත් එ් මිනිසුන්ගේ මුදල් ගසාකන්න. ඔය මහත්හොරු ටික ඕකෙන් සුද්ද කරලා ඕකෙ පාලනය හරියට හදන්න ඕනේ. ඕක මණ්ඩලයක් විදිහට තියනකන් මෙයාලා ඔය සෙල්ලම කරනවා. සූර්ය බලාගාර වලට අනුමැතිය නොදී.. එල්.එන්.ජී බලාගාර ප්‍රමාද කරලා.., ගෙදරට සූර්ය පැනල හයි කරන.. මිනිසුන්ව පුළුවන් තරම් කඩේ යවලා, එපා කරවන ඉංජිනේරුවෝ තමයි.

:       18       764

RaveendraSaturday, 06 April 2019 10:08 AM

සමන් මයා වෙත, ඇත්තෙන්ම ඔබගේ අදහස් වලින් පෙනී යන්නේ මේ ගොයියෝ පිළිබඳව මනා නිරීක්ෂණයකින් සිටිනා පුරවැසියෙක් බවයි. එමෙන්ම ඔබගේ නිරීක්ෂණ 99.9% ම ඉතාමත්ම නිවැරදිය. අහිංසක මිනිසුන්ගේ බදු මුදල්වලින් ඉගෙන ගෙන එම මිනිසුන්ගේම බොටුව මිරිකන්න තරම් මේ උගතුන් නිවටයෝ වන්නේ නම් මොවුන්ගේ දරු පවුල්වල අනාගතය පිළිබඳව අපට සිතා ගැනීමට හැකිය.

:       1       205

udayaMonday, 08 April 2019 04:35 PM

සමන් ඉංජිනේරුවෝ විතරක් නෙවෙයි... දොස්තරලා දුප්පත් මිනිස්සුන්ගේ බදු මුදල් වලින් ඉගෙන ගෙන පෞද්ගලික වැඩ කරන්නේ. දුප්පත් මිනිස්සු කීයක් මුදල් දෙන්න ඕනෙද එයාලා හමුවෙන්න? අැයි අර දිසාපතිලා එයාලත් එහෙම තමයි. ඔක්කොම එකයි. එ්ක නිසා ඉංජිනේරුවන් විතරක් නෙවෙයි හැම දෙනාටම විශ්ව විද්‍යාලේ අවසන් වුණාම ආණ්ඩුවෙන් ගිය වියදම නැවත ගන්න එක තමයි හොඳ...

:       0       3

janak Saturday, 06 April 2019 08:08 AM

එතකොට මේ වෙනකන් ගෙවපු ඒවා කපන්නේ නැද්ද?

:       0       130

Jagath.Mathara Saturday, 06 April 2019 08:10 AM

ඔය ඉංජිනේරුවෝ හොඳයි කියන අය කියන්න බලන්න ඔය ඉංජිනේරුවෝ කියන අය සම්බන්ධ පුද්ගලික බලාගාර කීයක් තියනවද? කියල‍ා එතකොට තේරෙයි එයාලගේ වැඩ. අනික අනිත් සමාගම්වලින් ඉංජිනේරුවන්ට ලැබෙන කොමිස් කුට්ටි ඒවත් කියන්නකෝ බලන්න... ඉංජිනේරුවෝ හරිම හොඳයි. පුදුම රටක් මේක...

:       40       441

Yasantha Saturday, 06 April 2019 09:52 AM

ඇමතිතුමන්ගේත් පඩි කැපුවා නම් තමයි හොඳ..

:       1       3

රසික Saturday, 06 April 2019 11:05 AM

විදුලි බලමණ්ඩලය වහාම පුද්ගලීකරණය කළ යුතුය. මෙම ආයතනයේ ඉංජිනේරුවන් පමණක් නොව රියැදුරන්, ලිපිකරුවන්, බිල් බෙදන්නන් පවා මාසිකව ලක්‍ෂ ගණන් වැටුප් ලබා ගනියි. පාසලක උපාධිධාරී ගුරුවරයෙක් ලබගන්නේ රුපියල් 29,000ක් පමණ වේ.

:       2       429

මනොජ් Saturday, 06 April 2019 11:41 AM

මොවුන් ළඟදි වහින්න පූජාවක් තිබ්බ නේද? ඔන්න ඒකේ ප්‍රතිඵල...

:       25       94

BamunuarachchiSaturday, 06 April 2019 05:17 PM

විදුලි බලමඩලයේ ඉන්ජිනේරුවෙක්ව බිල්ලට දුන්නොත් හෙටම වස්සවනවා කියල වැහිවලාක දිවියෝ මට කීව. පලඋනොත් කතාවේ කතාවේ ඉතුරු ටික කියන්නම්.

:       0       72

Asanka Saturday, 06 April 2019 04:50 PM

මම දන්න විදියට CEB එකේ පඩි වැඩි ඉංජිනේරුවන්ට නෙමෙයි. අනෙකුත් සේවකයන්ට.. ඩ්‍රයිවර් කෙනෙක්ගේ වැටුප් ගැන හොයලා බැලුවාම තේරුම් ගන්න පුලුවන්..

:       1       147

Gamini Sunday, 07 April 2019 06:12 AM

ඉංජිනේරුවා විතරක් නොවෙයි ඕකෙ මනුකියනවන්නටත් විශාල පඩියක් ගෙවනවා. රාජ්‍ය සේවයේ ඉංජිනේරුවාට වඩා ලංවිම කාර්යාල සේවකයාටත් පඩි වැඩියි. එකම රාජකාරිය කරන විවිධ ආයතනවල වැටුප් අතර ඉතා විශාල නොගැලපිමක් තිබෙනවා. රාජ්‍ය මෙන්ම අර්ධරාජ්‍ය ආයතන සඳහා පොදු වැටුප් ව්‍යුහයක් අවශ්‍යයි

:       0       44

ගස්පෙ Sunday, 07 April 2019 06:27 AM

ඉංජිනේරුවන් මුද නොලබා අතිරේක රාජකාරී කරන අතර, ඊට පහළ තලවල අත්තිකාළ සේවයේ යෙදී වැඩක් නොකර පඩි ගනී

:       3       21

Ranjan Sunday, 07 April 2019 06:44 AM

මේකෙ අදහස් දාල තියෙන සමහරුන්ට නම් පුදුම සතුටක් තියෙන්නේ මනුස්සයෙක්ට ලැබෙන දෙයක් නැති කරනවට. පුදුම කුහක රැලක්.

:       56       85

ajith Sunday, 07 April 2019 09:59 AM

මම මේක හරිද වැරදිද කියන්නේ නෑ. එ්ත් ඉංජිනේරුවන්ට අඩු සැලකිලි තියන රටක් දියුණු වෙන්නේ නෑ. එ්කට හොඳම උදාහරණය ලංකාව... මේකේ අනෙක් අයගේ අදහස් වලින් තේරෙන්නේ රටේ තියන ඉහවහා ගිය දූෂණය, වංචාව නැතුව ලංවිමට විතරක් වුණු දෙයක් නෙවෙයි. මේකට හේතුව අධික දේශපාලන ඇඟිලි ගැසීම්...

:       1       34

BamunuarachchiMonday, 08 April 2019 12:42 AM

හලෝ ඉංජිනේරුවන්ට කියා රටක විශේෂ සැලකිලි කොරන්න බැහැ. මොනම වුර්තිකයෙකුට විශේෂ සැලකිලි ලැබිය යුතු නැත. හේතුව ඔය පුද්ගලයින් ඔවැනි තත්ත්ව වලට ගෙනාවේ ජනතාවගේ මුදලින් නිසා. හෝඩිය පන්තියේ සිට විශ්වවිද්‍යාල දක්වා අධ්‍යාපනය දුන්නේ රටෙජනතාවගේ මුදලින්ය. ඔවුන් තවමත් රටේ ජනතාවට දෙන පහසුකම් භුක්තිවින්දී. නොමිලේ අධ්‍යාපනය නොලැබුනානම් ඔතන කීදෙනෙක් ඉංජිනේරුවෝ වෙනවාද? රටේ ආදායම් තත්වය අනුව වුර්තිකයින්ගේ වැටුප් නියම වෙනවා හැරෙන්නට එක වුර්තියකට විශේෂ සැලකිලි දියයුතු නැත. ඉන්දියවෙන් ඉංජිනේරුවෝ ගෙන්වුවොත් මීට වඩා අඩු මුදලකට සේවය ලබා ගත හැක. වෙනරටවලත් වුර්තිකයින්ට විශේෂ සැලකිලි කරනවාද? මේගොල්ලෝ අලුත් අලුත් නිපැයුම් රටට කරනවාද. අපේ ඉංජිනේරුවන් කරන්නේ පිටරට ඉංජිනේරුවන් මෙරටට ඉඳිකර ව්‍යාපෘති පවත්වාගෙන යාම පමණයි. ඒගොල්ලෝ කරපු විශේෂ මගුලක් නැත එහෙනම් මොන කෙංකෙඩියකටද විශේෂ සැලකිලි දෙන්නේ.

:       54       32

BamunuarachchiMonday, 08 April 2019 01:12 AM

අජිත් ඉංජිනේරුවන්ට කියා අඩු සැලකිල්ලක් අපේරටේ සිදුවන්නේ නැත. එසේම කාටවත් විශේෂ සැලකිලි දිය යුතුත් නැත. අලුතින් පටන් ගන්නා සැම ව්‍යාපෘතියක්ම අපි විදේශීය සමාගම් වලට දෙනවානේද? ඒවාට අවශ්‍ය දැනුම සහ උපකරණ යන්ත්‍ර පිටරටීම ගෙනෙනවානම් අපේරටේ ඉංජිනේරුවන්ට විශේෂ සැලකිලි මොකටද? කුලසිංහ මහතාගේ කොන්ක්‍රීට් රෙන්ෆොස් කිරීම හැරෙන්නට අපේ ඉංජිනේරුවන් කල විශේෂ සොයාගැනීමක් ගැන අසා නැත. අපේ අය කරන්නේ පිටරට ඉංජිනේරුවන් කරදුන් ව්‍යාපෘති පවත්වාගෙන යාම පමණී.

:       0       34

RanjanMonday, 08 April 2019 11:04 AM

අජිත් මහත්තය ඔබගේ මතය නම් 100% නිවැරදියි. බමුණන් හිතන්නේ බමුණන්ට වඩා උගතුන් මේ ලෝකයේම නැහැ කියාය. මේ රටේ පමණක් නොව අනිත් රටවල් වල පවා නම තබා ඇති උගතුන් බුද්දිමතුන් අප රටේ සිටින්නේය, සිටියේය. මාර්ටින් වික්‍රමසිංහ, විමල සුරේන්ද්‍ර, දොස්තර බිබිලේ වික්‍රමසිංග වැනි උගතුන් බුද්ධිමතුන් අප රටට කල මෙහෙය මනින්න බැරි බව උගතුන් නම් දන්නේය. ඉංජිනේරු, වෛද්‍ය, සාහිත්‍ය, හමුදාවල වැනි කුමන ක්ෂේත්‍රයක වුවත් එවැනි උගතුන්ට බුද්ධිමතුන්ට විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුය. ඒ ඔවුන්ගේ බුද්ධියටත්, ඔවුන් කරන සේවයත් සලකාය. නමුත් එවැනි සැලකිල්ලක්, විශේෂත්වයක් තමන්ට වඩා දන්නා කෙනෙක් නැතැයි කියා සිතන මි කුලයේ ගොන් බමුණන්ට අවශ්‍ය නැත.

:       0       14

කසුන් Sunday, 07 April 2019 09:19 PM

ඉන්ජිනේරුවගේ වැටුප් මෙන්ම අනෙකුත් සේවකයන්ගේද වැටුප් අඩු කරන්න ඕන.ඔය කාගේත් සැලකිලි බලන්න යන්න ඕන ඒ අයගෙන් සේවයක් ගන්න.මිනිස්සුන්ව පැය ගනන් රස්තියාදු වෙනව.මේ ආයතනයේ ගොඩක් ලිපිකරු නෝනා මහත්වරු හිතන්නේ ඔව්න්ගේ මුදලින් විදුලිය ලබා දෙනවා කියලා. බොහෝ අය කොන්ඩේ පීරන්නේ හැඩ වෙන්නේ මහත්වරුන් දරුවන් ගැන බලන්නේ පොලේ යන්නේ වැඩට ආවම.මේතැන ඉන්න ගොඩක් නෝනාලා 8 වසර සමත් අයවලුන්.නැත්නම් දේශපාලන බල පුලුවන් කාරකම් වලින් ආව අය.ඔය අයතනයට ලිපිකරුවන් බදවා ගැනීම අවම සුදුසුකම උපාධ්යක් වත් කරානම් ඉගන ගෙන ගෙවල් වල ඉන්න ලමයින්ට කරන සදාරණයක්.මේකේ වැඩකරන ලිපිකරුවකුගේ අවම වැටුප 49000 වගේ වෙනවා.තව ඕටී අනෙක් දීමනා අවම 60000 එහා වැටුප් ගන්නා අය.මේ සියලුම දෙනාගේ වැටුප් අඩු කරනම් විදුලි බල මංඩලය ලාභ ලබන අයතනයක් බවට පත් කරන්න පුළුවන්.

:       0       339

Bamunuarachchi Monday, 08 April 2019 12:58 AM

ගස්පේ විදුලි ඉංජිනේරුවන් නොවෙයි ඉහල වැටුප් තලවල සිටින කිසිම කෙනෙකුට අතිකාල ගෙවන්නේ නැත. එමනිසා ඉඳහිට කාලයෙන් අමතරව වැඩකිරීම ලංකාවේ විදුලි ඉන්ජිනේරුවන්ට් විශේෂ සැලකිලි ලබන්න හේතුවක් නොවෙයි. වැඩ නොකර අතිකාල ලබන එක ලංකාවේ සාමාන්‍ය දෙයකි. එය පිටරටවල කරන්නට බැරිය. ඇමරිකාවේ මෙන් "හයර් ඇන්ඩ් ෆයර්" ක්‍රමය ලංකාවෙත් තිබෙනවානම් කව්රු කව්රුත් තම සේවය නිසියා කාරව කරනු ඇත.

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 1 0

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 154 0

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 289 0

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 162 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 396 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 767 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1722 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1560 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site