IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


බූස්සේ රැඳවියන්ගේ ආහාර වර්ජනය අවසන්

(ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා)
 
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂිත ගණයේ රැඳවියන් පිරිසක් ආරම්භ කර තිබූ ආහාර වර්ජනයේ නිරතව සිටි ඉතිරි රැඳවියන් 13 දෙනා ද ආහාර ලබා ගැනීම හේතුවෙන් එම වර්ජනය අවසන් වූ බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා  පැවසීය.
 
මෙම විශේෂිත ගණයේ රැඳවියන් 45 දෙනෙකු ඉකුත් 10 වැනි දින උදෑසන සිට ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන ආහාර වර්ජනයක නිරත වූ අතර එයින් කිහිපදෙනෙක් ඉකුත් දින කිහිපයේදී ආහාර ගැනීමට යමින් වර්ජනයෙන් ඉවත් වූහ. අද උදෑසන වනවිට වර්ජනයේ යෙදෙමින් සිටියේ13 දෙනෙකු පමණකි. ඔවුන් ද ආහාර ගැනීමට පැමිණීම හේතුවෙන් වර්ජනය අවසන්ව ඇත.
 
මෙම ආහාර වර්ජනය හේතුවෙන් සෞඛ්‍ය තත්වය පිරිහී ගිය ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෙකු වන ‘කංචිපානි ඉම්රාන්’ නැමැත්තා පෙරේදා බූස්ස නාවික හමුදා කදවුර රෝහලට ඇතුලත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබිණි.

 



අදහස් (18)

බූස්සේ රැඳවියන්ගේ ආහාර වර්ජනය අවසන්

විජේ Monday, 14 September 2020 07:48 AM

මේ අය හිතාගෙන ඉන්නෙ කවුරු කියලද දන්නේ නෑ, කාලකන්නි.

:       2       1265

විජේ Monday, 14 September 2020 07:54 AM

කැඳ බිබී හිටපු අය ගිහින් තියන උඩ, අනේ නිකං යන්න කැඳවතුර ඉම්රාන්... පව් නොදී.

:       2       1121

sam Monday, 14 September 2020 07:59 AM

ඔය එක එක්කෙනා මැරෙන්න ඇරියා නම් ඉවරයි. ඔවුන් හින්දා කොච්චර තරුණ ළමයින්ගේ ජීවිත කාලකණ්ණි වුණාද? පවුල් කීයක් විනාශ වුණාද?

:       0       1164

prabha Monday, 14 September 2020 08:03 AM

කවුද තැඹිලි වතුර බොන්න දුන්නේ?

:       155       129

BamunuarachchiTuesday, 15 September 2020 02:58 AM

මොන තැබිලිද.?

:       0       0

Premathilaka Monday, 14 September 2020 08:44 AM

අපරාදෙ නැවැත්තුවේ... තව සතියක් විතර ඔහොම්ම ඉඳලා මැරිලා ගියා නම් ඒක මේ මුලුරටටම කරන ලොකුම සෙතක්... කාලකන්නි.

:       0       2058

RaveenraMonday, 14 September 2020 11:02 AM

සහතික ඇත්ත.. මෙම කාලකන්නින් නිසා විනාශ වුණු ජීවිත මතක්වෙන්නත් එක්කම හාමතේම දිව්‍යලෝකේ යන්න ඉඩ සලස්වන්න තිබුණේ... දැන් සොයා බැලිය යුත්තේ මොවුන්ගේ පිටුපසින් සිටිය දේශපාලුවන් හා NGO ටකරන් මඩු පිළිබඳවයි..

:       12       238

Champa Monday, 14 September 2020 08:48 AM

මොකක්ද මේ විශේෂිත ගණය? මේ වගේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් සහ සංවිධානාත්මක මිනීමරුවන් එකට එක තැන තියන්න කියලා විශේෂිත අණක් දුන්නු බලධාරියා කවුද? කන්ජිපානි ඉම්රාන් උපවාස කලේ එක දවසයි. එක දවසින් ඉස්පිරිතාලේ. කොහොමද ඒක? විමල් උපවාස කළාම ඉස්පිරිතාලේ ගෙනිච්චේ දවස් 9කට පස්සේ. මේ අය එකදවසෙන් ඉස්පිරිතාලේ. මේවා පිටිපස්සේ ඉන්නේ කවුද? සංවිධානාත්මක මිනීමරුවන් හිරගෙදර උපවාසයක් සංවිධානය කලේ කොහොමද? විශේෂිත ගණයේ කියලා හඳුන්වන මේ සියලු සංවිධානාත්මක මිනීමරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඔවුනොවුන් හා සන්නිවේදනය කරන්න බැරි විදිහට වෙන වෙනම සිර කඳවුරුවල දැමිය යුතුයි කියන සාමාන්‍ය දැනීම බන්ධනාගාර දෙපාර්තුමේන්තුවට නැත්ද? නැත්නම් අදිසි හස්තයක් මේ ගොල්ලන්ට සැප දෙන්න බූස්සට යවන්න කිව්වාද? පැහැදිලිවම මොවුන් පෝෂණය කරන දේශපාලකයෙක් ඉන්නවා.

:       1370       714

යාපාMonday, 14 September 2020 10:38 AM

අනේ චම්පෝ. ඔහේ වගේ මැට්ටන් වෙලාවට මේ රටේ වැඩිය නැත්තේ...

:       170       288

ChampaMonday, 14 September 2020 11:23 AM

මිනිස්සු මැට්ටෝ කියලා හිතාගෙන තමයි මේවා කරන්නේ... හැබැයි ඕනෑ කෙනෙකුට තේරෙනවා මෙතන යන සෙල්ලම...

:       454       325

JayTuesday, 15 September 2020 06:58 AM

ඔයාගේ ඔය ප්‍රශ්න පත්තරේ ජනරාල් කමල් ගුණරත්නට යොමු කරන්න... අපෙන් අහලා වැඩක් නැහැ...

:       0       14

Nihal Monday, 14 September 2020 08:55 AM

කතාව නම් රටටම ගහන්න. දවස් 2ක් නොකා ඉන්න බෑ. ඔන්න මහලොකු චණ්ඩින්ගේ හැටි. සද්දෙ තියන හැම දේකම අැතුල හිස්...

:       0       350

beau Monday, 14 September 2020 08:58 AM

අයියෝ, මොකද IRC වීරයන්ට වුණේ? ආරක්ෂක ලේකම්තුමා කිරිගහට ඇන්නා වගේ කිව්වනේ ඕක වෙයි කියලා බඩගිනි වෙනකොට..

:       5       477

Kuma Monday, 14 September 2020 09:05 AM

පිනට දෙන දේ කන්නත් රටේ නැති දේවල්...

:       0       126

නෙවිල් Monday, 14 September 2020 09:15 AM

කැඳයාට ලෙඩක් තියෙනවා කියලා ඊසීජී එකෙන් සනාථ වුණෙ නැහැ. අසනීපයි කියලා එතනත් බොරුව. දැන් දැනගන්න අවශ්‍ය උපවාසෙ අත්හැරියේ මොනමොන ඉල්ලීම් දිනලද? නැත්නම් බඩගින්නෙ ඉන්න බැරුවද කියලා...

:       0       160

Asanga Monday, 14 September 2020 02:05 PM

අපරාදේ එකෙක්, දෙන්නෙක් යවන්න තිබ්බ චාන්ස් එක...

:       0       238

RaveendraMonday, 14 September 2020 03:51 PM

ඇත්තෙන්ම ඔබ නිවැරදියි. කලාතුරකින් ලැබෙන සමාජයට මිලකළ නොහැකි වස්ථාවක් මග හැරුණා. කළු කබා ඇඳගත්ත අය ඇඟිලි ගැන ගැන හිටියේ අතොරක් නැති කෙප්ප, මෝඩ තර්ක දෙසාබාලා මොවුන් බේරගන්න. කුඩු සල්ලිවලින් සැප විඳින්න.

:       5       273

Bamunuarachchi Tuesday, 15 September 2020 02:42 AM

බඩගිනි වුනාම රජ ගෙදර බලලා අර මොනාද කෑවලු.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 0 0

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 152 0

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 283 0

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 161 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 395 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 763 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1722 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1560 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site