IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


බුද්ධි තොරතුරු නොසළකා හළ වගකිව යුත්තන්ට අධි චෝදනා ගොනු කරන්න

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

 

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයක්  එල්ල කිරීම සම්බන්ධයෙන් අදාළ බුද්ධි අංශ අනතුරු අගවා තිබියදීත් අදාළ වගකිවයුත්තන් එය නොසළකා හැරීම සම්බන්ධයෙන්  ඔවුන්ට එරෙහිව අධි චෝදනා  ගොනු කළ යුතු යැයි ඇන්ග්ලිකන් සභාවේ කොළඹ දියෝකීසයේ අගරදගුරු තුමන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ චානක සිල්වා මහතා අද (4) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කීය.   

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය මැඩ පැවැත්වීමට කටයුතු නොකිරීම තුළින් මූලික අයිතිවාසිකම් කඩ කළැයි චෝදනා කරමින්ට හිටපු ආරක්ෂක ලේකම් හා පොලිස්පති අමාත්‍ය  මණ්ඩල සාමාජිකයින් ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් අද (4) යළි කැඳවනු ලැබූ අතර එහිදී හෙතෙම මේ බව කියා සිටියේය.

මේ ගැන බලධාරීන් දැනගෙන සිටි හෙයින් එය සමාව දිය නොහැකි කරුණක් බවත් , එහෙයින් ඔවුන්ට එරෙහිව අධි චෝදනා වහා ගොනු කළ යුතු යැයි ද ජනාධිපති නීතීඥ චානක සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

අතිඋතුම් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ පෙර ලැබුණු බුද්ධි තොරතුරු ලබා දී තිබුණේ නම් පාස්කු ඉරු දින පැවැත්වීමට නියමිතව තිබූ දේව මෙහෙයන් අවලංගු කිරීමට හැකියාව තිබුණු බවත් එසේ කළේ නම් සිදුවූ මහා ඛේදවාචකයක් වළකා ගැනීමට හැකියාව තිබුණු බවයි. 

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති  නීතිඥ ශමිල් පෙරේරා මහතා කරුණු දක්වමින් නත්තල් දිනයට පමණක් දෙවැනි වන කතෝලිකයින්ට ඉතාම වැදගත් දිනයක් වූ පාස්කු ඉරුදින එල්ල කෙරුණු මෙම ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබූවන් වෙනුවෙන් යුක්තිය ඉටුකරගැනීම සඳහා අගරදගුරු හිමිපාණන් විසින් මෙම කරුණු දැක්වීම සිදු කරන බවද සඳහන් කළේය.

නඩු විභාගය තවදුරටත් පැවැත්වේ.



අදහස් (6)

බුද්ධි තොරතුරු නොසළකා හළ වගකිව යුත්තන්ට අධි චෝදනා ගොනු කරන්න

චමින්ද ජයනාත් ජයසූරිය Wednesday, 04 September 2019 11:23 AM

ලෝකේ සමහර රටවල නම් මෙහෙම අයට නඩු විභාගයකින් අනතුරුව කෙලින්ම මරණ දඬුවම.. ලෝකේ තවත් රටවල නම් මෙහෙ අයට ජීවිතාන්තය දක්වාම සිර දඬුවම්.. ලොකෙ තවත් රටවල බරපතල වැඩ සහිතව වසර තිහ හතළිහක් සිරගෙට.. පෙර කරුණු දැනදැන අහිංසක ජනයාට මැරෙන්නට ඉඩ හැර රටේ ප්‍රධාන පුරවැසියන්, නිලධාරීන්, බලධාරීන් බලා සිටීම... මට හිතෙන්නේ සහරාන්ලාටත් වඩා කරපු වරදක් කියලා...

:       0       5

DharmasiriWednesday, 04 September 2019 01:24 PM

මට හිතෙන්නේ සහරාන්ලාටත් වඩා කරපු වරදක් කියලා.. ඔබ හරියටම හරි.. මට හිතෙන්නේ සහතිකවම ඉඳුරාම මේ සාහසික හිතාමතා කළ මහා ජන ඝාතනයක්... පුදුමය නම් තවමත් ආණ්ඩුව මේවට අනුබල මිස විරුද්ධව කිසිත් නොකරන එක. ඒ කියන්නේ ත්‍රස්තවාදීන් = ආණ්ඩුව..

:       0       0

Mahee Wednesday, 04 September 2019 11:59 AM

ඇමති මණ්ඩලේ කට්ටියත් ඉන්නවා නම් මං මේ නඩුව අහන්න කැමති නෑ.

:       0       0

rim Wednesday, 04 September 2019 12:32 PM

සහතික ඇත්ත. මේ ඔක්කොම දැනගෙන තමයි බකන් නිලාගෙන ඉඳලා තියෙන්නේ. නීතිය හරිහැටි ක්‍රියාත්මක වුනොත් මේ සේරම ඇතුලේ. එ්ත් අපේ රටේ එහෙම වෙන්නේ නැහැ. පව් අහිංසක මිනිස්සු...!!!

:       0       0

විජිත් Wednesday, 04 September 2019 02:02 PM

එහෙනම් ඉතින් දියවන්නාවේ ඌරු කොටුවම වහන්න වෙනවා.

:       0       0

Prabha Wednesday, 04 September 2019 02:59 PM

තමුන්ගේ ලාභ ප්‍රයෝජනය හැර ගස්ගල් ගානේ උපවාස නොකර අගරදගුරුතුමා නීතියේ පිළිසරණ පැතීම ගැන මගේ ගෞරවාදරය එතුමාට...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 111 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 344 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 225 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 200 1

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 438 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 535 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site