IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


පාසල් ළමුන්ගේ පෝෂණය නංවන්න බිත්තර දෙන්න යයි

පාසල් ළමුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ දැමීම සඳහා දෛනිකව බිත්තරයක් ලබාදීම පිළිබඳව සොයා බලන්නැයි අධ්‍යාපන අමාත්‍යවරයාට උපදෙස් ලබා දී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11) පැවසීය.
 
බේකරි හිමියන්ගේ සංගමය හා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය විජේරාම නිලනිවසේදී හමු වූ අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
 
බේකරි නිෂ්පාදන සඳහා බිත්තර මිල බලපාන ආකාරය පිළිබඳව බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය විසින් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළ අතර බිත්තර නිෂ්පාදනයේ දී වැයවන අධික පිරිවැය සම්බන්ධයෙන් බිත්තර නිෂ්පාදකයෝ එහිදී කරුණු පැහැදිලි කළහ. දිවයිනේ සියලුම බේකරි නිෂ්පාදන ආයතන සඳහා ස්ථාවර තොග මිලකට බිත්තර ලබාදීමට හැකි බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය මෙම හමුවේදී අවධාරණය කළේය. ඒ අනුව පාරිභෝගිකයන්ට සහනයක් සැලසෙන අයුරින් සංගම් දෙක අතර ගිවිසුම්ගත සම්මුතියකට පැමිණෙන්න යැයි අග්‍රාමාත්‍යවරයා අදාළ නියෝජිත පිරිසට දැන්වූයේය.
 
කුකුළු පැටවකුගේ මිල රුපියල් 175-200 අතර මිලකට පහත හෙළීම පිළිබඳව සහ බිත්තර නිෂ්පාදකයන් සහ බේකරි හිමියන් සඳහා වන ගිවිසුම්ගත එකඟතාවයට මැදිහත්වන්න යැයි අග්‍රාමාත්‍යවරයා  විෂය භාර අමාත්‍යවරුන්ට මෙම හමුවේදී උපදෙස් දුන්නේය.
 
මෙම අවස්ථාවට සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පශු සම්පත්, ගොවිපොල ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් හා අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් අමන්දා කරුණාතිලක මහත්මිය ඇතුළු බිත්තර නිෂ්පාදකයින් හා බේකරි නිෂ්පාදකයින්ගේ සංගමයේ නිලධාරී මහත්ම මහත්මීහු  රැසක් එක්ව සිටියහ.



අදහස් (12)

පාසල් ළමුන්ගේ පෝෂණය නංවන්න බිත්තර දෙන්න යයි

Champa Friday, 11 September 2020 12:19 PM

කොච්චර හොඳ දෙයක්ද? මහින්දානන්ද අලුත්ගමගේ දරුවන්ට මෙතෙක් කල් දීපු කිරි එක නවත්තලා ලුණු කැඳ දෙන්න හදනවා. මහින්දානන්ද හාල් කැඳ කියලා කියන්නේ ලුණු කැඳ වලට. පාසල් දරුවන්ට කිරි පැකට් එකක් දෙන එක මුලින්ම පටන් ගත්තේ අගමැතිතුමා ජනාධිපතිවරයා වෙලා ඉන්න කාලේ 2013 අවුරුද්දේ. කිරිවලින් ලැබෙන පෝෂණය ලුණු කැඳ වලින් ලැබෙන්නේ නැති බව මහින්දානන්දට කවුරු හරි කියලා දෙන්න. දරුවන්ට දෙන කිරි එක නවත්තන්න ඉඩ දෙන්න එපා.

:       140       870

ChampaFriday, 11 September 2020 02:31 PM

මගේ ප්‍රතිපත්ති මොනවා වුණත්, මන්ද පෝෂණයෙන් පෙලෙන ලංකාවේ බහුතරයක් පාසල් දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් මොනවා දුන්නත් මම විරුද්ධව මුකුත් ලියන්නේ නැහැ. මෙතන එහා පැත්තේ ප්‍රවෘත්තියක් තියෙනවා කන්න නැති නිසා දරුවන්ව පාසල් එවන්නේ නැති බව පාසලට දන්වපු අම්මා කෙනෙක් ගැන. දවසක් ප්‍රවෘත්තියක් තිබුණා උතුරේ ළමයි පාසලට එන්නේ පාසලෙන් දෙන කෑම එක නිසා කියලා. බිත්තර දෙන තීරණයත් එක්කම දරුවන්ට ඉදුණු කෙසෙල් ගෙඩි එක බැගිනුත් දෙන්න පුළුවන් නම් හොඳයි. බිත්තරවල තියෙන පෝෂ්‍ය ගුණයම ඉදුණු කෙසෙල්වලත් තියෙනවා.

:       0       148

PrasaFriday, 11 September 2020 08:53 PM

චම්පා, මෙතැන අගමැති ප්‍රොමෝට් කරන්න එපා, දේශපාලන ප්‍රචාර දාලා... මොකද, ඉස්කොලේ ළමයින්ට කිරි පැකට් දුන්නා 2013 ඉස්සර.. මම ඉස්කෝල යනකොට 1986 අපිට කිරිපැකට් ලැබුණා.

:       0       0

සමරේ Friday, 11 September 2020 01:20 PM

ගවමස් තහනම් කර බිත්තර ගිල්ලවීමට යෑමේ පව් පින් අනුපාතය කිමෙක්දැයි පහදා දෙන්න මහරජාණෙනි....

:       1488       407

ChampaFriday, 11 September 2020 02:16 PM

මම ගව මස් තහනමට සම්පූර්ණ සහයෝගය දෙනවා. නමුත් කෘෂිකර්ම ඇමති පාසල් දරුවන්ට දෙන කිරි එකත් නවත්තලා ලුණු කැඳ දෙන්න යනවා නම් ඊළඟට දෙන්න තියෙන පහසුම දේ මොකක්ද? දරුවෝ බිත්තර කන එක නතර කරන්න ඉස්සෙල්ලා, වැඩිහිටියෝ බිත්තර කන එක නවත්තන්න ඕනේ. එහෙම කරන්න නම් මස් නැතුව බිත්තර විකුණන මිනිස්සුන්ට වෙන රැකියාවක් දෙන වැඩ පිළිවෙලක් හදන්න ඕනේ. අද රටේ බොහෝ දරුවන් මන්ද පෝෂණයෙන් පෙලෙනවා. තුන්වේලම කන්න නැති දරුවොත් ඉන්නවා. උදේ ආහාරය නොගෙන පාසල් යන දරුවෝ ලක්ෂ ගානක් ඉන්නවා. හරිහැටි කෑමක් නැති පාසල් දරුවන්ට කිසි දෙයක් නොදී ඉන්නවට, වඩා බිත්තරයක් දෙන එකේ වැරැද්දක් මම දකින්නේ නැහැ.

:       0       320

සමරේFriday, 11 September 2020 06:03 PM

සරලවම කියන්නම්. ආගමික මතවාද සහ පෝෂණවේදය යනු මට නම් පුද්ගලිකව කාරණා දෙකකි. මාංශ ආහාර අනුභව කිරීම හොඳ නරක ආගමානුකූලව විමසීමට වඩා මමත් ඔබ කියනවා වගේම ළමයින්ගේ පෝෂණ ගැටළුවට ලැබෙන විසඳුමක් ගැන සතුටුයි. එහෙත් මෙවැනි දේ තමන්ගේ වාසිය දේශපාලනීකරණයකට ලක්කර අවස්ථාවාදීව තමන්ගේ වාසියට ගැනීම ගැන අසතුටුයි. එ් නිසා ගව මස් සහ බිත්තරවල පව් පින් අනුපාතයකට සලකා කටයුතු කිරීමත් විහිළුවකි...

:       0       0

Nuwan Friday, 11 September 2020 01:29 PM

ඔය ගවමස් තහනම් කතාව දිගින් දිගටම වනාන්තර විනාශ, රාජකීය ගොඩනැගිලි කැඩීම් වැනි රජය අපකීර්තියට පත්වුණු දේවල් යටගහන්න බෞද්ධ ජනයාට දීපු ගුණ්ඩුවක්... අනික ඉතින් ඔය බිත්තර කතාව ආපු එකේ ඔය එක බිත්තරයකින් රුපියල් කීයක් සාක්කුවලට යාවිද දන්නේ නැහැ අපේ හාමුදුරුවනේ.

:       1195       1397

MalikaSaturday, 12 September 2020 02:46 AM

මන්දපෝෂණයෙන් පෙලෙන දරුවන්ට හොඳයි මේ ගත්තු පියවර... ඒත් කිරි එක නවත්වන එකට එකඟ වෙන්න බැහැ. කොහොම වුණත් කාගෙද දන්නේ නැහැ මේ බිත්තර කතාවේ ෆාම් අයිති වෙන්නේ... ආණ්ඩුවේ කාටද මහා පරිමාණයේ ෆාම් තියෙන්නේ. ඔන්න එයාට හරි එතකොට...

:       0       0

Wca Friday, 11 September 2020 09:03 PM

ඔය ඉස්සර අපිටත් දුන්නා වගේ මුද්දර කාඩ් එකක් දුන්නා නම් ඉවරයිනේ...

:       0       0

සමරේ Saturday, 12 September 2020 02:49 AM

හරක්මස් වල පව් වැඩි නිසා පව්... අඩු බිත්තර කන උපාසක උපාසිකාවෝ බහුතරයක් මම දාපු කමෙන්ට් එකට අන්ලයික් කරලා වගේ. හොදි වල පව් නෑමයි කියලා කන්නත් පුලුවන් ඒ අයට...

:       0       0

Puppa Saturday, 12 September 2020 01:21 PM

මේ ඔක්කොම සංදර්ශන... මේවා වෙන වැඩ නෙමෙයි..

:       0       0

Sirisena Sunday, 13 September 2020 04:00 AM

රටින් බිත්තර? පාසල් ළමුන්ට බිත්තර? ඉන්දියාවේ සහ චීනයේ ප්ලාස්ටික් බිත්තරත් තියෙනවා. දේශපාලකයෝ කොනක ඉඳන් කරන ජාවාරමක් නොවු‍ණොත් නම් මේක ලංකාව නොවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එළවලු දන්සලක් පන්නිපිටියේ
2024 මැයි මස 08 166 0

මිනිසුන් විසි දහසකට ආසන්න පිරිසක් වෙනුවෙන් නොමිලයේ එළවළු ලබා දීමේ ’’එළවළු දන්සැලක්’’ මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ අද (08) දින පැවැත්විණි.


බිංගිරිය කර්මාන්ත කලාපය ගැන ජනපති නියෝගයක්
2024 මැයි මස 08 106 0

බිංගිරිය කර්මාන්ත කලාපයේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු මෙම වසර අවසන් වීමට පෙර නිම කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.


‘කෘෂිකර්ම දියුණු නොකර ආර්ථිකය හදන්න බෑ‘
2024 මැයි මස 08 157 1

කෘෂිකර්මාන්තය දියුණු නොකොට ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


ලයිට් බිල අඩු කරන යෝජනා අනිද්දට කලින් දෙන්න
2024 මැයි මස 08 323 0

විදුලි බිල අඩු කිරීමේ යෝජනා අනිද්දාට (10)පෙර ලබා දෙන ලෙස මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට දන්වා ඇත.


පරිසරය-දේශගුණික විපර්යාසවලට පොදු නීතියක්
2024 මැයි මස 08 125 0

පරිසරය සහ දේශගුණික විපර්යාස සඳහා පොදු එක් නීතියක් ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


ඩයනා එක්ක පාර්ලිමේන්තු ආ සජ‌බෙටත් වැඩ වරදීද?
2024 මැයි මස 08 4401 11

පුරවැසි භාවය නැති කෙනෙක් ලියාපදිංචි කළ පක්ෂයකින් පාර්ලිමේන්තු ආ අය හොඳ නීතීඥ කණ්ඩායමක් සොයා ගන්නැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 551 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2024 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1784 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site