IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ප්‍රවීණ නිවේදක හා රංගන ශිල්පී නඩරාජා සිවම් අභාවප්‍රාප්ත වේ

(ඩයනා උදයංගනී)

 ප්‍රවීණ නිවේදකයෙකු මෙන්ම සිනමා හා ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙකු වූ නඩරාජා සිවම් මහතා අභාවප්‍රාප්ත විය.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ ඒ මහතා මියයන විට 74 වැනි වියෙහි පසුවිය.

ජාතික රූපවාහිනියේ සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයේ දමිළ අංශයේ නිවේදකයෙකු වූ සින්නයියා නඩරාජසිවම් මහතා ජාතික රූපවාහිනියේ  විකාශය වූ “ආයුබෝවන්” ඇතුළු වැඩසටහන් රැසකට දායක විය.

ඔහු එම නාලිකාවන්හි දමිළ ප්‍රවෘත්ති නිවේදකයෙක් ලෙස ද වසර ගනනාවක් සේවය කොට තිබේ.
ආසියානු මාධ්‍ය ජාලයේ සූරියන් එෆ්.එම් හි ආරම්භක වැඩසටහන් කළමනාකරු හා උපදේශකවරයෙකු ලෙස ද ඔහු කටයුතුකොට කර ඇත.

ටෙලිනාට්‍ය හා චිත්‍රපට රංගන ශිල්පියෙකු ද වූ නඩරාජා සිවම් මහතා යුද සමයේ විකාශය වූ ටෙලිනාට්‍ය වල, සහජීවනය නිරූපණය කරන චරිත බොහොමයකට රංගනයෙන් දායක විය.

සුදු අක්කා (1997),  යුද ගිණි මැද (1998), ඉර හද යට (2010) , සෙල්වම් (2011) යන චිත්‍රපට ඒ අතරින්   කිහිපයකි.
ඔහු ‘ලා හිරු දහසක්’ ඇතුළු ටෙලි නාට්‍ය ගණනාවකට ද රංගනයෙන් දායක වී තිබේ.

නඩරාජා සිවම් මහතාගේ දේහය පිළිබඳ ‘අවසන් කටයුතු අද (25) පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබිණි.



අදහස් (6)

ප්‍රවීණ නිවේදක හා රංගන ශිල්පී නඩරාජා සිවම් අභාවප්‍රාප්ත වේ

Champa Thursday, 25 June 2020 03:00 PM

හුරුපුරුදු මුහුණක්... සිංහලයින් එක්ක හුඟක් කිට්ටුවෙන් වැඩ කරපු ද්‍රවිඩ කලාකරුවෙක් සහ නිවේදකයෙක්... නඩරාජා සිවම් වැනි තව කිහිප දෙනෙක් හිටියා නම් කියලා හිතෙනවා. ඔහුගේ අභාවය ගැන පවුලේ අයට මගේ බලවත් ශෝකය...

:       0       0

Raveendra Thursday, 25 June 2020 03:22 PM

දක්ෂ කලාකරුවෙක් !! ඔබට නිවන් සුව අත්වේවා !!!

:       0       0

Jay Thursday, 25 June 2020 09:06 PM

දක්ෂ කලාකරුවෙක්. තාමත් මතකයි මෙතුමාගේ නිවේදන සහ රංගන දායකත්වය. ඔබට සුබගමන්...

:       0       0

p.d goonawardena Friday, 26 June 2020 03:51 AM

නිවන් සැප ලැබේවා...!!! 

:       0       0

විජිත් Friday, 26 June 2020 04:07 AM

ඉතාම ප්‍රසන්න සිනහවක් තිබුණු නිවේදක මහත්මයෙක්. ඔබතුමාට නිවන්සුව පතමි.

:       0       0

Karunarathna Gampola Friday, 26 June 2020 04:33 AM

මම අදහන දහම අනුව නඩරාජා සිවම් මහතාගේ භව ගමන කෙටිවී අජරාමර නිවන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමි..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 57 0

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 275 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 148 0

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 274 1

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 627 2

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 793 5

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 339 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1725 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1563 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site