IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අත්අඩංගුවට

තරිඳු ජයවර්ධන සහ නිමන්ති රණසිංහ
 
ජනාධිපතිවරයා, හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ සහකාර පොලිස් අධිකාරීවරයකු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට ටික වේලාවකට පෙර ත්‍රස්ත විමර්ශන අංශය භාරව කටයුතු කළ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අත්අඩංගුවට ගත්තේය.
 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නාලක ද සිල්වා මහතා අත්අඩංගුවට ගත්තේ අද පස් වැනි දිනටත් ප්‍රකාශ ලබා එම දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශ ලබා දීමෙන් පසුවය.
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න ද අල්විස් මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියමින් නාමල් කුමාර නම් පුද්ගලයකු ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ විය.
 
මෙම විමර්ශනයට අදාළව රහස් පොලිසිය විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනක් ඇතුළු විශාල පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගනු ලැබූහ.
 
පසුගිය සතියේ සදුදා මුල් වරට නාලක ද සිල්වා මහතා රහස් පොලිසියට කැඳවනු ලැබූ අතර ඔහු තම දරුවකුට අසනීප බව කියමින් ප්‍රකාශ ලබා දීමට පැමිණියේ නැත. ඉන් පසු පසුගිය බ්‍රහස්පතින්දා, සිකුරාදා, සඳුදා සහ අඟහරුවාදා යන දින හතරේම ඒ මහතා ගෙන්වා දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කර ගත්තේය. අද උදේ නාලක සිල්වා මහතා රහස් පොලිසිය හමුවේ පෙනී සිටියේ පස් වැනි දිනටය. 

ඡායාරූප - ඉෂාන් සංජීව



අදහස් (6)

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අත්අඩංගුවට

Uditha - London Thursday, 25 October 2018 01:52 PM

නිමි ....

:       0       0

Chanak Los angeles Thursday, 25 October 2018 02:41 PM

මොනවා කලත් ජනතා ඡන්දයෙන් මොවුන්ව මරා දමන එක නම් සිකුරුයි ...........

:       22       1

seeya baba Thursday, 25 October 2018 02:54 PM

තිරෙන් පිටුපස සිටින දේශපාලුවෝ කවදද ගන්නේ.............

:       0       46

sirimal Thursday, 25 October 2018 03:08 PM

එහෙනම් වැඩේ බරපතලයි වගේ පෙනෙන්නේ. ‘නාලක - නාමල් හඬපට ගැළපෙයි’ ‘හඬපට 124 න් 123 ක්ම සැසඳෙන බව රජයේ රස පරීක්ෂකවරයා කියයි’ ආදී වශයෙන් ජනමාධ්‍ය ප්‍රචාරය කරයි. ප්‍රශ්නය වන්නේ නාලකගේ සහ නාමල්ගේ හඬ පට ගැලපීම නොව, ඒ හඬ පට වලින් නාලක සිල්වා ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් කර ඇති බව කියවෙන්නේද යන්නයි. නැත්නම් නාලක සිල්වා සිය ඔත්තුකාරයා චූන් කර තිබෙන ආකාරය සහ පොලිසිය තුළ තිබෙන නිලධාරී ගැටුම මේ සියල්ල තුලින් ග්‍රම්‍ය වෙන්නේද කියා සමහරු ප්‍රශ්න කරති. මේ අතර ජනාධිපති ඝාතන කුමන්ත්‍රණ කතාවක් මුලින්ම ප්‍රකාශ කල නාමල් කුමාර යනු ගුවන් හමුදාවේ සිටි අයෙක් බවත් ව්‍යාජ ලේඛන සැපයීම හේතුවෙන් ගුවන් හමුදාවෙන් එළවා දැමූ අයෙක් බවත් ඔහු විසින් ඉදිරිපත් කරන ලද හඬ පට පටිගත කරන ලද දුරකථනයේ හඬවල් සංස්කරණය කරන මෘදුකාංගය ද තිබී ඇති බැවින් එකී හඬ පට පිලිබඳවද විශ්වාසයක් නොමැති බවත් ඩීඅයිජී නාලක ද සිල්වා වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ කියා ඇත.

:       88       27

chathuri Thursday, 25 October 2018 03:45 PM

දුක් වෙන්න එපා හෙට නිදහස් වෙන්න පුළුවන් පවුලේ අයට. ආතතිය. කියන්න

:       0       56

erdi Thursday, 25 October 2018 04:29 PM

වාස් ගුණවර්ධන නාලක සිල්වා එතකොට කෝ මේ අයව මෙහෙයවපු දේශපාලනඥයන්?මේ ලංකාවේ සිද්ධ වුන හැම කුමන්ත්‍රනයක්ම ජරා දේශපාලනඥයන් මෙහෙයවලා කාගේ හරි ඔලුවට අතඇරලා උන් බේරෙනවා. හරිනම් නාමල් කුමාර කියන පාවදෙන්නත් මේ සමග ඇතුළට දාන්න ඕන.

:       62       3

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 3858 2

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


ගෝඨාභය කාදිනල් හිමිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි
2024 අප්‍රේල් මස 25 3193 30

කාදිනල් හිමිපාණන් එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 3364 10

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 2115 5

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 5673 3

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 4068 5

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site