IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


දිනේෂ් ගුණවර්ධනගෙන් කතානායකට ලිපියක්

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත්කිරීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කළ නව ආණ්ඩුවට බහුතර සාමාජිකයන් පිරිසක් පත් කර දෙනු ඇතැයි විශ්වාස කරන බව දන්වමින්  දිනේෂ් ගුණවර්ධන මහතා කාතානායක කරු ජයසූරිය මහතාට ලිපියක් යොමු කර ඇත.

එම ලිපියේ මෙසේ ද සඳහන් වේ.  

    ‘‘ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කරමින් පිහිට වූ නව රජයට ප්‍රමාද වී හෝ තේරීම් කාරක සභාවක් පත් කිරීමට තීරණය කිරීම පිළිබඳ මාගේ ස්තූතිය ඔබ වෙත පිරි නැමීමට කැමැත්තෙමි.

අතීතයේ සුළුතරයක් ආණ්ඩු පක්ෂයට තිබියදී ජනාධිපතිවරු දෙදෙනෙක් ආණ්ඩු දෙකක් පත් කර ඇත. එනම් 2004 මැතිවරණයෙන් පසු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය පත් කළ ආණ්ඩුව හා 2015 ජනවාරි 08 දින ජනාධිපති මැතිවරණයෙන් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පත් කළ ආණ්ඩුවයි.

2004 මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව රැස්වී පළමු දිනයේදීම පැවති කතානායක තේරීම් ඡන්ද විමසීමෙන් ආණ්ඩු පක්ෂය පරාජය විය. ඒ අනුව ආණ්ඩු පක්ෂයට බහුතරයක් නොමැති බව ඔප්පු වූ අතර ඡන්දයෙන් ජයගත්තේ විපක්ෂයේ එක්සත් ජාතික පක්ෂයෙන් යෝජනා වූ විජමු ලොකුබණ්ඩාර මැතිතුමාය.

විජමු ලොකුබණ්ඩාර මැතිතුමා විසින් පත් කළ තේරීම් කාරක සභාවට ආණ්ඩු පක්ෂයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් දස දෙනෙක්ද, මුස්ලිම් කොන්ග්‍රසයෙන් එක් අයෙක්ද, වතුකම්කරු කොන්ග්‍රසයෙන් එක් අයෙක්ද, කඳුරට පෙරමුණෙන් එක් අයෙක්ද, හෙළ උරුමයෙන් එක් අයෙක්ද වශයෙන් පත් කර ගන්නා ලදී. ඒ අනුව ආණ්ඩු පක්ෂයට දාහතර දෙනෙක් (14) ලැබුණි. විපක්ෂයට හිමි වූයේ නවදෙනෙකු (09) වන අතර එක්සත් ජාතික පක්ෂයට පස්දෙනක් සහ ජනතා විමුක්ති පෙරමුණට මන්ත්‍රීවරුන් දෙදෙනෙක්ද, ද්‍රවිඩ සන්ධානයට දෙදෙනෙක්ද වන ලෙසිනි.

කතානායකතුමනි, එසේම 2015 ජනවාරි 08 දින මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පත්කළ අගමැතිවරයාට හා එම ආණ්ඩුවට සිටි මුළු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 50ට අඩුය. එසේම විපක්ෂයට ඒ වන විට මන්ත්‍රීවරුන් 150ට වැඩි ගණනක් සිටි බවද ඔබතුමා ඉතා හොඳින්ම දන්නා කරුණකි.

එහෙත් එවකට කතානායකවරයා ලෙස සිටි චමල් රාජපක්ෂ මැතිතුමා තේරීම් කාරක සභාව පත් කළේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ රජයට පස්දෙනෙක්ද 150 කට වැඩි පිරිසක් සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානයටද පස්දෙනෙක්ද, වතුකම්කරු කොංග්‍රසයට එක් අයෙක්ද, හෙළ උරුමයට එක් අයෙක්ද, ජාතික කොංග්‍රසයට එක් අයෙක්ද, ජනතා විමුක්ති පෙරමුණට එක් අයෙක් හා ද්‍රවිඩ ජාතික සන්ධානයට දෙදෙනෙකු බැගිනි. ඒ අනුව නව ආණ්ඩුව පත් කළ පිරිසට නව දෙනෙක් (09) ලබාදීමෙන් ආණ්ඩුවට බහුතරය ලබාදී තිබුණි.

මේ වන විට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කිසිවෙක් රජයට එක් වී නොසිටි බව ඔබතුමාට කාරුණිකව මතක් කරනු කැමැත්තෙමි.

ඒ අනුව යමින් මෙවර පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සාමාජිකයන් පත් කිරීමේදී ඔබතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පත් කළ නව රජයට බහුතර සාමාජිකයන් පිරිසක් පත් කර දෙනු ඇතැයි අපි විශ්වාස කරමු.

ඒ අනුව දෙළොස් දෙනෙකුගෙන් යුතු තේරීම් කාරක සභාවට ආණ්ඩු පක්ෂය වෙනුවෙන් මේ සමඟ අමුණා ඇති ලිපියේ සඳහන් හත් දෙනා පත් කර දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබතුමා තේරීම් කමිටුවේ සංඛ්‍යාව දෙළොස් දෙනෙකුට වඩා වැඩි කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ බව මාවෙත දැනුම් දෙන ලෙසද, එවිට ආණ්ඩු පක්ෂය වෙනුවෙන් තේරීම් කාරක සභාවට අමතර මන්ත්‍රීවරුන්ගේ නම් යෝජනා කර එවීමටද බලාපොරොත්තු වන බවද කාරුණිකව සඳහන් කරමි.‘‘

 

055



අදහස් (9)

දිනේෂ් ගුණවර්ධනගෙන් කතානායකට ලිපියක්

ලකිත් ශ්‍යාමන් Wednesday, 21 November 2018 06:50 PM

හැන්සාඩ් එක දැක්කේ නැතෙයි. දැන් කිසිම ආණ්ඩුවක් රටේ නෑ. පාර්ලිමේන්තුව තුල කිසිම ආණ්ඩුවක් නෑ කියලා නිවේදනය කරලා හැන්සාඩ් ගත වෙලා ඉවරයි. දැන් හැම පක්ෂයටම සමානව තමයි බෙදෙන්නේ...

:       0       0

Marikkar Wednesday, 21 November 2018 07:13 PM

මීටත් වඩා හොඳයි යකෝ හිඟා කන එක...

:       0       0

suranga Wednesday, 21 November 2018 10:47 PM

කථානායක ඡන්දෙන් පැරදුණත් 2004 මැතිවරණයෙන් ජයගත්තේ සංධානය නිසා නීත්‍යානූකූල ආණ්ඩුව ලෙස එය පිළිගත හැක. එතැනදී ඒකාබද්ධ විපක්ෂයක් නොතිබිණි. එමනිසා චමල්ගේ තීන්දුව හරි. 2015 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පැරදුණු නිසා රටේ බහුතර ජනතා මතය දිනාගෙන ඇත්තේ සිරිසේන ප්‍රමුඛ කණ්ඩායමටයි. එතැනදීත් චමල් නිවැරදිය. නමුත් මෙතැනදී බහුතර ජනතා මතයක් සෘජුව හෝ පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශ වී නොමැත. මෙතන ඇත්තේ හොර අගමැති කෙනෙක් සහ ආණ්ඩුවකි. මේ නිසා අතීත උදාහරණ පිළිගත නොහැක.

:       0       0

jaya Thursday, 22 November 2018 12:57 AM

සාමාජිකයින් වැඩියෙන් පත්කරන්න ආණ්ඩු පක්ෂයක් නෑ.

:       0       0

Chanak Los angeles Thursday, 22 November 2018 01:42 AM

කුස්සි දොරෙන් ඇවිල්ලා තනතුරු හිඟාකෑම ලැජ්ජාවක් ..

:       0       0

wijebahu Thursday, 22 November 2018 02:45 AM

පළමුකොට ඔය කියන ආණ්ඩුවේ නීත්‍යානුකූල බව ඔප්පු කරන්නකෝ. ඔය කියන හැමදේම හරියන්නේ 19අ වගන්තියට පෙර. කරුණාකර 19අ වගන්තියට ගරු කරලා ගෝෂා කරලා කලබල ඇතිකරන්නේ නැතුව බහුතරය පෙන්නලා ආණ්ඩුවේ නිත්‍යානුකුල භාව පෙන්වන්න.

:       0       0

Don Thursday, 22 November 2018 03:04 AM

හොර පාස්පෝර්ට්කාරයෝ, වංචාකාරයෝ තේරීම් කාරක සභාවට පත්කිරීම වැරදියි. පාර්ලිමේන්තුවේ ඡන්දයකින් තමයි තෝරන්න ඕනෑ. අනිත් පක්ෂවලිනුත් තෝරාගන්න ඕනෑ...

:       0       0

පිටිගල මිලානෝ Thursday, 22 November 2018 06:54 AM

තම රැකියාවේ පැවැත්ම උදෙසා කාගේ හෝ ඇඟක වහන ‘කිනිතුල්ලෙක්’, ‘මැක්කෙක්’ වැනි දේශපාලකයෙකි. මෙවැන්නන්ගෙන් රටට කිසිම වැඩක් නැත.

:       0       0

Mahee Thursday, 22 November 2018 08:52 AM

මුළු සේසතම කැප කළා මිස කිසිවක් හරි හම්බ කර නොගත් පිලිප් ගුණවර්ධන රොබට් ගුණවර්ධන මහතුනේ, ඔන්න බලාගන්න ඔබතුමාලගේ පසු කාලීනයන්ගේ වැඩ කිඩ.

:       1       82

ඔබේ අදහස් එවන්න

දියත

දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 26 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 270 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 198 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 189 1

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 414 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 496 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site