IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


දිගම ඡන්ද පත්‍රිකාව දැන් මුද්‍රණයේ

(රංජන් කස්තුරි)

ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ දිගම ඡන්ද පත්‍රිකාව මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් සැකසෙන අතර එය මේ වනවිට මුද්‍රණය කෙරෙමින් තිබෙන බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි.

මෙවර ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකාවේ මුලින්ම සඳහන්ව ඇත්තේ ඇපරැක්කේ පුඤ්ඤානන්ද හිමිගේ නම වන අතර උන්වහන්සේගේ සළකුණ සුනඛයාය.

අකාරාදි පිළිවෙළ අනුව සැකසෙන ඡන්ද පත්‍රිකාවේ නම් සහ සලකුණු පහත සඳහන් පරිදි වේ.

ඇපරැක්කේ පුඤ්ඤානන්ද හිමි  - සුනඛයා

එස් අමරසිංහ  - ලේනා

මොහොමදු ඉල්ලියාම් - පාපන්දුව

ඒ.එච්.එම් අලව් -  ටයරය

ආරියවංශ දිසානායක - රාජාලියා

පී.එම් එදිරිසිංහ -  කැටය

සරත් කීර්තිරත්න - ගිටාරය

චන්ද්‍රසේකර සමන්සිරි - ක්‍රිකට් පිත්ත

සිරිතුංග ජයසූරිය - ත්‍රීරෝද රථය

අජන්තද සොයිසා - අන්නාසි ගෙඩිය

අරුණ ද සොයිසා - මෝටර් කාරය

අනුර කුමාර දිසානායක - මාලිමාව

දුමින්ද නාගමුව - කුළුගෙඩිය

රෝහාන් පල්ලේවත්ත - පොල් ගෙඩිය

ජයන්ත කැටගොඩ - රයිනෝසිරස්

සමන් පෙරේරා - කොඩිය

අනුරුද්ධ පොල්ගම්පොළ - හෙලිකොප්ටරය

මිල්රෝයි ප්‍රනාන්දු - මුවා

සජිත් ප්‍රේමදාස - හංසයා

සීලරතන හිමි - ට්‍රැක්ටරය

බැද්දේ ගමගේ නන්දිමිත්‍ර -  මේසය

සරත් මනමේන්ද්‍ර - දුන්න සහ ඊතලය

එම්.කේ සිවාජිලිංගම් - මාළුවා

එම්.ඒ.එල්.එම් හිස්බුල්ලා - ඔටුවා

ගෝඨාභය රාජපක්ෂ - මල් පොහොට්ටුව

නාමල් රාජපක්ෂ -  කණ්නාඩි කූට්ටම

ඒ.එස්.පී ලියනගේ - කැන්ගරුවා

අශෝක වඩිගමංගාව - ඇපල් ගෙඩිය

පියසිරි විජේනායක - පලිහ

අජන්තා පෙරේරා - බැලුනය

රාජීව විජේනායක - බකමූණා

පානි විජේසිරිවර්ධන - කතුර

සමරවීර වීරවන්නි  - කළු ලෑල්ල

සුබ්‍රමනියම් ගුණරත්නම් - දුරකතනය

මහේෂ් සේනානායක - විදුලි බුබුල

 

 



අදහස් (20)

දිගම ඡන්ද පත්‍රිකාව දැන් මුද්‍රණයේ

කමල් Sunday, 13 October 2019 02:19 PM

සුනඛයා? මට මේක දැකපු ගමන් හිනා ගියා.

:       0       12

Sampath Sunday, 13 October 2019 02:28 PM

ජාතික අපරාධයක්.... මේවට ගෙවන්ඩ වෙන්නෙ සාමාන්‍ය මිනිහට. ඔය ජන්දෙ ඉල්ලන දේශපාලුවන්ට නෙවෙයි

:       0       5

Raveendra Sunday, 13 October 2019 02:36 PM

අප එකිනෙකා අතරේ බෙදීම් පැහැදිලිවම පෙන්නුම් කරන මෙන්ම හොදම සාක්ෂිය මෙය නොවේද ??

:       0       24

Perera Sunday, 13 October 2019 06:00 PM

ඔය පත්‍රිකාවෙන් කොපියක් රාමු කරලා අර නෙලුම් කුලුනේ එල්ලුවනම් හරි "ලංකාවේ දිගම" "ලංකාවේ උසම" කියල මිනිස්ස්සුන්ට බල බල ඉන්න.

:       1       28

sudath Sunday, 13 October 2019 09:48 PM

ඇප රාජසන්තක වන අපේක්ෂකයන් විශාල දඩ මුදලකට යටත් කලයුතුය. තම ජයග්‍රහණ හැකියාව පිළිබඳව හරිහමන් තක්සේරුවක් නොමැතිව මහජන මුදල් නාස්තියට ඉඩකඩ සැලසීම පිළිබඳව.

:       1       161

සමන් ඔස්ට්‍රලියා . Monday, 14 October 2019 12:42 AM

දැන් ඡන්ද පෙට්ටි පිටරටින් ගේන්න ඕන කිව්වා. අඩුගානේ අපේ රටේ වඩු බාස්ලා ටිකක් නැද්ද ඕක හදා ගන්න. ඕකට ගුවන් ගාස්තු කීයක්ද. අපේ රටට ගිය කල. දේශයට වෙන විපත්තිය

:       1       40

Udaya Monday, 14 October 2019 01:16 AM

මේ බොහෝ දෙනෙක් කරන්නේ ජනාධිපතිවරණය සැහැල්ලුවට ලක් කිරීමයි. නැතිනම් දිනන්න කොහෙත්ම බැරි බව දැන දැන ඉල්ලන්නේ ඇයි. සමහරුන්ගේ පටු පුද්ගලික බලාපොරොත්තු වලට ජනාධිපතිවරණය වැනි වටිනා දෙයක් සැහැල්ලුවට පත්කරන්න නොදිය යුතුයි. මගේ අදහසනම් ඇප මුදල මීට වඩා ගොඩාක් වැඩිකල යුතුයි යන්නයි. මෙයින් යම්කිසි ප්‍රමාණයක් හෝ බොරුවට ඉල්ලන්නන් අඩුකල හැකිය. ඡන්ද පත්‍රිකාව අඟලකින් වැඩිඋනා කියන්නේ කොටි 1.7ක් මුද්‍රණය කරන්න කොපමන මුදලක් යනවාද? ඒවා ජනතාවගෙ මුදල් නොවෙද?

:       1       25

sunil perera Monday, 14 October 2019 01:37 AM

මේ ඡන්ද පත්‍රිකාව දැක්කම ගම්‍ය වන අදහස තමා ලෝකේ පාලනයවන දේශපාලනයේ පතුලේම වසන අසරණයෝ ඉන්නේ මේ අබ ඇටයක් වගේ රටක යන බව.

:       1       3

nisha Monday, 14 October 2019 03:21 AM

ඔච්චර දිගනම් මිටි අය ඡන්දෙ දාන්නේ කොහොමද උස අයට නම් හොඳයි

:       0       2

nimal Monday, 14 October 2019 04:05 AM

අපි තියන්නෙම ලෝක වාර්තා තමයි . 2014 ආර්ථික වර්දන වේගය 6.7% සිට අද වෙනකොට 1.6% අඩුවෙලා.

:       1       1

naushi Monday, 14 October 2019 04:16 AM

ඔය නාම පත්‍රිකාව දැක්ක ගමන් අපේ රටේ සිටින ජන්ද දායකයන් සහා අපේක්ෂකයන්ගේ මට්ටම අපිට මැනගන්නට පුළුවන්. රටක් සහා ජනතාවක් හැටියට කෙතරම් අඩු මට්ටමක ඉන්නවද.

:       0       1

GOTA Monday, 14 October 2019 05:35 AM

බොරු පොරොන්දු මිස ප්‍රතිපත්ති නැති මේ ප්‍රදාන අපේක්ෂකයන් දෙදෙනාම ප්‍රතික්ෂේප කිරීමට කාලය පැමිණ ඇත.

:       0       6

සැම පැතුම Monday, 14 October 2019 05:39 AM

පොරොන්දු නොව ප්‍රතිපත්ති රටකට අවශ්‍යවෙන බව විස්වාස කරන නිසාම හොර දේශපාලකයින් නැති රටට අවශ්‍ය ප්‍රතිපත්ති සමග එන විකල්පය සමග එක්වෙමු. දැන්වත් තම තමන්ට ලැබෙන පෞද්ගලික ලබා ප්‍රයෝජන පසකලා රට වෙනුවෙන් අනාගත පරපුර වෙනුවෙන් යුතුකම කිරීමට කාලය පැමිණ ඇත.

:       0       1

ඇමෙරිකන් පුරවැසියන් Monday, 14 October 2019 05:44 AM

මිටි උනත් කොට උනත් දේශප්‍රේමී උනත් ඡන්ද පත්‍රිකාවේ යටම නම ලෙහෙසියෙන් සොයාගත හැක. අදුරට දැන්වත් එළියක් දල්වමු. ඇමෙරිකන් රුකඩ (ඇමෙරිකන් පුරවැසියන් හා බලල අත් (ඇමෙරිකන් ගැත්තන් ) පරදවමු.

:       50       132

saman Monday, 14 October 2019 06:40 AM

ශ්‍රී ලංකාවේ වාර්තාව බිඳ දමමින් 2019 දෙසැම්බර් 12 වන දිනට නියමිත ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 139 දෙනෙකු ලියාපදිංචි වී ඇති බව ඇල්ජීරියානු ජාතික ස්වාධීන මැතිවරණ අධිකාරිය (ANIE) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

:       1       1

රජින්ද Monday, 14 October 2019 07:52 AM

මේ ඉදිරිපත්ව සිටින පිරිස් ආත්මාර්ථකාමී සහ එක් එක් පුද්ගලයින්ගේ දේශපාලන කොන්ත්‍රාත් කිරීමේ කරුමය නිසා මේ රටේ දැන් සිදුවෙන සියල්ලක්ම විහිළුවක් වී තිබේ. මින් ඉදිරියට කිසිඳු මැතිවරණයකදී මෙවන් ඩමී අපේක්‍ෂකයින්ට ඉදිරිපත් වීමට ඉඩ නොදිය යුතු අතර ප්‍රජාතන්ත්‍රවාදීව සුදුසු වඩාත් විශ්වාසනීය අපේක්‍ෂකයින් කිහිපදෙනෙකු පමණක් ජනතාව හමුවේ තැබීමේ වගකීම හා ඊට ගැලපෙන ක්‍රමයක් මැතිවරණ කොමිසම විසින් ඇතිකළ යුතුය.

:       0       3

Ossan Salam Monday, 14 October 2019 09:43 AM

ස්වාධීන අපෙක්ෂකයින්ට නාම යෝජනා දීම පිළිබඳව නැවත සලකා බැලිය යුතුයි. නැතිනම් ලබන වාරයේ අඩි හයක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න සිදුවේවි.

:       0       0

හසිත Monday, 14 October 2019 12:01 PM

මේවා හරිම විහිලු.අපිට නම් දෙකොනින්ම හිනා යනවා. ඡන්ද ලකුණට පඩික්කම විතරයි අඩු..........

:       0       2

sampath Monday, 14 October 2019 12:14 PM

25% ගන්න බැරිවෙන සියලුම අපේක්ෂකයන් ගණනෙන් බෙදලා අමතර මුදල් වලට කරගන්න දෙයක් නැත්නම් දේපොළ රජ සන්තක කරන්න. මේක ප්‍රාදේශීය සභාවක් නෙවේ. ජනාධිපතිවරණයක්.

:       0       7

sampath Monday, 14 October 2019 12:15 PM

ලබන පාර 5000 ක් ජන්දේ ඉල්ලුවොත් මොකද කරන්නේ? අඩි 200 ක ජන්ද පත්‍රිකාවක් මුද්‍රණය කරනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 3574 2

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


ගෝඨාභය කාදිනල් හිමිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි
2024 අප්‍රේල් මස 25 3190 30

කාදිනල් හිමිපාණන් එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 3364 10

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 2115 5

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 5673 3

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 4067 5

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site