IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ජනපති කොමිසම හමුවට හෙට එන්න බැහැ’යයි අගමැති කියයි

(තිළිණි ද සිල්වා)

කෘෂිකර්ම අමාත්‍යාංශය පිහිටි රාජගිරිය ඩී.පී.ජේ ගොඩනැගිල්ල සම්බන්ධයෙන් වන පැමිණිලි විභාගයට අදාළව ප‍්‍රකාශයක් ලබා දීම සඳහා ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ හෙට (12) පෙරවරු 9.30ට පෙනී සිටිය නොහැකි බව අග‍්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම කොමිසමට නිල වශයෙන් දන්වා ඇතැයි එම කොමිසම සඳහන් කර සිටී.

අග‍්‍රාමාත්‍යවරයාට මන්නාරම ප‍්‍රදේශයේ උත්සව කිහිපයකට සභාගිවීමට ඇති බැවින් අද දින ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටිය නොහැකි බවට අග‍්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා අද  (11) කොමිසමට ලිඛිතව දන්වා එවා ඇතැයි එම කොමිසමේ වැඩිදුරටත් කියා සිටී.

ඒ අනුව අග‍්‍රාමාත්‍යවරයා ගේ එම ලිඛිත දැනුම්දීම සැලකිල්ලට ගනිමින් ලබන 16 වැනිදා පෙරවරු 9.30ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට දන්වා කොමිසම යළි සිතාසි නිකුත් කර ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශය රුපියල් මිලියන 24.6 ක මාසික කුලියට බත්තරමුල්ල පිහිටි ඩී.පී.ජයසිංහ ගොඩනැගිල්ලට රැගෙන යාමෙන් රජයට පාඩු සිදුව ඇතැයි කියමින් එම ජනාධිපති කොමිසම හමුවේ ගොනු කළ පැමිණිල්ලට අදාළ සාක්ෂි ලබා ගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයාට අද දින ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට දන්වමින් ඉකුත් 09 වැනිදා සිතාසි නිකුත් කෙරිණි.

කෘෂිකර්ම අමාත්‍යාංශය රුපියල් මිලියන 24 .6 ක මාසික කුලියට රාජගිරිය පිහිටි ඩී.පී.ජයසිංහ ගොඩනැගිල්ලට රැගෙන යාමෙන් රජයට පාඩු සිදුව ඇතැයි කියමින් එම ජනාධිපති කොමිසම හමුවේ ගොනු කල පැමිණිලි විභාගයේ දී එම අමාත්‍යාංශය මීට පෙර පවත්වා ගෙන ගිය ගොවිජන මන්දරය පාර්ලිමේන්තු කාරක සභා සඳහා පවරා ගැනීමට අදාළව කැබිනට් පත‍්‍රිකාවක් නිකුත් කළ බවට මීට පෙර ඊට අදාළ පැමිණිලි විභාගයේදී කරුණු හෙළිවිණි.

ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය මීට පෙර පවත්වා ගෙන ගිය ගොවිජන මන්දිරය පාර්ලිමේන්තු කාරක සභා සඳහා පවරා ගැනීමට  අග‍්‍රාමාත්‍යවරයා 2015 සැප්තැම්බර් 21 වැනි දින ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් හා රාජගිරිය පිහිටි ඩී.පී.ජේ ගොඩනැගිල්ලට එම අමාත්‍යාංශය ස්ථාපිත කිරීමට අදාළ සිද්ධි සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍යවරයා ගෙන් සාක්ෂි ලබා ගැනීමට නියමිත බවද ජනාධිපති පරීක්ෂණ කොමිසම කියා සිටී.



අදහස් (19)

ජනපති කොමිසම හමුවට හෙට එන්න බැහැ’යයි අගමැති කියයි

sirimal Wednesday, 11 September 2019 01:38 PM

මේ ඒ මහත්තයාගේ ඔලුව ගිනි අරගෙන තියෙද්දී මේ ගොල්ලෝ එනවා සුරුට්ටු පත්තු කරන්න. අනේ මෙහෙමත් දෙයක්..

:       331       493

MaheeThursday, 12 September 2019 06:58 AM

ඒකනේ කියන්නේ සිරිමල්, අපිට මේ මහා පුටුවට යන්න වෙන්න පක්ෂේ ඉන්න හොඳම රැවටිලිකාරයා කවුද කියලා තෝරාගන්න බැරුව කෙළවරක් නැතුව සාකච්චා තියනවා. ඒ අස්සේ මේ ගොල්ලෝ එනවා. අම්මපා මට යකා නගිනවා මේ වැඩවලට. බෑ කියන්න, එන්නෙම නෑ කියන්න.

:       0       1

SL Wednesday, 11 September 2019 01:52 PM

දුමින්දට අනුව මේකට කැබිනට් පත්‍රිකාව දාලා තියෙන්නේ අගමැති. මිස්ටර් ක්ලීන් කොමිස් කාක්කෙක්... පුලුවන් නම් විකුණන්න බැරි වුනත් හයිටි බිල්ඩිම විකුණන්න කීයක් කොමිස් ඉල්ලුවද කියලා හොයන්න. මේ වගේ අය තමයි සුදු පිරුවට ඇඳලා... කෝට් බෑයවල් ඇඳලා දේශපාලනයේ ඉන්නේ. මේ පාර වෙනසක් කරන්නම ඕනේ. හැමදාම දේශපාලකයන් හොරු කියන මන්තරේ ජපකරලා වැඩක් නැහැ. මොවුන්ව යවන්න ඕනේ. හොඳ මිනිසුන් දේශපාලනයට අවතීරණය වියයුතුයි.

:       1658       1516

sumithWednesday, 11 September 2019 02:21 PM

මේක මේ ක්ලාස් මේට්ලාගේ වැඩක්. සබීතා පටලවලා වැඩක් නැහැ..

:       3       83

NishanWednesday, 11 September 2019 11:49 PM

මිස්ටර් ක්ලීන්, කොමිස් කාක්කෙක් කියන එක නම් කිසිම කෙනෙක් පිළිගන්නේ නෑ. මොකද එයාට කොමිස් ගහලා දෙන්න කෙනෙක් නෑ. රාජපක්ෂලාට නම් ළමයි ඉන්නවා. පරම්පරාවක් තියෙනවා... කොමිස් ගහලා නඩත්තු කරන්න.

:       168       127

සඳුන් Wednesday, 11 September 2019 03:10 PM

ප්‍රධාන පක්ෂවල දේශපාලනය අමුම අමු මාෆියාවක්. හොරු ඇල්ලීම ඡන්ද කාලෙට කරන සද්දයක් විතරයි. ආණ්ඩුවෙන් ආණ්ඩුවට පක්ෂ විපක්ෂව දෙගොල්ලො ආරක්ෂා කරගන්නවා. අල්ලන ඇති හොරෙක් නෑ. වැඩිම වුනොත් හොරිකඩ නිලධාරියෙකුට ජම්පරේ අඳින්න වෙයි. ඒකත් ටික කාලෙකට. හොඳම උදාහරණයක් නම් පහුගිය දියවන්නා යහපාලන කාලගෝට්ටිය. රාජ්‍ය නිලධාරීන්ට පහරදීපු රාජ්‍ය දේපල වලට හානි කරපු කට්ටිය ලංකාවම දැක්කත් බොරු කොමිසමක් දාලා වැහුවා. දැන් මිනිස්සුන්ට ඒක අමතකයි.

:       1       112

sudath Thursday, 12 September 2019 12:41 AM

බයනැති අගමැති කිව්වා නේද කාලයක්?

:       0       1

Jaya Thursday, 12 September 2019 01:05 AM

එයාත් බැහැ කියන එකේ ඔයාත් බැහැ කියන්න මෙයා...

:       0       1

Amila Thursday, 12 September 2019 02:26 AM

ඡන්ද කාලෙට මතුවෙන සෙල්ලම්...

:       0       5

SL Thursday, 12 September 2019 03:05 AM

බය නැති අගමැති...

:       4       13

Sathya Thursday, 12 September 2019 03:30 AM

බය නැති අගමැති .....!!!

:       4       11

sandun Thursday, 12 September 2019 04:30 AM

සුදු වෑන් දැකලා තියෙන්නේ දෙතුන් දෙනයි. ඔවුනුත් කොටින්ට හෝ පාතාලෙට කඩේ ගිය අය... හැබැයි සුදු වෑන් ගැන කතා කරන දහස් ගාණක් ඉන්නවා. තමන් නොදැකපු දෙයක් ගැන කතාකරන ඔවුන් දන්නේ නැහැ.. මේ මංගල ගොතපු කතාවක් කියලා. මංගල ප්‍රේමදාස නැතිකළෙත් මේවගේ බොරු වලින්... ඒ කාලේ මොන දේ වුණත් අන්තිමට එ්කට ප්‍රේමදාස සම්බන්ධයි. අද ඔහුගෙන් උදව් ගන්න සජිත් ඉදිරිපත්වීමම ලැජ්ජාවට කරුණක්...

:       173       188

sanaThursday, 12 September 2019 08:35 AM

එතකොට අර මාධ්‍යවේදී පෝද්දල ජයන්තව පැහැරගෙන අත පය කඩලා දාලා පාරේ දාලා ගියේ කලු වෑන් එකකින්ද? මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගත්තේ කලු වෑන් එකකින්ද? කුමාර් ගුනරත්නම් පැහැරගත්තේ මොන වෑන් එකකින්ද?

:       33       0

somaThursday, 12 September 2019 05:49 PM

අවුරුදු 5ක් ගිහිල්ලත් ඒ කියන වෑන් එකක්වත් හොයාගත්තේ නැහැනේ... එහෙම පැහැරගත් පිරිසක් හිටියා නම් මංගල මව් පෙරමුණක් හදලා..

:       0       0

Sugath Premalal Thursday, 12 September 2019 04:31 AM

"බය නැති අගමැති" දෙසැම්බර් වලින් පස්සේ " හැන්ගෙන අගමැති " වෙනවා... පුදුමේ කියන්නේ තවත් සමහරක් ජනතාව අධම, නීච, පව්කාර, අශෝභන, විනාශකාරී, නින්දිත, රට විනාශ කරන, රට පාවා දෙන, කොන්ද පණනැති පාලකයන් හට කඩේ යනවනේ...

:       155       506

බයනැති අගමැති... Thursday, 12 September 2019 04:48 AM

බයනැති, මුල, අග නැති අගමැති..

:       1       3

Sapumal. Thursday, 12 September 2019 06:43 AM

සිරා මහතාගේ මේ කොමිසම් වලට පේන්නේ තමාගේ විරුද්ධ කරුවන්ගේ වැරදි පමණයි. වරද නම් කවුරු කරත් වරද...ඇයි? තමන්ගේ හිතවතුන්ගේ කප්පරක් වැරදිවලට කොමිසම් නැත්තේ. මේ රටේ ඉන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරපු ජනපති කෙනෙක්. එවන් කෙනෙකු පත්කරන කොමිසම්ද නීතියට අනුකූල නැහැ. කරුණාකර සියලු දෙනාගේ වැරදි සොයන කොමිසම් පත් කරන්න. සාධාරණ වන්නේ එයයි. තමන්ගේ දේශපාලන වාසිවලට පත් කරන කොමිසම් වලින් වෙන්නේ රටේ මුදල් කාබාසිනියා වීම පමණයි. අනේ !!! රටකට ගිය කලක්....

:       0       1

Bandara Thursday, 12 September 2019 08:00 AM

මිත්‍රවරුනි, මෙය සංදර්ශනයකි. රැවටෙන්න එපා.

:       0       1

Akila Thursday, 12 September 2019 12:35 PM

කොහොමද අපේ බයනැති අගමැතිතුමා?

:       0       1

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 3821 2

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


ගෝඨාභය කාදිනල් හිමිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි
2024 අප්‍රේල් මස 25 3192 30

කාදිනල් හිමිපාණන් එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 3364 10

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 2115 5

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 5673 3

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 4068 5

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site