(විනීතා එම් ගමගේ)
ගම්පොල ඡන්ද කොට්ඨාසයේ, ගලහ, ගුරුකැලේවත්තේ, මිල්ලව වතුයායට පැමිණි පිරිසක් එම වතුයායේ පිහිටි නිවසකට පෙට්‍රල් බෝම්බ ගසා ඡන්දය දීමට නොයන්නැයි තර්ජනය කර ඇති බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයට පැමිණිල්ලක් ලැබී ඇත.
අංක තහඩු ආවරණය කළ ජීප් රථයකින් මෙම මැර පිරිස පැමිණ ඇති බවත් ඔවුන් එක් නිවසකට ප්‍රෙටල් බෝම්බ ගසා ඇති අතර තවත් නිවසකට පෙට්‍රල් බෝම්බ ගැසීමට තැත් කර ඇති බව තම සංවිධානයයේ නිරීක්ෂකයන් හරහා තහවුරු කර ගත් බවත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ලංකාදීපයට පැවැසීය.
එම සිද්ධිය පිළිබඳ තහවුරු කර ගැනීමෙන් පසු මහනුවර දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා සහ පොලිසිය වෙත දැන් වූ බවත් පූර්ව මැතිවරණ සමයේ යම් ප්‍රචණ්ඩත්වයක් පැවැති අවදානම් පෙදෙසක් ලෙස හඳුනාගෙන සිටි බැවින් එම ප්‍රදේශය පිළිබඳව පොලිසිය දැනුවත් කර තිබූ බවත් හෙතෙම සඳහන් කළේය.
මෙම සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නැති බවත් ඡන්ද දායකයන් බිය ගැන්වීම සඳහා මෙය සිදුකරන්නට ඇතැයි විශ්වාස කරන බවත් ගජනායක මහතා පැවසීය.
පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද
ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස
අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ
අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම
කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.
’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ගලහ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්
Amila Friday, 15 November 2019 12:59 PM
මෝඩවැඩ කවුරු කරත්... දැන් බලන්න මහින්දලා රනිල්ලා කොච්චර පක්ෂ දෙකක වුණත් බොක්කෙන්ම හොඳ යාලුවෝ... දෙන්නට දෙන්නා උදව් කරන් ඉන්නවා... මෝඩ මිනිස්සු තමයි හරක් වගේ ගහගන්නේ..
sajith Friday, 15 November 2019 01:23 PM
UNP අය කවද්ද සාධාරණ ඡන්දයක් තිබ්බේ?
sirimalFriday, 15 November 2019 03:04 PM
ඒ කාලේ වේදිකා පවා ගිනිතියලා රටපුරා භීෂණයක් වපුරපු එක මතකද දන්නේ නැහැ. මෙච්චර දවසක් කිසි කලබලයක් නැති එක පෙනෙන්නේම නැතුවා වගෙයි නේද?
යාපාSaturday, 16 November 2019 01:11 AM
ඔව් ඒ කාලේ බලෙන් බලය පාවිච්චි කරලා ඡන්ද පෙට්ටි මාරුකරලා හොර ඡන්ද දාලා, භීෂණය වපුරපු යුගය, ඒ විතරක් නොව පහුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදීද හොර ඡන්ද දැමීමට කළ උත්සාහය අපිට හොඳට මතකයි.
අසේල Friday, 15 November 2019 02:42 PM
ඔබතුමා කොහොමද ඒක එජාපයේ වැඩක් කියලා කියන්නේ, මේ තියෙන නිදහස ඔය විදිහට පාවිච්චි කරන්න එපා.
sirimal Friday, 15 November 2019 03:05 PM
පළවෙනි ඡන්ද ප්‍රතිඵලය දැන්මම ලැබිලා වගෙයි. මේ ගොල්ලෝ දිනුවොත් කොහොමට හිටීද?
ChandiFriday, 15 November 2019 03:42 PM
දිනුවොත් නෙවෙයි මල්ලි දිනනවා. ආයෙත් නම් එජාප ආණ්ඩුවක් නම් දැකගන්න අමාරු වෙයි. මොවුන් රට විනාශ කළා...
sirimalFriday, 15 November 2019 05:19 PM
සාෆි නාටකය, මරණ කුමන්ත්‍රණ නාටකය, සහරාන් නාටකය, පාස්පෝර්ට් නාටකය, නාග මැණික් නාටකය ආදිය පෙන්නලා වැඩක් වුනේ නැතිකොට අන්තිම මොහොතේ පාන් පිටි නාටකය එළිදැක්වූවා. දැන් තියෙන වාර්තා අනුව ඒ සියලු උත්සාහයන්ම අපරාදේ වගෙයි පෙනෙන්නේ...
යාපාFriday, 15 November 2019 05:17 PM
Sirimal ඔව් අනිවාර්යයෙන්ම කොහොමද නේද? මේ අය ආවොත්... ආයෙත් ඇතිකරනවා කියපු ප්‍රේමදාස යුගය නැවතත් ආරම්භ වෙමින් පවතී.
ගල්කටස් Friday, 15 November 2019 03:36 PM
සජිත් පුතාණෝ තාත්තගේ අඩි පාරේ යයි...
යාපා Friday, 15 November 2019 05:00 PM
ප්‍රේමදාස යුගයක් නේද ඇතිකරනවා කිව්වේ? හරි නේද? දැන්ම මෙහෙම නම් දිනුවොත් කොහොම වෙයිද? මේ රට බේරගැනීම ජනතාවගේ වගකීමකි..
Thilina Friday, 15 November 2019 06:12 PM
සිරිමල් හෙට හවස වෙනකම් හීන බල බලා ඉන්න.. සජිත් අපේක්ෂකකම ඉල්ලලා මීටින් තියනකොට අධ්‍යාපන සුදුසුකම් ප්‍රශ්න කරලා සජිත්ව පතුරු ඇරපු සිරිමල් දවස් දෙකෙන් සජිත් තරම් උගතෙක් නැති විදිහට තමයි කඩේ යන්නේ.. මොන වැරැද්ද කලත් යූඑන්පී නම් ඒවා වැරැදි නෙමෙයි
තාරුණ්‍යය Friday, 15 November 2019 06:23 PM
ඒකට තමයි වහල්කම කියන්නේ යාලුවා. වහලුන් වේගයෙන් වඳවෙමින් පවතී.
mahinda Saturday, 16 November 2019 12:45 AM
වහල් බයියන් සහ ටොයියන් සිටින තාක් රට වලපල්ලට...
Gamarala Saturday, 16 November 2019 04:23 AM
ජනාධිපති වෙන්න කලින්ම තමන්ගේ සුදු වෑන් ක්‍රියාපටිපාටියේ වැඩ පටන් අරන් වගේ... වතු කම්කරුවෝ සජිත්ට තමයි ඡන්දෙ දෙන්නේ කියලා දැනගෙන පහුගිය ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙත් පටන් අරන් වගේ...
weera Saturday, 16 November 2019 05:50 AM
මේක මගේ ගෙවල් ලග උනේ. ඡන්දෙ දුන්නොත් මරනවා කියලා තමයි ආපු අය කියලා ගිහින් තියෙන්නේ... ඒ ගෙවල්වල ඉන්නේ දමිල අය...