IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කුඩාවැල්ලේ වෙඩි තැබීමකින් 4 ක් මරුට

තංගල්ල කුඩාවැල්ල  ප්‍රදේශයේදී අද(25) අලුයම සිදුවූ වෙඩි තැබීමකින් සිව් දෙනෙකු මිය ගොස්  සය දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි  තංගල්ල පොලිසිය කියයි.


 මෙම සිදුවීම  උදෑසන 6.30 ට පමණ සිදු වී තිබේ.


 යතුරුපැදියකින් පැමිණි  නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් තිබේ.


ටී 56 ගිනි අවියකින්  සහ රිවෝල්වරයකින් වෙඩිතැබීම තැබීම සිදු කර ඇතැයි පොලීසිය පවසයි.


මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් නිශ්චිතවම හඳුනාගෙන නොමැති බවත් , කලක සිට දෙපිරිසක් අතර පවතින ගැටුමක් මෙයට හේතුවන්නට ඇතැයි තෙරතුරු  හෙළිවී ඇතැයි පොලීසය පවසයි.

මිය ගිය අය අතර උදෑසන මාළු මිලදී ගැනීම සඳහා පැමිණි පුද්ගලයකු ද සිටින බවත්  පොලිසීය   සඳහන් කළේය.


 නාකුළුගම රජයේ රෝහලේ එක් මළ සිරුරක් තැම්පත් කර ඇති අතර  තංගල්ල මුලික රෝහලේ අනික් මළ සිරුරු තැම්පත් කර ඇත.


පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා මේ  වන විට ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති අතර  තංගල්ල මුලික පොලීසිය පරීක්ෂණ අරඹා ඇත.

 අම්බලන්තොට, හුංගම, සුරියවැව,වලස්මුල්ල,  යන පොලිස් ස්ථාන වලින්ද  මෙහි පරීක්ෂණ කටයුතු සඳහා කැඳවා ඇත.

 

 (ඡායාරූප - අනීෂා මානගේ )

 



අදහස් (9)

කුඩාවැල්ලේ වෙඩි තැබීමකින් 4 ක් මරුට

sachith Tuesday, 25 December 2018 04:39 AM

මේක මේ අලුත් දෙයක් නෙවෙයිනේ. රටම දන්නවා දකුණේ පතාල කල්ලි 2ක් අතරේ මේ ඇහැට ඇහැක් රණ්ඩුව තියෙනවා කියලා. එහෙම එකේ පොලිසිය නිකන් දන්නේ නෑ වගේ ඉන්නේ.. මේවා පිටිපස්සේ මේ රටේ පිළිකාව වෙච්ච දේශපාලකයන් ඉන්න නිසා. මේවට සම්බන්ධ නැති අහිංසක මිනිස්සුත් මේවායින් නිකන් මැරුම් කනවා...

:       0       86

ගල්කටස් Tuesday, 25 December 2018 05:06 AM

ලංකාව දැන් මිනිමරුවන්ගේ රාජධානියක් කුඩ්ඩන් රජ වෙලා... මේ කාලකණ්නි හැත්ත ඉවර කරන්න ලංකාවට කොන්දක් අැති අවංක රළු නායකයෙක් අවශ්‍යයි. අපට ප්‍රජාතන්ත්‍රවාදය යහපාලනය වැඩක් නැහැ.. නීතියට බය මිනිසුන් අැති රටක් හැදුවා නම් එච්චරයි.. එල්ලුම් ගහ කටින් බතල විතරයි අපිට කන්න නැතත් කමක් නැහැ. කුඩ්ඩන් පාතාලයන් මරා දමන්න. එ්ක කරන්න ඕන දෙයක් දූ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්...

:       0       149

Ruwan Tuesday, 25 December 2018 05:23 AM

දින පනහයි.. මේ අයලෙන් බේරිලා ඉන්න පුළුවන් වුනේ... අායෙත් පටන් අරගෙන...

:       14       71

Akila viirasekara Tuesday, 25 December 2018 07:03 AM

එක රටේ එකට ඉන්න බැරිනම්. ගමේ එකට ඉන්න බැරිනම් මෙහෙම තමතමන් තුවක්කු අරන් වෙඩි තියාගෙන මරාගෙන මැරෙන එක හොඳයි. නිකං නඩු අහල ලෝයර්ලට වියදම් කරලා රටේ මිනිස්සුන්ගේ සල්ලි වියදම් නොකර තමන්ගේ වියදමෙන් තුවක්කු අරන් වෙඩි තියාගෙන මැරෙන්න. ඊළඟට අනිත් පැත්තේ තව 4...5ක් මරලා දාවි. ඔහොම ඔහොම ගිහිං ඔක්කොම නැති වුණාට පස්සේ අනිත් අයට සැනසිල්ලේ ඉන්න පුළුවන්...

:       0       0

ravi Tuesday, 25 December 2018 08:05 AM

දවසින්.. දවස අපේ රට " මාරාන්තික පරිසරයක් " බවට පත්වෙනවා... සිද්ධ වෙන දේවල් දකිනකොට පාරේ බැහැල යන්නත් බය හිතෙනවා.

:       0       39

Maaluwa Tuesday, 25 December 2018 08:48 AM

කුඩාවැල්ලේ තිදෙනෙක් මාලු දහස් ගණනක් මරා දමා ඇත...

:       0       14

d.upul Tuesday, 25 December 2018 09:26 AM

නත්තල් තෑගි.

:       0       1

Bamunuarachchi Friday, 28 December 2018 12:20 AM

දවසට 3-4 මිනී මැරෙනවා. කෝටි ගණන්වල කුඩු විකිණෙනවා අපරාධ කරුවන්ට ඇප ලැබෙනවා. නඩු අහන්න අවුරුදු 10-15 යනවා. ඒ අතර තවත් මිනීමරනවා කුඩු ගේනවා. නිවට නායකයින්ට මේවාට විසඳුමක් නැහැ. මේ රට බෞද්ධ රටක්... අන්‍ය ආගම් ජනගහනය අනුව සුළු ආගම්... බුදුන්වහන්සේ මරණීය දණ්ඩනය දෙන්න එපා කියා වදාරා නැත. එහෙනම් ඇයි මිනීමරුවන්ට කුඩුකාරයින්ට මරණීය දණ්ඩනය දෙන්න මෙපමණ අකමැත්ත... කඩේකට ගොස් ටොපියක් ගන්නවා වගේ තුවක්කු මිලට ගන්න පුළුවන් රටවලත් මෙතරම් මිනී මරන්නේ නැහැනේ. මගේ පුද්ගලික අදහස නම් හැමකෙනාටම තුවක්කු පාවිච්චිය අවසර දුන්නොත් මිනීමරුන් අඩුවේවි..!!! මොකද අනිකා ලඟත් තුවක්කුවක් තිබෙන නිසා. මන්ත්‍රීට ජීවිත ආරක්ෂාවට පිස්තෝල දී තිබෙන්නේ ඒ අයගේ ජීවිතය විතරද? ආරක්ෂා වියයුත්තේ...

:       0       0

Bamunuarachchi Friday, 28 December 2018 12:28 AM

රටින් පැන්න පාතාලයෝ ගෙන්නුවේත් මේ ගොල්ලෝම තමා. ඔබලා රටට සහන දෙනවිට කුඩු කාරයින්ට කුඩු ගෙන්වීමේ සහනත්, පාතාලයින්ටත් අදාළ සහනත් දෙනවාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ගෝඨාභය කාදිනල් හිමිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි
2024 අප්‍රේල් මස 25 3071 28

කාදිනල් හිමිපාණන් එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 3360 10

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 2115 5

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 5660 3

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 4067 5

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


උගතුන් විසි පන් ලක්ෂයකට වසර තුනකදී රට එපා වෙලා
2024 අප්‍රේල් මස 22 4689 31

ආර්ථික අගහිඟකම් හේතුවෙන් මෙරට විසිපන් ලක්ෂ හැටපන් දහස් තුන් සිය හැටපස් දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1717 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site