IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


ඔබාමාට - හිලරි ක්ලින්ටන්ට සැක කටයුතු පාර්සල් යවති

වොෂින්ටන්හිදීය/නිව්යෝක්හිදීය (රොයිටර්)

ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා සහ එරට හිටපු රාජ්‍ය ලේකම් සහ ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂිකා හිලර් ක්ලින්ටන් යන අයගේ නිවෙස්වලට සහ ධවල මන්දිරයට සැක කටයුතු පාර්සල් ලැබුණු බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් වාර්තා වේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ රහස්‍ය සේවය (සීක්‍රට් සර්විස්) සහ පරීක්ෂණවලට සම්බන්ධ අයෙක් ද ඒ බව අද (24) තහවුරු කළේය.  

ධවල මන්දිරයට යවන ලද බව කියන සැක කටයුතු පාර්සලය ධවල මන්දිර පරිශ්‍රයට ගෙන යෑමට පෙර වෙනත් තැනකදී ආරක්ෂක අංශ අතට පත්වූ බවත් එම පුද්ගලයා රොයිටර් පුවත් සේවයට පැවැසීය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රබල චරිත දෙකක් වන හිටපු ජනාධිපති බැරක් ඔබාමා සහ හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් යන අයගේ නිවෙස්වලට අමතරව එම පක්ෂයේ ප්‍රධාන ආධාරකරුවකුගේ නිවසකට ද සැක කටයුතු පාර්සලයක් යවා ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙලෙස ඔවුන්ගේ නිවෙස්වලට සැක කටයුතු පාර්සල් කවුරුන් හෝ විසින් එවා ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ මහ මැතිවරණය පැවැත්වීමට සති දෙකකට ආසන්න කාලයක් තිබියදීය. ඇමෙරිකා එක්සත් ජනපදයේ මහ මැතිවරණ ලබන මස 6 වැනිදා පැවැත්වීමට නියමිතය.

මෙවර මහ මැතිවරණය තීරණාත්මක මැතිවරණයක් වනු ඇතැයි ද පැවසේ. මැතිවරණයේ ප්‍රතිඵලය මත ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රස් සභාවේ පාලනය හිමි වනු ඇත්තේ කාටදැයි තීරණය කරනු ඇත. ඇමෙරිකා එක්සත් ජනපදය වර්තමානය වනවිට දැඩි ලෙස ධ්‍රැවීකරණයට ලක්ව ඇතැයි ද දේශපාලන විචාරකයෝ පෙන්වාදෙති.

හිටපු රාජ්‍ය ලේකම් සහ ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂිකා හිලර් ක්ලින්ටන්ගේ නිවසට යවන ලද පාර්සලය සොයාගෙන ඇත්තේ අඟහරුවාදා (23) පස්වරුවේ වන අතර හිටපු ජනාධිපති බැරක් ඔබාමාගේ නිවසට යවන ලද පාර්සලය සොයාගෙන ඇත්තේ අද (24) පෙරවරුවේදීය. පාර්සල් ඇමෙරිකා එක්සත් ජනපද රහස්‍ය සේවයේ නිලධාරීන්ගේ අතට පත්ව තිබෙන අතර ඔබාමා හා හිලරි ක්ලින්ටන් යන දෙදෙනාට කිසිදු අවදානමක් නැතැයි ද එම නිලධාරිහු කීහ.

හිටපු ජනාධිපති බැරක් ඔබාමාට සහ හිලරි ක්ලින්ටන් යන දෙදෙනාට ප්‍රහාරයක් එල්ල කිරීමට ගත් උත්සහාය හෙළා දකිමින් ධවල මන්දිරය අද (24) නිවේදනයක් ද නිකුත් කර තිබිණි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ එෆ්.බී.අයි. ආයතනය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව ද දැනගන්නට ලැබිණි.



අදහස් (0)

ඔබාමාට - හිලරි ක්ලින්ටන්ට සැක කටයුතු පාර්සල් යවති

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සමාජ මාධ්‍යයෙන් අපහාස කළැයි යුද හමුදාපති අධිකරණයට යයි
2024 මැයි මස 07 938 0

අපහාසාත්මක හා අපකීර්තිමත් වීඩියෝවක් නිර්මාණයකර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කළ තිදෙනකුට එරෙහිව යුධ හමුදාපති විකුම් ලියනගේ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍


ජාඇළ කම්හලක ගින්නක්
2024 මැයි මස 07 172 0

ජාඇල ඒකල ප්‍රදේශයේ ඇලුමිනියම් ආශ්‍රිත නිෂ්පාදනා ආයතනයක ඇතිවූ හදිසි ගින්නක් හේතුවෙන් එම කම්හලට මහත් හානියක් සිදුවී ඇතැයි ජාඇළ පොලිසිය කියයි.


දයාසිරි - වලේබොඩ කී ප්‍රශ්නයක් විසඳන්න ජනපති මැදිහත් වෙයි
2024 මැයි මස 07 1287 0

රුසියාවේ සහ යුක්රේනයේ කඳවුරු වල රැකියා දෙන බව කියා එම රටවලට රැගෙන ගිය හිටපු හමුදා භටයන් හයසීයකට අධික පිරිසක් බලහත්කාරයෙන් යුද්ධයට යොමු කර ඇතැයි කුරු


පරාටේ තහනම් නීතිය සම්මතයි
2024 මැයි මස 07 985 0

ණය ගෙවීම ප්‍රමාද වන සහ පැහැර හරින පුද්ගලයන්ගේ දේපළ වෙන්දේසි කිරීමට බැංකු ඇතුළු මූල්‍ය ආයතන වලට බලය ලැබෙනපරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන ‘බැංකු මඟින්


‘‘මහ බැංකුව පිහිට වූයේ ලාභ ගන්නම නොවේ‘‘
2024 මැයි මස 07 1310 0

මහ බැංකුව පිහිටුවා ඇත්තේ ලාභ ලැබීමේ අරමුණින් නොවේ. මහ බැංකුව නියාමනය සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතනයක් යැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දල


සජිත්ට අනුරගෙන් අවසන් නිවේදනයක්
2024 මැයි මස 07 3394 0

විපක්ෂයේ සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ මස විසි වෙනිදාට පෙර යෝජිත විවාදය සඳහා දිනයක් ලබා නොදෙන්නේ නම් ඔහු එම විවාදයෙන් පලා ගියා සේ සලක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 546 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2000 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1774 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site