සාමාන්‍ය මගී දුම්රිය සේවා, නගාරාන්තර දුම්රිය සේවා සහ රාත්‍රී තැපැල් දුම්රිය සේවා ලබන අගෝස්තු 12 වැනිදා දක්වා අවලංගු කිරීමට ඉන්දියානු දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඒ අනුව, ජූලි 1 වැනිදා සිට අගොස්තු 12 වැනිදා දක්වා වන දුම්රිය සේවා වෙනුවෙන් වෙන්කළ සියලු ප්‍රවේශ පත්‍ර ද අවලංගු කරන බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ඉන්දියාවට බලපැවැත්වූ ලොක්ඩවුන් තත්වය අනුව යමින්, පසුගිය මාර්තු මාසයේදී ඉන්දීය දුම්රිය දෙපාර්තමේන්තුව සියලු දුම්රිය සේවා තාවකාලිකව අවලංගු කර තිබිණි. පසුව ඉන්දියාව පුරා කොරෝනා වයිරසය ව්‍යාප්තවීම හේතුවෙන් එම අවලංගුකිරීම මැයි 3 දක්වා දීර්ඝ කරන ලදී.
ඉන් අනතුරුව, ජූනි 30 දක්වා දුම්රිය ගමන් නවතාදැමීමට නිලධාරීහු කටයුතු කළහ.
කෙසේවෙතත්, ෂ්රාමික් දුම්රිය සේවය සහ විශේෂ දුම්රිය සේවා සඳහා මෙම තත්වය බලනොපැවැත්වෙන බවත්, ඒවා සුපුරුදු පරිදි ක්‍රියාත්මක වන බවත් ඉන්දියානු දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
ඉන්දියාවේ මගීන්ට විවිධ ප්‍රාන්තවල සිට සිය ගම්බිම් බලා යාම සඳහා යොදාගැනෙන විශේෂ දුම්රියක් ලෙස ඉන්දීය මධ්‍යම රජය විසින් ෂ්රාමික් දුම්රිය සේවාව හඳුන්වාදෙන ලදී. අන්තර්-ප්‍රාන්ත සම්බන්ධීකරණය සඳහා දුම්රිය සේවා නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීම මෙම දුම්රිය සේවාව ක්‍රියාත්මක කිරීමේ අරමුණ විය.
16844
අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ
අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම
කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.
’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන
කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය
කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඉන්දියාවේ දුම්රිය සේවා අගෝස්තු 12 දක්වා අවලංගු කරයි